Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කටුනායකට කඩා වැටුන අයිස්ලන්ත ගුවන් යානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටුනායකට කඩා වැටුන අයිස්ලන්ත ගුවන් යානය

"කන්දේ හැපුන මහ වනන්තරේ ඩී සී අට අහස් යන්තරේ " ඇන්ටන් ජෝන්ස් මහත්තයා ගායනා කරන මේ ජනප්‍රිය ගීතය අපි කවුරුත් අහල තියෙනවා . ලංකා ඉතිහාසය වෙච්ච දරුණුතම ගුවන් අනතුර ගැනයි මේ ගීතයෙන් කියවෙන්නේ. හැබැයි ලංකාවේ කඩා වැටිච්ච එකම ඩග්ලස් DC -8 ගුවන් යානය 1974 දෙසැම්බර් මාසේ 4 වෙනිදා මස්කෙළියේ සප්ත කන්‍යා කඳුවැටියේ හැපිලා විනාශ වෙච්ච ඩග්ලස් DC -8 ගුවන්යානය විතරක් නෙමෙයි . ඊට අවුරුදු 4 ට විතර පස්සෙ තවත් මාරක් ගුවන් අනතුරක් ලංකාවේ සිද්ධ වුණා. සප්තකන්‍යා ගුවන් අනතුර තරම්ම මිනිසුන්ට මතක නැති මේ ගුවන් අනතුර ගැන ගැනයි අද කතාව .

කුලියට ගත් ගුවන් යානය

ඉන්දුනීසියාවෙ ක්‍රියාත්මක වෙච්ච ගුවන් සමාගමක් වෙච්ච Garuda Indonesia ගුවන් සමාගම විසින් අයිස්ලන්තයේ ක්‍රියාත්මක වෙච්ච පෞද්ගලික ගුවන් සේවයක් වන Icelandic air line සමාගමෙන් ඩග්ලස් DC- 8 වර්ගයේ ගුවන් යානයක් කුලියට ගන්නේ හජ් වන්දනා සමයට බැතිමතුන් ප්‍රවාහනය කරන්නයි. යානය කුලියට ගන්න කොට යානයේ කාර්ය මණ්ඩලය 13 දෙනත් යානය එක්කම ඉන්දුනීසියාවට එනවා .

සෞදියෙන් ඇරඹුණු ගමන

1978 නොවැම්බර් මාසේ 15 වෙනිදා හජ් වන්දනාව ඉවරකරපු ඉන්දුනීසියානු ඉස්ලාමීය භක්තිකයන් 249 දෙනෙක් සවුදි අරාබියේ ජෙඩා ගුවන්තොටුපොළෙන් LL 001 ලෙස නම් කරපු ගුවන් යානයට ගොඩ වන්නේ තමුන්ගේ මව්රට වෙච්ච ඉන්දුනීසියාවේ සුරබායා ගුවන් තොටුපොළට ළඟා වෙන්න හිතාගෙනයි. මෙහෙම පිටත් වෙච්ච ගුවන් යානය ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළට ගොඩ බස්සන්න සැලසුම් කරල තිබ්බේ යානයට ඕන කරන ඉන්ධන ලබා ගන්නත් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා ගන්නත් හිතාගෙන .

කටුනායකට ළඟා වෙයි

රාත්‍රී 11ට විතර වෙනකොට ගුවන් යානය ලංකාවේ ගුවන් සීමාවට ඇතුළු වෙලා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට ළඟා වෙමින් හිටියේ. එනකොටත් කටුනායක අවට තද වර්ෂාවක් එක්ක සැර සුළඟ තිබුණා. ගුවන් යානය ඇමතු කටුනායක ගුවන් පාලක මධ්‍යස්ථානය කියා සිටියේ ගුවන් යානයට ගොඩ බස්සන්න ගුවන් පට අංක 4 සූදානම් කරලා ඉවරයි කියලා. නමුත් ගුවන් යානයේ නියමුවන් කටුනායක ගුවන් පාලක මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් කරනවා ඒගොල්ලන්ට ගුවන් පත් අංක 22 යානයක් ගොඩ බස්සන ඕන කියලා . ඒ ඉල්ලීමට අවසර දුන්න ගුවන් පාලක මධ්‍යස්ථානය යානය ගොඩබැස්සවීමට අවශ්‍ය උපදෙස් ගුවන් නියමුවන්ට ලබා දුන්නා .

