ඔෆිස් එකේදි අකමැත්තෙන් වුනත් කරන්න වෙන වැඩ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    අපි රස්සාවක් කරන්නෙ ඇයි කියල ඇහුවොත් අපිට දෙන්න තියෙන්නෙ ප්‍රධාන උත්තරයයි. ඒ තමයි සල්ලි හොයන්න කියන එක. ඔයිට වඩා උත්තර වෙනස්වෙන්නෙ තාත්තගෙ බිස්නස් එකේ රස්සාව කරන පුත්තුන්ගෙ සහ තමුන්ගෙම ව්‍යාපාරයකට කලින් අත්දැකීම් ගන්න රස්සාවක් කරන අයගෙ වගේ විතරයි. ඉතිං අන්න ඒ විදියට සල්ලි වෙනුවෙන් රස්සාවක් කරද්දි සල්ලි කියන දේ තියෙන වැදගත්කම නිසාම අපිට සිද්ධ වෙනවා සමහර දේවල්වල අවුල් දරාගෙන ඉන්න. ඒ කියන්නෙ මේ ගොංපාට් මොකක් වුනත් කමක් නෑ මාසෙ අග්ගිස්සට සල්ලි ලැබෙනවානෙ කියල හිත හදාගන්න. මේ කියන්නෙ අන්න එහෙම අකමැත්තෙන් වුනත් දරාගෙන ඉන්න ඔෆිස් ක්‍රියාකාරකම් ලැයිස්තුවක්.

    1. ලොකුකං​

    Disgusting-office-stuff-1.jpg

    ඔෆිස් එක ඇතුළෙ කට්ටිය හරි ආසයි තමුන් ආයතනය වෙනුවෙන් කරපු සහ තමුන්ගෙ නමට තියෙන ලොකුකං කියන්න. කොච්චර අකමැති වුනත් ඔය වගේ දේවල් අහගෙන ඉන්න සිද්ධ වෙනවා. මොකෝ ඉතිං බොරු කියන්නෙපා යකෝ කියල දමල ගහන්න බැහැනෙ. ලොකු ලොක්කො තමන්ව මිතුරෙක් විදියට ගණං ගන්න හැටි, සල්ලි නං මොනාද මල්ලි, මේ දැනුත් ලොක්ක මගෙන් ආයතනය ගොඩගන්නත් උපදෙස් ඇහුවා කියලා වගේ ටෝක්ස් තමයි දෙන්නෙ. හැබැයි ඉතිං කට්ටිය සෙට් වෙන වෙලාවට සල්ලි කීයක්වත් දාන්නෙත් නෑ, ලොක්කා පොරව ගණං ගන්නෙත් නෑ. දුක තමයි.

    2. ජෝක්ස්​

    මේක තමයි අනිත් කරුමෙ. දැන් ඉතිං ඔය මහ බොසා හෝ ද්විතියික බොසෙක් ජෝක්ස් එකක් දැම්මම ඔෆිස් එකේ උන් රසල් පීටර්ස් සිංහලෙන් කතා කරනව වගේනෙ එවුවට හිනාවෙන්නෙ. ඉතිං ඔවුවට හිනා නොවිත් බෑ. මොකෝ ඉතිං බොසාලා වසරාවසාන ලකුණු දැමීමේ සටහනේදී ජෝක්ස්වලට ලබා දුන් හිනා දායකත්වයත් බලන නිසා ඒ ඒ අවස්ථාවෙදි හරි විදියට හිනාවෙලා ඒ විදියටවත් ගොට්ට අල්ලලා ඉන්න සිද්ධ වෙනවා. මොකද අනිත් මිනිස්සු ගොට්ට අල්ලන්නෙ ඊට වඩා බැරෑරුම් විදියට නිසා අපිට යම් තත්ත්වයකට කිට්ටු වෙන්න නං තරමක දායකත්වයක් හිනාවෙන් හෝ දක්වන්න සිද්ධ වෙනවා. පඩියත් හරි ගොං ජෝක්වලට හිනාවෙන එක තමයි අවුල.

