ලංකාවට නැවත යවන ලෙස ඉන්දියාවට ගිය දමිළ සරණාගතයින් ඉන්දීය රජයෙන් ඉල්ලයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,459
    8,614
    113
    ලංකාවට නැවත යවන ලෙස ඉන්දියාවට ගිය දමිළ සරණාගතයින් ඉන්දීය රජයෙන් ඉල්ලයි

    ඉන්දියාවේ වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් මෙරටට ආපසු පැමිණීමට පහසුකම් සපයන ලෙස එරට මධ්‍යම සහ තමිල්නාඩු ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා තිබේ.
    ආර්ථික අර්බුදය හේතුවෙන් තම මව්බිම අතහැර පළාගිය මෙම පිරිසට නිසි සහයෝගයක්, අධ්‍යාපනයක් හෝ රැකියා අවස්ථා ලබාගැනීමට නොහැකිව ඉන්දියාව තුළ අස්ථාවර ජීවිතයක් ගතකරන ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
    2021-2022 වසරේදී මෙරට ඇති වූ ආර්ථික අර්බුද හේතුවෙන් ජීවත්වීමට මාර්ගයක් නොමැති වීම මත මෙම පිරිස ඉන්දියාවේ රැකවරණය පතා මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා ගොස් තිබුණි.
    මෙම පිරිස අතරට පවුල් 96කට අයත් පිරිමි පුද්ගලයින් 15ක් කාන්තාවන් 95ක් පිරිමි ළමුන් 58ක් සහ ගැහැණු ළමුන් 57ක් ඇතුළුව ශ්‍රී ලාංකික දමිළ ජාතිකයින් 315ක් අයත් වන අතර ඔවුන් ඉන්දියාවේ රාමේෂ්වරම් වෙත පැමිණ තිබුණි.
    එහිදී තමිල්නාඩු රජය ඔවුන්ට නවාතැන් සහ ආහාර සපයා තමිල්නාඩු ප්‍රාන්තයේ මණ්ඩපම් සරණාගත කඳවුරේ රඳවා තබා ගෙන තිබුණි.
    කෙසේ නමුත් ඔවුන්ට එරට මධ්‍යම රජයෙන් නිල සරණාගතභාවය ලබා දී නොමැති බැවින් අත්‍යවශ්‍ය සේවා සඳහා ඔවුන්ට ඇති ප්‍රවේශය සීමා සහිතව පැවතුණි.
    මෙම පවුල් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය බවට පත්ව ඇත්තේ තම දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීම වන අතර නිල පිළිගැනීමක් හෝ මූල්‍ය ආධාරයක් නොමැතිව බෝහෝ සරණාගත දරුවන්ට පාසල් යාමට නොහැකි වී ඇති බව එම පවුල්වල සාමාජිකයින් පවසයි.
    ආදායමක් නොමැතිව අනාගතය ගොඩනගා ගැනීමට අරගල කරන මෙම පුද්ගලයින් පවසන්නේ මේ වන විට තමන් සිරකරුවන් බවට පත්ව ඇති බවය.
    ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ නව රජය ඔවුන්ට සහයෝගය ලබා දෙන බවට සහතික වී ඇති බවත් ඔවුන්ට ආපසු මෙරටට පැමිණීමට අවසර ලබා දී ඇති බවත්ය.
    ඒ අනුව එම සරණාගයින් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින්නේ ආපසු ඔවුන් හරවා යැවීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසය.
    ඒ අනුව ඔවුන් එරට තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් සහ ඉන්දීය රජයෙන් මෙම ක්‍රියාවලිය වේගවත් කරන ලෙස ඉල්ලීමක් කර ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
     
    Last edited:
    • Sad
    Reactions: Asmodeus

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,619
    6,375
    113
    sinhala.adaderana.lk Logo

    ලංකාවට නැවත යවන ලෙස ඉන්දියාවට ගිය දමිළ සරණාගතයින් ඉන්දීය රජයෙන් ඉල්ලයි

    ලංකාවට නැවත යවන ලෙස ඉන්දියාවට ගිය දමිළ සරණාගතයින් ඉන්දීය රජයෙන් ඉල්ලයි​

    April 1, 2025 11:01 am

    ඉන්දියාවේ වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් මෙරටට ආපසු පැමිණීමට පහසුකම් සපයන ලෙස එරට මධ්‍යම සහ තමිල්නාඩු ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා තිබේ.
    ආර්ථික අර්බුදය හේතුවෙන් තම මව්බිම අතහැර පළාගිය මෙම පිරිසට නිසි සහයෝගයක්, අධ්‍යාපනයක් හෝ රැකියා අවස්ථා ලබාගැනීමට නොහැකිව ඉන්දියාව තුළ අස්ථාවර ජීවිතයක් ගතකරන ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
    2021-2022 වසරේදී මෙරට ඇති වූ ආර්ථික අර්බුද හේතුවෙන් ජීවත්වීමට මාර්ගයක් නොමැති වීම මත මෙම පිරිස ඉන්දියාවේ රැකවරණය පතා මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා ගොස් තිබුණි.
    මෙම පිරිස අතරට පවුල් 96කට අයත් පිරිමි පුද්ගලයින් 15ක් කාන්තාවන් 95ක් පිරිමි ළමුන් 58ක් සහ ගැහැණු ළමුන් 57ක් ඇතුළුව ශ්‍රී ලාංකික දමිළ ජාතිකයින් 315ක් අයත් වන අතර ඔවුන් ඉන්දියාවේ රාමේෂ්වරම් වෙත පැමිණ තිබුණි.
    එහිදී තමිල්නාඩු රජය ඔවුන්ට නවාතැන් සහ ආහාර සපයා තමිල්නාඩු ප්‍රාන්තයේ මණ්ඩපම් සරණාගත කඳවුරේ රඳවා තබා ගෙන තිබුණි.
    කෙසේ නමුත් ඔවුන්ට එරට මධ්‍යම රජයෙන් නිල සරණාගතභාවය ලබා දී නොමැති බැවින් අත්‍යවශ්‍ය සේවා සඳහා ඔවුන්ට ඇති ප්‍රවේශය සීමා සහිතව පැවතුණි.
    මෙම පවුල් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය බවට පත්ව ඇත්තේ තම දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීම වන අතර නිල පිළිගැනීමක් හෝ මූල්‍ය ආධාරයක් නොමැතිව බෝහෝ සරණාගත දරුවන්ට පාසල් යාමට නොහැකි වී ඇති බව එම පවුල්වල සාමාජිකයින් පවසයි.
    ආදායමක් නොමැතිව අනාගතය ගොඩනගා ගැනීමට අරගල කරන මෙම පුද්ගලයින් පවසන්නේ මේ වන විට තමන් සිරකරුවන් බවට පත්ව ඇති බවය.
    ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ නව රජය ඔවුන්ට සහයෝගය ලබා දෙන බවට සහතික වී ඇති බවත් ඔවුන්ට ආපසු මෙරටට පැමිණීමට අවසර ලබා දී ඇති බවත්ය.
    ඒ අනුව එම සරණාගයින් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින්නේ ආපසු ඔවුන් හරවා යැවීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසය.
    ඒ අනුව ඔවුන් එරට තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් සහ ඉන්දීය රජයෙන් මෙම ක්‍රියාවලිය වේගවත් කරන ලෙස ඉල්ලීමක් කර ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
    UK USA AUS untath okama thamayi
     
    Similar threads