ගොඩ බාන්න නොමද සහාය

රත්‍රි11. 06 විතර යානය ඇමතු ගුවන් පාලක මධ්‍යස්ථානය යානය අඩි 2000 වෙනකම් පහත් කරන්න කියලා ගුවන් නියමුවන්ට උපදෙස් ලබා දුන්නා . එහි උපදෙස් වලට අවනත වෙච්ච ගුවන් නියමුවන් යානය අඩි 2000 දක්වා පහත් කළා. විටින්විට යානය ඇමතුම් ගුවන් පාලක මධ්‍යස්ථානය ලබා දීපු උපදෙස් නියමුවන් විසින් අකුරටම පිළිපැද්ද කාලගුණය තිබ්බ අයහපත් ස්වභාවය නිසාවෙන්.

ඉරණම විසඳෙයි

රාත්‍රී 11.27 විතර යානය අමතක ගුවන් පාලක මධ්‍යස්ථානය නියමුවන්ට උපදෙස් දුන්නේ යානය ගොඩ බැස්වීමට තවත් සැතපුම් දෙකක් තිබෙන බවත් යානය පොඩ්ඩක් වම් පැත්තට හරවන ලෙසටය. තවත් විනාඩියකට විතර පස්සෙ ගුවන් පාලක මධ්‍යස්ථානයට යානය දකින්න පුළුවන් වුනා. යානය දැක්ක ගමන් ගුවන් පාලක මධ්‍යස්ථානයට තේරුම් ගියා යානය ගොඩබස්වන උත්සාහ කරන කෝණය හුඟක් වැඩියි කියලා . වහාම යානය ඇමතූ පාලක මධ්‍යස්ථානය ඒ බව දැනුම් දුන්නත් අවාසනාවකට වගේ ගුවන් පාලක මධ්‍යස්ථානය ඒ වෙලාවේ යානය අමතලා තිබුණේ වැරදි සංඛ්‍යාතයකින් . ඒ නිසා ගුවන් නියමුවන්ට නිසි උපදෙස් ලැබුණේ නැහැ . ඒත් එක්කම ඩග්ලස් DC-8 ගුවන් යානය ගුවන් පාලක මධ්‍යස්ථානයට නොපෙනී ගියා . ඒත් එක්කම 11.28 වෙද්දි ගුවන් පාලක මධ්‍යස්ථානයට ළඟ තියෙන පොල්වත්තකින් විශාල පිපිරුමක් දකින්න ලැබුණා. පාලක මධ්‍යස්ථානයේ හිටිය හැමෝටම යානයේ ඉරණම මොකක්ද කියන එක තේරුම් ගන්න අපහසු වුණේ නැහැ .

යානයේ වම් තටුව පොල් ගස් මුදුනක වැදිලා කැඩිලා ගිහින් තිබුණා . ඊට පස්සේ යානයේ ඉදිරිපස බඳ කොටස පොලොවෙ හැපිල යානය දෙකට කැඩුනා . ඊටත් පස්සේ යානයේ පිටුපස බඳ කොටස තවත් කොටස් හයකට කැඩිලා යානය මුලින්ම පොළොවෙ හැපිච්ච තැන ඉඳල මීටර් 146 ක් විතර ඈතින් නතර වුණා. යානා අනතුරට පත්වෙච්ච ස්ථානය කටුනායක ගුවන්තොටුපොළේ ධාවන පථ අංක 22 ඉදලා කිලෝමීටර් 1.86 ඈතින් පිහිටලා තිබුණා.

