ඕමි , 304 ඔන්ලයින් ප්ලේ කිරීමට හැකිද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,111
    1
    8,995
    113
    -~උලක් උඩ-~
    ඕමි , 304 ඔන්ලයින් ප්ලේ කිරීමට හැකිද?

    scattered-cards.jpg


    මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න තමයි මම හදන්නෙ. ඇත්තටම දැනට පවත්නා අන්තර්ජාල තාක්ශන මගින් මේවා ක්‍රීඩා කිරීමට යන් තරමකට හැකියාවක් තියනවා..මම ඒක ප්‍රක්ටිකල්ද කියලා බලන්න තමයි හදන්නෙ. 304 ඕමි කියන්නෙ මම හිතන්නෙ ශ්‍රී ලන්කාව , ඉන්දියාව වැනි රටවල් දෙකතුනක ප්‍රචලිත ක්‍රීඩාවක් නිසා මේකටම වෙන්වුන පරිඝනක වැඩසටහන් හොයාගන්න අමාරුයි. නමුත් මට හමුවුනා වර්චුවල් කාඩ් පැක් එකක්.. ඒකෙන් අපිට ක්‍රීඩාවක් අපි විසින් හදාගෙන සෙල්ලම් කරන්න පුලුහන්...මම හිතන්නේ හතරදෙනෙකුට හෝ හය දෙනෙකුට බොහොම පහසුවෙන් සෙල්ලම් කරන්න පුලුහන්...මේක වෙබ් අඩවියක්. අපිට අවශ්‍ය කාමරයකට ඇතුලු වූ පසු එය අපට අවශ්‍ය ආකාරයට සකස් කරගත හැකියි. මේ 304 හෝ ඕමි ක්‍රීඩාවට සුදුසු පරිදි සකස් කල කාමරයක ස්වරූපයයි.
    E3rcuhb.png

    ඔය 1,2,3,4 කියලා අංක කරලා තියෙන්නෙ ක්‍රීඩකයෝ 4 දෙනාගෙ කාර්ඩ්ස් තියන තැන්.. ඒක කරන්නෙ කාර්ඩ් බෙදන කෙනා. ඊට පස්සෙ ඒවා තමන්ගෙ කාර්ඩ් තියන තැනට අරන් තියාගන්න එකයි තියෙන්නෙ. ඊට පස්සෙ කර්ඩ් සෙල්ලම් කරන්න පුලුහන්.. වැඩේ තියෙන්නෙ මේකයි ...අපි කාර්ඩ්ස් අතක් කැපුවයින් පස්සෙ එහෙම ඕනෙ කෙනෙකුට කාර්ඩ්ස් එකතු කරගන්න පුලුහන්.. හරි කෙනා හෝ වැරදි කෙනා.. ඒවගේම 304 වගේ කරද්දී බාල්දුවක් එහෙම දැම්මොත් ඕනෙ කෙනෙක්ට ඒ කර්ඩ් එක එවෙලෙම ආපහු හරවන්න පුලුහන්. ඒක නිසා මේක කඩාකප්පල් කරන කෙනෙකුට ඒක කරන එක සුලු දෙයක්. ඒවගේම මේක කරද්දී ටෙක්ස්ට්ස් චට් කර කරා තමයි අනිවාර්යෙන්ම කරන්න වෙන්නෙ. මොකද ඔයගොල්ලෝ හිතන්නේ මේක ප්‍රැක්ටිකල්ද? ටෙස්ට් කරලා බලමුද , කැමති අය ඉන්නවද?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,111
    1
    8,995
    113
    -~උලක් උඩ-~
    මන් මගෙ ලැප්ටොප් එකෙනුයි ඩෙස්ක්ටොප් එකෙනුයි රූම් එකකට ලොග් ඉන් වෙලා බැලුවා දෙන්නෙක්ට නම් හොඳට වැඩ කරනවා:yes: