කටුනායක ගුවන් තොටුපළට අලුතෙන් Self-check-in මැශින් 20 ක්

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    BsRziKW.jpeg



    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම බිම් මෙහෙයුම් සේවා සපයන්නා වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ සහ බිම් මෙහෙයුම් අංශය (Airport and Ground Services) මඟින්, එම ගුවන් තොටුපළ භාවිතා කරන වෙනත් ගුවන් සේවාවන්හි මගීන් වෙනුවෙන් Self-check-in සේවාවන් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. සංචාරකයන් බහුලව පැමිණෙන ශීත සෘතුව ඉලක්ක කරගෙන මෙම හඳුන්වා දීම සිදු කර ඇති අතර, මෙම කාලසීමාව තුළ දෙසැම්බර් මාසයේදී පමණක් සංචාරකයන් 300,000 කට අධික පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    ශ්‍රීලංකන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ අංශය මඟින් ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන යටතේ පසුගිය මාසය තුළ කටුනායක ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තය තුළ නව Self-check-in යන්ත්‍ර 20 ක් ස්ථාපිත කරන ලද අතර, ඒ අනුව දැන් එම පරිශ්‍රය තුළ එබඳු යන්ත්‍ර 28 ක් ක්‍රියාත්මක වේ. මෙමඟින් ගුවන් තොටුපළේ කටයුතු වඩාත් කාර්යක්ෂම වී මගීන්ට වැඩි පහසුවක් හිමි වන අතරම, එය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා දරනු ලබන උත්සාහයන්ට සුවිශාල පිටිවහලක්ද වනු නිසැකය.
    2023 වසරේදී මුලින්ම හඳුන්වා දෙන ලද මෙම Self-check-in යන්ත්‍ර මගීන් අතර ඉක්මනින්ම ජනප්‍රිය වූ අතර, සාම්ප්‍රදායික check-in කවුන්ටර වෙනුවට මෙම යන්ත්‍ර භාවිතා කිරීමට මගීන් වැඩි වැඩියෙන් පෙළඹෙනු දක්නට ලැබිණි. මේ වන විට කටුනායක ගුවන් තොටුපළේ සිට විදේශ රටවල් බලා ගමන් ගන්නා ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගීන් අතරින් 15% ක්ම මෙම යන්ත්‍ර භාවිතා කරති. මෙය පිටත් වීමේ පර්යන්තයේ තදබදය අවම කිරීමට සුවිශාල දායකත්වයක් ලබා දී ඇත. මෙම පහසුකම හේතුවෙන් මගීන්ට පෝලිම්වල රැඳී සිටීමෙන් තොරව සෘජුවම Self-check-in යන්ත්‍ර වෙත ගොස් සරල පියවර කිහිපයක් ඔස්සේ ආසන තෝරාගැනීම, ගුවන් යානයට ගොඩවීමේ අවසර පත්‍ර මුද්‍රණය කිරීම සහ බෑග් ටැග් ලබාගැනීම ආදිය සිදු කර, තම Check-in ක්‍රියාවලිය ඉක්මනින් සම්පූර්ණ කළ හැකි වේ.

    6yTBpMC.jpeg


    "අපගේ සේවාවන් ලබන ගුවන් මගීන්ගෙන් 60% ක් පමණ වන අනෙකුත් ගුවන් සේවාවන්හි මගීන් වෙනුවෙන් මේ ආකාරයට Self-check-in පහසුකම හඳුන්වා දීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. අපගේ අරමුණ වන්නේ සෑම මසකම කටුනායක ගුවන් තොටුපළින් විදෙස්ගත වන 300,000 කට අධික මගීන් පිරිසට වඩාත් හොඳ සේවාවක් ලබාදීමයි. අපගේ වැඩිදියුණු කරන ලද Self-check-in පහසුකම් ගුවන් තොටුපළේ ධාරිතාව වැඩිදියුණු කිරීමේ උත්සාහයන්ට මහෝපකාරී වනු ඇති අතර, කලාපය තුළ ඩිජිටල් ගුවන් තොටුපළ විසඳුම් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට හිමි වී ඇති ඉහළ පිළිගැනීම තවදුරටත් තහවුරු කිරීමටද දායක වේවි. තම මගීන් සඳහා මෙම Self-check-in පහසුකම ලබාදීමට ඉදිරිපත් වී සිටින ප්‍රථම ගුවන් සේවය වන්නේ සිංගප්පූරුව ගුවන් සේවයයි. ඉදිරියේදී තවත් ගුවන් සේවා රැසක් තම මගීන්ට මෙම පහසුකම පිරිනමනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ සහ බිම් මෙහෙයුම් සේවා ප්‍රධානී දීපාල් පල්ලෙගංගොඩ මහතා පැවසීය.


    සෑම දිනකම මගීන් දහස් ගණනක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ භාවිතා කරන අතර, ඔවුන්ට අවශ්‍ය මූලික සේවාවන් සපයනු ලබන්නේ SriLankan ගුවන් සේවයේ ගුවන් තොටුපළ හා බිම් මෙහෙයුම් සේවා අංශය මගිනි. ඉදිරියේදී පැමිණෙන ශ්‍රීත සෘතුව හමුවේ මෙම මගීන් ප්‍රමාණය ඉහළ යන අවස්ථාවලදී පවා නවීනතම ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් කිසිදු බාධාවකින් තොරව එම මගීන්ට ඉහළම තලයේ සේවාවක් ලබාදීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සූදානමින් සිටී.

    XjyoAnG.jpeg


    https://biz.adaderana.lk/ශ්‍රීලංකන්-ගුවන්-සේවයේ-ග-3/
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    තාක්ෂණයෙන් ලංකාව කොච්චර දියුණු උනත් කක්තාරක අතේ ගහන්නෙ උගෙ අම්ම දිහා බලාගෙන 🤮
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඈ බොල හුත්තෝ.. NPP ආණ්ඩුවක් එනකම්ම ඉඳලද මුං මේ මැශින් 20 ගන්න ?🤔 ශුවර් ද රනිල් කරන්න හිටිය එකක් නෙවෙයි කියල ?
    2023 di 8k install karala kiyalai kiyanne, dan aluthen 20k dala total 28k wenna :yes:
     

    Similar threads