ගලවාගන්න මෙහෙයුමක්

අනතුර වෙලා පැය බාගයක් ඇතුලත ගිනි නිවන රථ 5ක් එක ගලවා ගැනීමේ කණ්ඩාමක් අනතුර වෙච්ච තැනට ආවා . පොල් වත්තක් මැද්දට යානය කඩා වැටිච්ච නිසා ගිනි නිවන රථ අනතුර වෙච්ච තැනට ගෙන්න ටිකක් විතර අමාරු උනා. හැබැයි සහන කණ්ඩායම් වලට සැලකිය යුතු ජීවිත ප්‍රමාණයක් බේරගන්න පුළුවන් වුනා.

ගණන් හිලව්

යානයේ ගමන් කරපු 262 ගෙන් 183 ක්ම අනතුරෙන් මැරුණා. ඒ අතරට මගින් 175 හා කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකුත් හිටියා . 79 දෙනකුට අනතුරෙන් ජිවිත බේරගන්න පුළුවන් වුනා. ජීවිත බේරා ගත්ත අයගෙන් 32 තුවාල සිද්ධ වෙලා තිබුණා . ඔවුන් අතර මගීන් 28 ව සහ කාර්ය මණ්ඩලය 4 දෙනෙක් සිටියා. එහි වගේම 47 දෙනෙකුට කිසිම තුවාලයක් සිද්ධ වුණේ නැහැ .

පසුවදන

යානයේ අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කරපු පරීක්ෂණ වාර්තාවෙන් කියවුනා ගුවන් යානයේ නියමුවන උපදෙස් හරිහැටි පිළිපැද්දේ නැති නිසා ගුවන් අනතුර සිද්ධ වුණා කියලා. හැබැයි Icelandic air ගුවන් සමාගම කිව්වේ අනතුරට හේතුව ගුවන් පාලක මධ්‍යස්ථානය දෝෂ හා ගුවන්තොටුපොළේ උපකරණ වල තිබුණු අඩුපාඩුකම් කියලයි .

වරද කාගේ වුණත් අන්තිමට වරදට වන්දි ගෙවන්න සිද්ධ වුණේ මිනිස් ජීවිත 183 කින්.

[ATTACH=full]182181[/ATTACH][ATTACH=full]182182[/ATTACH][ATTACH=full]182183[/ATTACH][ATTACH=full]182184[/ATTACH]