    3. ගොං පාට්​

    ඔෆිස්වල අනිත් අවුල තමයි ඉතිං ගොං පාට්වලට පෙනීසිටින්නට සිදුවීම. දැන් ඔය ඔෆිස්වලින් අවුරදු උත්සව වගේ දේවලුත් කරනවනෙ. අපේ උන්දලා ඒවට සහභාගි වීම අනිවාර්ය කරලා නිසා හිත් තැවුලෙන් වුනත් ඒවට යනව. ප්‍රශ්නෙ වෙන්නෙ ඔතනට ගියාම තමයි. හොරාට ගියා වගේ නෙමෙයි, කැමරා මැද්දෙ හද්දා නාකි සංගීත පුටු තරඟවලට ඉද්දි, ආජුතපර ලාහිලා වලට නටද්දි, පිටි ගොඩවල්වල දණගහගෙන ජෝගි නටද්දි තියෙන අවුල දන්නෙ එවුවයෙ බැරිබැරියාවෙ හිටගෙන ඉන්න උන්ම විතරයි. හැබැයි ඉතිං සහභාගි වීම අනිවාර්ය වීම නිසාම අකමැත්තෙන් වුනත් කට්ටියට මෙහෙම එවුවට මුහුණදෙන්න සිද්ධ වෙනවා.

    4. අතේ තියෙන නිවාඩු​

    ආයතනයකින් වසරකට නියමිත නිවාඩු ප්‍රමාණයක් තියෙනවා. එක එක ඔෆිස්වල එක එක නීතිවලට යටත් වෙලා නිවාඩු ගාණ වෙනස් වුනාට කට්ටිය තමුන්ට තියෙන නිවාඩු ගාණ ගැන දැනුවත් වෙලයි රස්සාවට එන්නෙ. හැබැයි දැනුවත් වුනා කියල මදියි. ලංකාව පුරුදු වෙලා තියෙන විදිය තමයි, සේවකයාගේ අයිතිවාසිකමක් වෙච්ච නිවාඩුව ගන්නත් හාම්පුතා ගාව බඩගාන්න පුරුදු වෙලා තියෙන එක. මේකෙන් වාසි ගන්න හාම්පුතාලා සේවක නිවාඩු කප්පාදුව ලෙසටම කරගෙන යනවා. අතේ තියෙන නිවාඩුව ගන්නත් තුනට විතර නැවිලා දත් සෙට් එක දාලා හිනා වෙන්න සිද්ධ වෙන එක බැරි අමාරුවෙන් හරි කරන්න සිද්ධ වෙන අවුලක්.

    5. ඕකා බල්ලා!​

    ඔෆිස් එකේ උන් ලොක්කා ළඟක නැති වෙලාවට කරන ප්‍රධානම දේවල් අතරේ අතිප්‍රධාන දේ තමයි ලොක්කට බනින එක. ලොක්ක නිදහසේ වැඩ කරන්න දෙනවනං, ලොක්ක වෙලාවට පඩි දෙනවනං අමුතුවෙන් ලොක්කට බනින්න හේතුවක් නැහැනෙ. හේතුවක් තිබුනත් තමුන්ට රැකියා ස්ථානය හරියන්නෙ නැත්තං, තමුන් දක්ෂයෙක් නං තමුන්ට හැකිවෙන්න ඕන මීට වඩා හොඳ රස්සාවක් හොයාගන්න. එහෙම නැතුව ලොක්කොන්ව හදන්න උත්සාහ කරන එක නං හද්දා ගොං වැඩක්. අපි මේ කියන බුවාලා වටවෙලා ලොක්කට බනින්නෙ අන්න ඒ වගේ හේතු තියාගෙන. හැබැයි ඒ බනින වෙලාවට අපි එතන ඉඳලා ඒ බනින බැනිලිවලට හූමිටි නොතිබ්බොත් කට්ටිය හිතන්නෙ අපි ලොක්කට කඩේ යනව කියල. ඊටපස්සෙ අමුතු හැඳිවලින් ඔෆිස් එක ඇතුළෙ බනින්න ගත්තම රස්සාව කරගෙන යන්න අමාරුයි. අන්න ඒ නිසා අකමැත්තෙන් වුනත් ඔලුව වනන්න වෙනවා.

    6. අවුල් බීම්​

    කට්ටිය ඩ්‍රින්ක් එකකට සෙට් වෙනවා කියන්නෙ මේ වෙද්දි හන්දියෙ බේබද්දො ටික බෝක්කුවක් ගාව කසිප්පු ගහනව වගේ වැඩක් නෙමෙයි. ඒක සංයමයක් තියෙන වෙනම කල්චර් එකක්. ඒක ආතල් පිට හිත සැනසිල්ලේ සිද්ධ වෙන්න ඕන දෙයක්. ඔය වගේ දේකට සෙට් නොවෙන කණ්ඩායම් මගහරින එක තමයි හිත සතුටෙන් අඩියක් ගහන ඕනම ප්‍රාණියෙකුගේ හීනය වෙන්නෙ. හැබැයි ඔෆිස් එකේ ඩ්‍රින්ක් එක දාන සෙට් එක හොඳ වුනත්, නොහොඳ වුනත් එතනත් එක්ක සෙට් වෙන්නම සිද්ධ වෙන තත්ත්වයක් තියෙනවා. නැත්තං කට්ටිය කතා හදන්නෙ ලොකු ලයින් කියලා. අන්න ඒ නිසාම ගොඩක් අය අකමැත්තෙන් වුනත් ඔෆිස් එකේ සෙට් වෙනවා.

    7. සිදුනොවෙනා බව දැනුන​

    ඔෆිස්වල මීටින් කියන්නෙ මේ ලෝකෙ කාලෙ කන්න හදපු ලොකුම දේ වෙන්න පුළුවන්. වෙනම පුටු මේස, ඒසී, වතුර බෝතල්, ප්‍රොජෙක්ටර් දාගෙන කියන මේ කතා ඇතුළෙ සඳහන් වෙන කිසිම දෙයක් සිද්ධ නොවෙන්න තමයි ඉඩ වැඩි. ඒ තරමට ආයතනගත පට්ටපල් බොරු කියවෙන තැනක් තමයි මීටින් කියන්නෙ. ඉතිං මේ මීටින්වල සිද්ධ වෙන්නෙ කොච්චර බොරුව වුනත් ඒවට යන්න සහ ඒවට මුහුණ දෙන්න කට්ටියට සිද්ධ වෙනවා. ඇයි ඉතිං නැත්තං කියන්නෙ මූ මීටිමටවත් ආවෙ නෑ කියලනෙ
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113

    4. අතේ තියෙන නිවාඩු​

    ආයතනයකින් වසරකට නියමිත නිවාඩු ප්‍රමාණයක් තියෙනවා. එක එක ඔෆිස්වල එක එක නීතිවලට යටත් වෙලා නිවාඩු ගාණ වෙනස් වුනාට කට්ටිය තමුන්ට තියෙන නිවාඩු ගාණ ගැන දැනුවත් වෙලයි රස්සාවට එන්නෙ. හැබැයි දැනුවත් වුනා කියල මදියි. ලංකාව පුරුදු වෙලා තියෙන විදිය තමයි, සේවකයාගේ අයිතිවාසිකමක් වෙච්ච නිවාඩුව ගන්නත් හාම්පුතා ගාව බඩගාන්න පුරුදු වෙලා තියෙන එක. මේකෙන් වාසි ගන්න හාම්පුතාලා සේවක නිවාඩු කප්පාදුව ලෙසටම කරගෙන යනවා. අතේ තියෙන නිවාඩුව ගන්නත් තුනට විතර නැවිලා දත් සෙට් එක දාලා හිනා වෙන්න සිද්ධ වෙන එක බැරි අමාරුවෙන් හරි කරන්න සිද්ධ වෙන අවුලක්.

    lankawata investment enne nethi wenna eka hethuwak thhama me leaves issue eka.
    lankawe denata annual leaves 14, casual leaves 7 denawa. okata amatharawa week eka meda kochchara holidays enawada ??? ekath eka eka years wala wenas wenawa (Poya). Europe wala nam bank hoilday ekak denne mondays. sathiye meda holidays nethima tharam (Christmas hera)

    onna oya seen eka nisa thama office wala leaves denna amaru. moko padi denne production ekak contiguously process karanna ne. poya wetenawa Thursday. ape un danawa friday off. puluwannam monday th danna balanne. niwadu thiyanawa thama but me wage gattama kohomada office ekak run wenne. dekala ethine year eka enna kalinma holidays balana manasikathwaya.

    lankawe thiyana thawa gon rule ekak thama maternity holidays walata employer pay karana eka. wena hema ratakama eka denne anduwen. lankawe anduwe responsibility eka company ekata denawa. ethakota 4 months paid leaves walata pay karanna one. hariyata beluwoth 4 months bonus wage. ita passe annual leaves tikath ekatama danna balanne. employee petten rights thiyanawa but responsibility eka ko ??? company eka gena hithanne ne neda thamata kanna padiya dena ??? oya mindset eka nisa thama lankawe develop wenne nette.
     
    ඒ කතාව හරි. නමුත් ඔෆිස් වලම වැඩ කරත් මාසෙට අනිවාර්‍ය රජයේ නිවාඩු වලත් අනිවාර්‍යයෙන් වැඩ කරන්න ඕන අය ඉන්නවනෙ. එයාලගෙ පැත්තෙන් බැලුවම ඔය කතාව තරමක් අසාධාරණයි :yes:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    Ai ban lokka naaki ganiyek welath ekita katata denna wena eka. Ba kiyannath ba rassawa watinawane
    අඩෝ මරුනෙ ඕයි :lol:
    මට තියන ලොකුම අවුල තමා නිදහසේ පඩයක් වත් යවන්න බැරි එක.
    එක්කෝ සද්දේ ඇහෙයි නැත්තම් ගද පැතිරෙනවා.

    :lol:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,973
    15,425
    113
    lankawata investment enne nethi wenna eka hethuwak thhama me leaves issue eka.
    lankawe denata annual leaves 14, casual leaves 7 denawa. okata amatharawa week eka meda kochchara holidays enawada ??? ekath eka eka years wala wenas wenawa (Poya). Europe wala nam bank hoilday ekak denne mondays. sathiye meda holidays nethima tharam (Christmas hera)

    onna oya seen eka nisa thama office wala leaves denna amaru. moko padi denne production ekak contiguously process karanna ne. poya wetenawa Thursday. ape un danawa friday off. puluwannam monday th danna balanne. niwadu thiyanawa thama but me wage gattama kohomada office ekak run wenne. dekala ethine year eka enna kalinma holidays balana manasikathwaya.

    lankawe thiyana thawa gon rule ekak thama maternity holidays walata employer pay karana eka. wena hema ratakama eka denne anduwen. lankawe anduwe responsibility eka company ekata denawa. ethakota 4 months paid leaves walata pay karanna one. hariyata beluwoth 4 months bonus wage. ita passe annual leaves tikath ekatama danna balanne. employee petten rights thiyanawa but responsibility eka ko ??? company eka gena hithanne ne neda thamata kanna padiya dena ??? oya mindset eka nisa thama lankawe develop wenne nette.
    If a company cannot function when it's employees are on leave, then it means that employees are over loaded.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    ජොබ් කරන ගෑනුන්ට මීට වඩා ප්‍රශ්න තියෙනව. ඒ ගැන හිතල හිත හදාගනින්

    ඩිප්‍රෙසන් ත්‍රෙඩ් එකක් ඕපන් කරන්ඩ ඉඩ තියන්න එපා මට :lol:
    ඒවයි ගෑණු පිට යන විදිය දැක්කම කෙල්ලෙක් ජොබ් එකට එවන්න දෙපාරක් හිතන්න වෙනවා. හොඳට ඉන්න උනුත් එහෙමනෙ
     
    • Haha
    Reactions: Master malli

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    Ayi bn eca eca wayas wala un ecca catha cranna wena eca
    Badapu unge vibe eca nm epama wenwa

    එක එක වයස් වල උන් නැත්නම් ඒලෙවල් ක්ලාස් වල වගේ වයස බලල ජොබ් එකට ගන්නද කියන්නෙ මිනිස්සුන්ව :frown: :lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඒ කතාව හරි. නමුත් ඔෆිස් වලම වැඩ කරත් මාසෙට අනිවාර්‍ය රජයේ නිවාඩු වලත් අනිවාර්‍යයෙන් වැඩ කරන්න ඕන අය ඉන්නවනෙ. එයාලගෙ පැත්තෙන් බැලුවම ඔය කතාව තරමක් අසාධාරණයි :yes:

    ape nam office eke anduwe niwadu ekak wath denne ne. moko api weda karanne wena rataka holiday calendar ekata
    lankawe main wa ewa hera anith ewa okkoma denne mondays wala. kata hari kiyanna puluwan apita asadaranai kiyala.
    ow ehema nokaloth office eka wahanna wenawa. ethakota job eka ne
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    ape nam office eke anduwe niwadu ekak wath denne ne. moko api weda karanne wena rataka holiday calendar ekata
    lankawe main wa ewa hera anith ewa okkoma denne mondays wala. kata hari kiyanna puluwan apita asadaranai kiyala.
    ow ehema nokaloth office eka wahanna wenawa. ethakota job eka ne

    ඒකනෙ. ඒ වගෙ ඒව තියෙනවා. මොකක්ද ඔෆිස් එක it related ද
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    එක එක වයස් වල උන් නැත්නම් ඒලෙවල් ක්ලාස් වල වගේ වයස බලල ජොබ් එකට ගන්නද කියන්නෙ මිනිස්සුන්ව :frown: :lol:
    Ow bn carima borin
     
    • Sad
    Reactions: Erzo

    planner123

    Well-known member
  • May 22, 2018
    8,973
    15,425
    113
    Eka waradine :confused: employees la adunam eken bagayak leave gaththama kohomath company ekak run karanna bane?
    Serama unta eka paara leave dena cn ekak nemei kiyanne. Ekek nathi wunama serama hira wenawa nam eka awulak higher management eke decision making wala.
     
    • Love
    Reactions: Erzo