කටුනායක අධිවේගිය පුත්තලම දක්වා

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
කටුනායක අධිවේගිය පුත්තලම දක්වා

Flag-Pins-Sri-Lanka-Qatar.jpg



Sri Lanka in talks with Qatar for toll expressway


කටුනායක සිට පුත්තලම දක්වා ගාස්තු අයකරන අධිවේගී මාර්ගයක් ගොඩනැගීමට කටාර් රජය මෙරට බළධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා කියයි.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ කල්පිටියේ දූපත් කිහිපයක කටාර් රජය සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට අදහසක් තිබෙන නිසා එවැනි ව්‍යාපෘති ආරම්භ කරන්නේ නම් කටුනායක අධිවේගී මාර්ගය පුත්තලම දක්වා දීර්ඝ කිරීම සිදුකළ යුතුයැයි කටාර් රජය පවසා තිබෙන බවයි.

මෙම අධිවේගී මාර්ගය කටාර් රජය විසින් ගොඩනැගීම සඳහා ශක්‍යතා අධ්‍යනයක් කිරීමට කැමැත්ත පළකර තිබෙන බවත් ඒ පිළිබඳව මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් අමාත්‍යවරයා කීය.

කල්පිටියට සංචාරකයින් කුඩා ගුවන් යානා වලින් නිතරම යෑමට කැමැත්තක් නොදක්වනු ඇති බවත් මේ නිසා මෙවැනි අධිවේගී මාර්ගයක් අවශ්‍යයැයි කටාර් රජයේ නියෝජිතයින් පැවසූ බවත් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළේය.

daily%20news.jpg


JAYA SRI