[QUOTE="IMUNA, post: 28087145, member: 392391"] කටුනායකට කඩා වැටුන අයිස්ලන්ත ගුවන් යානය "කන්දේ හැපුන මහ වනන්තරේ ඩී සී අට අහස් යන්තරේ " ඇන්ටන් ජෝන්ස් මහත්තයා ගායනා කරන මේ ජනප්‍රිය ගීතය අපි කවුරුත් අහල තියෙනවා . ලංකා ඉතිහාසය වෙච්ච දරුණුතම ගුවන් අනතුර ගැනයි මේ ගීතයෙන් කියවෙන්නේ. හැබැයි ලංකාවේ කඩා වැටිච්ච එකම ඩග්ලස් DC -8 ගුවන් යානය 1974 දෙසැම්බර් මාසේ 4 වෙනිදා මස්කෙළියේ සප්ත කන්‍යා කඳුවැටියේ හැපිලා විනාශ වෙච්ච ඩග්ලස් DC -8 ගුවන්යානය විතරක් නෙමෙයි . ඊට අවුරුදු 4 ට විතර පස්සෙ තවත් මාරක් ගුවන් අනතුරක් ලංකාවේ සිද්ධ වුණා. සප්තකන්‍යා ගුවන් අනතුර තරම්ම මිනිසුන්ට මතක නැති මේ ගුවන් අනතුර ගැන ගැනයි අද කතාව . කුලියට ගත් ගුවන් යානය ඉන්දුනීසියාවෙ ක්‍රියාත්මක වෙච්ච ගුවන් සමාගමක් වෙච්ච Garuda Indonesia ගුවන් සමාගම විසින් අයිස්ලන්තයේ ක්‍රියාත්මක වෙච්ච පෞද්ගලික ගුවන් සේවයක් වන Icelandic air line සමාගමෙන් ඩග්ලස් DC- 8 වර්ගයේ ගුවන් යානයක් කුලියට ගන්නේ හජ් වන්දනා සමයට බැතිමතුන් ප්‍රවාහනය කරන්නයි. යානය කුලියට ගන්න කොට යානයේ කාර්ය මණ්ඩලය 13 දෙනත් යානය එක්කම ඉන්දුනීසියාවට එනවා . සෞදියෙන් ඇරඹුණු ගමන 1978 නොවැම්බර් මාසේ 15 වෙනිදා හජ් වන්දනාව ඉවරකරපු ඉන්දුනීසියානු ඉස්ලාමීය භක්තිකයන් 249 දෙනෙක් සවුදි අරාබියේ ජෙඩා ගුවන්තොටුපොළෙන් LL 001 ලෙස නම් කරපු ගුවන් යානයට ගොඩ වන්නේ තමුන්ගේ මව්රට වෙච්ච ඉන්දුනීසියාවේ සුරබායා ගුවන් තොටුපොළට ළඟා වෙන්න හිතාගෙනයි. මෙහෙම පිටත් වෙච්ච ගුවන් යානය ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළට ගොඩ බස්සන්න සැලසුම් කරල තිබ්බේ යානයට ඕන කරන ඉන්ධන ලබා ගන්නත් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා ගන්නත් හිතාගෙන . කටුනායකට ළඟා වෙයි රාත්‍රී 11ට විතර වෙනකොට ගුවන් යානය ලංකාවේ ගුවන් සීමාවට ඇතුළු වෙලා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට ළඟා වෙමින් හිටියේ. එනකොටත් කටුනායක අවට තද වර්ෂාවක් එක්ක සැර සුළඟ තිබුණා. ගුවන් යානය ඇමතු කටුනායක ගුවන් පාලක මධ්‍යස්ථානය කියා සිටියේ ගුවන් යානයට ගොඩ බස්සන්න ගුවන් පට අංක 4 සූදානම් කරලා ඉවරයි කියලා. නමුත් ගුවන් යානයේ නියමුවන් කටුනායක ගුවන් පාලක මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් කරනවා ඒගොල්ලන්ට ගුවන් පත් අංක 22 යානයක් ගොඩ බස්සන ඕන කියලා . ඒ ඉල්ලීමට අවසර දුන්න ගුවන් පාලක මධ්‍යස්ථානය යානය ගොඩබැස්සවීමට අවශ්‍ය උපදෙස් ගුවන් නියමුවන්ට ලබා දුන්නා . ගොඩ බාන්න නොමද සහාය රත්‍රි11. 