ඕමානයේ ලාංකික වෛද්‍යවයෙකුට තහනහක් පනවයි.. කාන්තා රෝගීන්ට අතවර කරලා…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ඕමානයේ සේවය කරන ලංකාවේ වෛද්‍යවරයෙකු කාන්තා ලිංගික අතවර චෝදනා මත ඕමානයේ වෛද්‍ය අධිකාරිය මගින් තහනමක් පනවා ඇත.

    අවස්ථා කීපයකදී කාන්තා රෝගීන්ට ලිංගික අතවර කල බවට ඔහුට එරෙහිව පැමිණිලි ලැබී තිබේ.

    කලක් ලංකාවේ සේවය කල මෙම වෛද්‍යවරයා මීට වසර කිහිපයකට ඉහත දී ඕමානයේ රැකියාවක් සඳහා විදේශ ගතවූ අයෙකි.

    රෝගී තරුණ කාන්තාවන්ට ලිංගික අතවර කිරීම පිලිබඳව ඔහු සම්බන්ධයෙන් පැමිණිලි ගනනාවක් බලධාරීන් වෙත ලැබී ඇත.

    ඕමානයේ සේවය කරමින් සිටියදී මෙම අතවර සිදු කොට තිබේ.

    රෝහල් පරිගණක භාවිතා කරමින් සමාජ මාධ්‍ය හරහා සම්බන්ධවී ද කාන්තාවන්ට අතවර කල බවටත් චෝදනා ලැබී ඇති බවත් එම නිසා අදාල පරීක්‍ෂණ අවසන් වන තෙක් මෙම වෛද්‍යවරයාට රෝහල මගින් තහනමක් පනවා තිබෙන බව ආරංචි මාර්ග පවසයි.

    පසුගිය කාලයේ මෙම වෛද්‍යවරයා ගැන කාන්තා සංවිධාන කීපයක් විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද පැමිණිලි ඉදිරිපත් කොට තිබින.
     
    • Like
    Reactions: Nidarshana_k