කච්චතිව් සමීපයේ ධීවර කටයුතු

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කච්චතිව් සමීපයේ ධීවර කටයුතු

කච්චතිව් සමීපයේ ධීවර කටයුතු බෑ - ඉන්දීය රජය පිළිගනියි

කච්චතිව් දූපත ආසන්න මුහුදේ ධීවර කටයුතුවල නිරතවීමට ඉන්දීය ධීවරයින්ට අයිතියක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය විසින් අවධාරණය කර තිබේ.

1974-76 වකවානුවේ ඉන්දීය රජය විසින් ගිවිසුම්ප්‍රකාරව කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට ලබාදුන් බවත්, ඒ අනුව ඒ අවට මුහුදු තීරයේද අයිතිය ශ්‍රී ලංකාවට හිමිව ඇති බවත් ඉන්දීය රජය පෙන්වාදී ඇත.

මැඩ්රාස් මහාධිකරණයේ මහජන සුබසිද්ධිය වෙනුවෙන් ගොනු කළ පෙත්සමකට අදාළව කෙරුණු නඩු විභාගයකදී අනාවරණය කෙරුණේ ගිවිසුම්ප්‍රකාරව සංචාරක ලියවිලි,වීසා ආදිය නොමැතිව වන්දනාවට හා සංචාරයට කච්චතිව් දූපතට ඉන්දීය වැසියන්ට පැමිණිය හැකි බවයි.

එහෙත් ඒ ආශ්‍රිත මුහුදේ ධීවර කටයුතු කිරීම උදෙසා එමගින් අයිතියක් නොපැවරෙන බවත්, මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරතවීම වරදක් බවත් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

එසේ වුවද ඉන්දීය ධීවරයින්ට පහරදීමට හෝ වධහිංසා කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ට අයිතියක් නොමැති බවද මෙහිදී අවධාරණය කර තිබේ.

මැඩ්රාස් මහාධ්කරණයේ වැඩබලන ප්‍රධාන විනිසුරු ශතිස් කේ. අග්නිහොට්රි, විනිසුරු එම්.එම් සුන්දරේශ්, යන විනිසුරුවරුන් හමුවේ අදාළ පෙත්සම සලකා බලන ලද අතර එය වැඩිදුර විභාග කිරීම සති දෙකකට කල්තබා ඇති බව පී.ටී.අයි පුවත් සේවය උපුටා දක්වයි.


අද‍දෙරන ‍