06 විතර යානය ඇමතු ගුවන් පාලක මධ්‍යස්ථානය යානය අඩි 2000 වෙනකම් පහත් කරන්න කියලා ගුවන් නියමුවන්ට උපදෙස් ලබා දුන්නා . එහි උපදෙස් වලට අවනත වෙච්ච ගුවන් නියමුවන් යානය අඩි 2000 දක්වා පහත් කළා. විටින්විට යානය ඇමතුම් ගුවන් පාලක මධ්‍යස්ථානය ලබා දීපු උපදෙස් නියමුවන් විසින් අකුරටම පිළිපැද්ද කාලගුණය තිබ්බ අයහපත් ස්වභාවය නිසාවෙන්. ඉරණම විසඳෙයි රාත්‍රී 11.27 විතර යානය අමතක ගුවන් පාලක මධ්‍යස්ථානය නියමුවන්ට උපදෙස් දුන්නේ යානය ගොඩ බැස්වීමට තවත් සැතපුම් දෙකක් තිබෙන බවත් යානය පොඩ්ඩක් වම් පැත්තට හරවන ලෙසටය. තවත් විනාඩියකට විතර පස්සෙ ගුවන් පාලක මධ්‍යස්ථානයට යානය දකින්න පුළුවන් වුනා. යානය දැක්ක ගමන් ගුවන් පාලක මධ්‍යස්ථානයට තේරුම් ගියා යානය ගොඩබස්වන උත්සාහ කරන කෝණය හුඟක් වැඩියි කියලා . වහාම යානය ඇමතූ පාලක මධ්‍යස්ථානය ඒ බව දැනුම් දුන්නත් අවාසනාවකට වගේ ගුවන් පාලක මධ්‍යස්ථානය ඒ වෙලාවේ යානය අමතලා තිබුණේ වැරදි සංඛ්‍යාතයකින් . ඒ නිසා ගුවන් නියමුවන්ට නිසි උපදෙස් ලැබුණේ නැහැ . ඒත් එක්කම ඩග්ලස් DC-8 ගුවන් යානය ගුවන් පාලක මධ්‍යස්ථානයට නොපෙනී ගියා . ඒත් එක්කම 11.28 වෙද්දි ගුවන් පාලක මධ්‍යස්ථානයට ළඟ තියෙන පොල්වත්තකින් විශාල පිපිරුමක් දකින්න ලැබුණා. පාලක මධ්‍යස්ථානයේ හිටිය හැමෝටම යානයේ ඉරණම මොකක්ද කියන එක තේරුම් ගන්න අපහසු වුණේ නැහැ . යානයේ වම් තටුව පොල් ගස් මුදුනක වැදිලා කැඩිලා ගිහින් තිබුණා . ඊට පස්සේ යානයේ ඉදිරිපස බඳ කොටස පොලොවෙ හැපිල යානය දෙකට කැඩුනා . ඊටත් පස්සේ යානයේ පිටුපස බඳ කොටස තවත් කොටස් හයකට කැඩිලා යානය මුලින්ම පොළොවෙ හැපිච්ච තැන ඉඳල මීටර් 146 ක් විතර ඈතින් නතර වුණා. යානා අනතුරට පත්වෙච්ච ස්ථානය කටුනායක ගුවන්තොටුපොළේ ධාවන පථ අංක 22 ඉදලා කිලෝමීටර් 1.86 ඈතින් පිහිටලා තිබුණා. ගලවාගන්න මෙහෙයුමක් අනතුර වෙලා පැය බාගයක් ඇතුලත ගිනි නිවන රථ 5ක් එක ගලවා ගැනීමේ කණ්ඩාමක් අනතුර වෙච්ච තැනට ආවා . පොල් වත්තක් මැද්දට යානය කඩා වැටිච්ච නිසා ගිනි නිවන රථ අනතුර වෙච්ච තැනට ගෙන්න ටිකක් විතර අමාරු උනා. හැබැයි සහන කණ්ඩායම් වලට සැලකිය යුතු ජීවිත ප්‍රමාණයක් බේරගන්න පුළුවන් වුනා. ගණන් හිලව් යානයේ ගමන් කරපු 262 ගෙන් 183 ක්ම අනතුරෙන් මැරුණා. ඒ අතරට මගින් 175 හා කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකුත් හිටියා . 79 දෙනකුට අනතුරෙන් ජිවිත බේරගන්න පුළුවන් වුනා. ජීවිත බේරා ගත්ත අයගෙන් 32 තුවාල සිද්ධ වෙලා තිබුණා . ඔවුන් අතර මගීන් 28 ව සහ කාර්ය මණ්ඩලය 4 දෙනෙක් සිටියා. එහි වගේම 47 දෙනෙකුට කිසිම තුවාලයක් සිද්ධ වුණේ නැහැ . පසුවදන යානයේ අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කරපු පරීක්ෂණ වාර්තාවෙන් කියවුනා ගුවන් යානයේ නියමුවන උපදෙස් හරිහැටි පිළිපැද්දේ නැති නිසා ගුවන් අනතුර සිද්ධ වුණා කියලා. හැබැයි Icelandic air ගුවන් සමාගම කිව්වේ අනතුරට හේතුව ගුවන් පාලක මධ්‍යස්ථානය දෝෂ හා ගුවන්තොටුපොළේ උපකරණ වල තිබුණු අඩුපාඩුකම් කියලයි . වරද කාගේ වුණත් අන්තිමට වරදට වන්දි ගෙවන්න සිද්ධ වුණේ මිනිස් ජීවිත 183 කින්. [ATTACH type="full"]182181[/ATTACH][ATTACH type="full"]182182[/ATTACH][ATTACH type="full"]182183[/ATTACH][ATTACH type="full"]182184[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom