ඕස්ට්‍රේලියානු දිනයේ ගැඹුරු සත්‍යය අපි දන්නවාද?

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113


    #australiaday #AboriginalWisdom #Sinhala "ආදිවාසී ඕස්ට්‍රේලියානු ජනයා ඉඩම් බෙදුවේ කම්බි වලින් නොව, කතන්දර වලිනි" මෙම වීඩියෝව තුළින් ආදිවාසී ඕස්ට්‍රේලියානු ජනයාගේ භූමිය පිළිබඳ වූ ගැඹුරු දැක්ම ගවේෂණය කරමු. ඔවුන්ගේ 'ගීත රේඛා' (Songlines) සහ කතන්දර මගින් භූමියට ඇති සම්බන්ධය, යුරෝපීය ජනාවාසකරණය සමඟ සසඳා බලන්නෙමු. ඕස්ට්‍රේලියානු දිනය (January 26) එක්සත් කිරීමේ දිනයක් ලෙස සැමරීමට අපට හැකිද? ශ්‍රී ලංකාවේ සහ විදේශගතව ජීවත් වන සිංහල ජනයා ලෙස, මේ භූමියේ ඉතිහාසය, සංස්කෘතිය සහ ගරුත්වය පිළිබඳව කතාබහක යෙදීම වැදගත් වන්නේ ඇයි? ඉන් අපට උගත හැකි පාඩම් මොනවාද? කරුණාකර ඔබේ අදහස් සටහන් කරන්න..
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    ඔස්ට්‍රේලියානු දිනය කියන්නෙ ඕස්ට්‍රේලියාව යූරෝපියානුවන් විසින් ආක්‍රමනය කරපු දවසනෙ. උන්ගෙ රට ආක්‍රමනය කරපු දවස සමරන රටක් දැක්කමයි. වෙන උන් සමරන්නෙ නිදහස් දවස්නෙ.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    ආක්‍රමිකයා දිනපු නිසා යටපත් කල දවස රටේ දවස වෙනවා.

    නමුත්, ආක්‍රමණය කල දවසයි, සීමිත වරදවල් සදහා පමණක් සමාව ඉල්ලන දවසකුත් තියෙනවා -> National Sorry Day

    එතකොට මේ දෙක යම් ආකාරයකට සමතකයට පත් වෙනවා ඇති ආදිවාසීන්ගේ පැත්තෙන් බැලුවොත් මම හිතන්නේ.
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda