ලංකාවට වඩා ලස්සන තැන් ගොඩක් තියෙනවා. වැඩේ තියෙන්නෙ එකකට එකක් ගොඩක් ඈතින් තියෙන්නෙ. ඒ වගේම රටේ ප්‍රමාණෙට සාපේක්ෂව මදි. ඒකයි. හැබැයි ලංකාවට වඩා උනත් බලන්න තැන් වැඩියි.
සති ගානකට, මාසෙකට ටුවර් ඇවිත් ඒව බලන්න යන්න වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට. එතකොට බලන්න තැන් නෑ වගේ හිතෙන එක සාධාරණයි.
සමහර තැන්වල ඇති දෙයක් නැති බව ඇත්ත.
ඔව් ඔව් වැරදියට ගන්න එපා. මම අදහස් කලෙ Aussie හෙන අවුල් කියන එකක් නම් නෙමේ. මම අදහස් කලෙ සාමාන්‍යයෙන් අපි රටක් බලන්න ගියාම vacation එකකට ඒ ඉන්න කෙටි කාලය තුල එක තැනක් නෙමෙයිනෙ බැලෙන්නෙ. තැන් කිහිපයකට යනවනෙ. අපිට ඒ ඒ රටේ හැම දේම බලන්න වෙන්නෙ නෑනෙ.
දැන් ලන්කාවෙ හිටියත් අපි බලල තියෙන්නෙ කොච්චර පොඩ්ඩද. මේ පොඩි රටෙත් කොච්චර දේවල් අපි බලල නැද්ද.
හැබැයි ඒ ඒ රටට ගිහින් ඒ vacation එක ඉවර වෙලා එද්දි අපි ගිය අනෙක් රටවලට සාපේක්ශව අපි self-evaluation එකක් කරගන්නවනෙ අපිට ඒ කාලය තුල දැකපු දේ වලින් ඒ රටේ තිබ්බ දේවල් වල ලස්සන සහ අපිට ලැබුන impression එක ගැන. සරලව කිව්වොත් ඒ රටේ first impression එක, ඒ රටේ මිනිස්සු, බලන්න තියෙන වටපිටාව, පහසුකම්, ආරක්ෂාව වගේ දේවල් ගැන average එකක්.
එහෙම ගත්තම අනෙක් බලපු රටවලට සාපේක්ශව අර මම කිව්ව "බලන්න තියෙන වටපිටාව" කියන segment එකෙන් ඔසී මට බෝරින් වුනා කිව්ව එකයි කිව්වෙ. එහම නැතුව රට හොද නෑ කියන එක නෙමෙයි. Climate එක සහ අනෙක් segment වලින් ගත්තම යුරෝප් වලට වැඩිය මට හිතෙන්නෙ ඔසී හොදයි.
දැනට ගිය ඒවගෙන් overall average එකක් ගත්තම හොදම රටවල් මම දැක්කෙ Asian region එකේ. දැක්ක ලස්සනම රට Swiss . ඒකනම් Paradise එකක් එකෙන්ම. ඒකට ගහන්න එකක් මම ගිය ඒවගෙන් තාම ලගටවත් නෑ. මේ මගේ experience එක. කෙනාගෙන් කෙනාට මේක වෙනස්.
Asian region එකේ තිබ්බ එකම අවුල දැනුනෙ මට රස්නෙ. සමහර රටවල් ලන්කාවට වඩා රස්නයක් දැනුන. මොකද මම ගොඩ වෙලාවට Vacation වලට ගිය හැම රටකටම travel කරල තියෙන්නෙ April season එකේ. ඒ කියන්නෙ රස්නෙ වැඩි කාලෙ. Winter එකට නම් ගියත් ලොවෙත් Asian region එකෙන් පිට යන්නෙ නෑ.
මම දන්න තරමින් මේ කාලය ගත්තම මයිග්රේට් වෙන අයට overall හොදම රටවල් 02 ක විදිහට මම දකින්නෙ ඔසී සහ USA. හැබැයි ඔය එක රටකවත් මම ලොකු කාලයක් ජීවත් වෙන්න ගිය කෙනෙක් නෙමෙයි. Only Vacations. ඒක නිසා ජීවත් වෙන කෙනෙක්ගෙ experience එක මට නෑ. ඒක නිසා මම වැරදි වෙන්න පුලුවන්.
එහෙම නෑ බන් මෙහෙත් හොරු ඕන තරම් ඉන්නවා. පොලිසියෙන්ම කියනවා වාහනවල බෑග් තියලා යන්න එපා කියලා හොරු කඩනවා. විශේෂයෙන්ම එහෙම හොරු ඉන්න පෑති තියෙනවා. ඒ පෑතිවලට වෙන රටවලින් එන මිනිස්සු පදින්චියට යනවා අඩුයි. ඒකයි හුගක් වෙලාවට අපේ මිනිස්සු ඒවා ගෑන දන්නේ නෑත්තේ
මෙහේ පුදුම ලස්සන තෑන් තියෙනවා බන්, තස්මේනියා, බ්‍රිස්බේන් ගියානම් එහේම තෑන් හුගක් තියෙනවා. ඒවාට ඉතින් යන්න ඕනේ. හුගක් වෙලාවට ප්‍රදාන නගර වලින් ඈත තියෙන්නේ ඒ වගේ තෑන්. යුරෝපේ තරම් නම් ලස්සන තෑන් සෙට් වෙලා නෑ ඒත් ජිවිත කාලෙකින් බලලා ඉවර කරන්න පුලුවන් ලස්සන දේවල් මේ රටේ තියෙනවා
True

------
Post added on Feb 5, 2025 at 10:40 AM