කංජිපානි ඉම්රාන්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කංජිපානි ඉම්රාන්

    ඩුබායි හි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන පොලීසිය භාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් පාතාලයේ කුඩු ජාවාරම්කරුවෙකු, මුස්ලිම් කුඩු ජාලයේ ජාත්‍යන්තර අතරමැදියෙකු හා මංකොල්ල ඝාතන මෙහෙයවන්නෙකු ලෙස ප්‍රකටව සිටින්නෙකි. ඔහු කළ නොයෙකුත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා පවතින නමුත් ඔහු නීතියේ රැහැනින් මිදී කාලයක් තිස්සේ
    කටයුතු කළේය. මේ අතර අද වාර්තාවූයේ ඔහුට අධිකරණය බරපතළ වැඩ සහිතව වසර 6ක සිරදඬුවම් නියමකර ඇති බවයි.එසේ දඬුවම් නියම වී ඇත්තේ ගංජා කිලෝ ග්‍රෑම් 5.3 ක් ළඟ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීමේ වරදකටයි.
    ඔහු සම්බන්ධයෙන් වාර්තාවූ කරුණු වලට සාප්කේෂව මෙය සුළු ප්‍රමාණයේ වරදක් වුවත් ඔහු කලකට බන්ධනාගාරයේ කාලය ගතකරමින් සිටිනු ඇත.

    කංජිපානි ඉම්රාන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ

    අධිචෝදනා ගොනු කළ අතර ,විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ අද නඩුව කැඳවනු ලැබී ය.

    එහිදී කංජිපානි ඉම්රාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතා කියා සිටියේ , තම සේවා දායකය මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවයි.

    ඒ අනුව එක් චෝදනාවකට වසර 03 බැගින් වසර 06 ක බරපතළ වැඩසහිත සිර දඬුවම් ලබා දීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ ය.

    කංජිපානි ඉම්රාන් නමැත්තාට මිනීමැරීම, මිනි මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම හා මත්කුඩු ජාවාරම් සම්බන්ධ විවිධ අධිකරණවල තව නඩු 27 ක් පමණ පවතින අතර ඒවා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවේ.ඔහු සිරගතව සිටින කාලයේ ඒවාටද පෙනී සිටිනු ඇති බවත් ඔහු ඒවායේ වරදකරු බවට පත්වුවොත් මෙම සිරදඩුවම තවත් වැඩි වනු ඇති බවත් නීති අංශ ආරංචි වලින් පැවසේ.


    punde system eka

    apita tamay okkoma law

    kar*&^ge nakkaleta dana hinawa...:angry::angry:


    kdruL1j.jpg
     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ජේලර් ලට පගාව දීගෙන එලියේ ඉන්නවට වඩා හොදින් මුන් බිස්නස් ටිකත් කරන ආතල් එකේ ඉන්නවා.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මොකක්ද දැන් ප්‍රශ්නේ? අනිත් නඩුවලින් නිදහස්ද?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නඩු 28 න් එකකට විතරයි දඩුවම් ..අනිත්වයින් නිදහස්? :angry::angry::angry:

    අබගෙඩි දෙකක් කඩපු අම්මව හිරේ දාපු නිතිය :angry::angry::sorry:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මරුසිරා;24727627 said:
    නඩු 28 න් එකකට විතරයි දඩුවම් ..අනිත්වයින් නිදහස්? :angry::angry::angry:

    අබගෙඩි දෙකක් කඩපු අම්මව හිරේ දාපු නිතිය :angry::angry::sorry:


    foolishness 100 % :P