imho, නැහැ..
කඨින චීවරයෙන් සංකේතවක් කරන්නේ ත්‍රිවිධ රත්නය. කෙනෙක් ත්‍රිවිධ රත්නය කෙරෙහි පැහැදිලා වන්දනාමාන, පුදපූජා කරන එකේ ආනිශංස, කන්න නැති පෘථග්ජන කෙනෙක්ට දෙන දානයක ආනිශංස වලට සම කරන්න බැහැ.
වේලාම සූත්‍රය කියවලා තියෙනවද?
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වසනසේක. එකල්හි අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව හින, එකත් පස්ව හුන් අනේපිඬු ගැහැවි හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ගැහැවිය, තාගේ කුලයෙහි දන් දෙනු ලැබේ දැයි. “වහන්ස, මාගේ කුලයෙහි දන් දෙනු ලැබේ. හෙද වනාහි රූක්ෂ වූ කාඩි දිය දෙවනු කොට ඇති නිවුඩු බතෙකැ”යි.
ගැහැවිය, රූක්ෂ වේව යි ප්‍රණීත වේව යි දන් දේ නම් හෙද නොසකස් කොට දේ නම් අගරු කොට දේ නම් සියතින් නො දේ නම් නිරතුරු කොට නො දේ නම් කම්පල සඳහා නො දේ නම් යම් යම් ම තැනෙක ඒ ඒ දානයාගේ විපාක පහළ වේ ද උදාර භක්තානුභවය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර වස්ත්‍රභෝගය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර යානභොගය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර පස්කම්හි ගුණෙහි භොගය පිණිස සිත නො නැමෙයි. ඔහුගේ පුත්‍රයහ කියා වේවයි අඹුහු කියා වේව යි දස්හ කියා වේව යි, ප්‍රෙෂ්‍යයහ (මෙහෙකරු වහල්ලු) කියා වේව යි, කම්කරුහ කියා වේව යි යම් ඒ කෙනෙක් වෙත් නම් උහුත් වදන් අසනු නො කැමැති වෙත්, සවන් නො දෙත්, දැනුමට සිත නො එළවත්, එ කවර හෙයිනැ: ගැහැවිය, නො සකස් කොට කළ කර්මයන්ගේ විපාකය එබඳු වේ ද එහෙයිනි.
ගැහැවිය, රූක්ෂ වේවයි ප්‍රණීත වේවයි දන් දේ නම් එ ද සකසා දේ නම් ගරු කොට දේ නම් සියතින් දේ නම් නිරතුරු කොට දේ නම් කම්පල හදහා දේ නම් යම් යම් තැනෙක ඒ ඒ දානයාගේ විපාක පහළ වේ ද, උදාර භක්තභෝගය පිණිස සිත නැමෙයි. උදාර වස්ත්‍රභොගය පිණිස සිත නැමෙයි. උදාර යානභොගය පිණිස සිත නැමෙයි. උදාර පස්කම්ගුණෙහි භොගයට සිත නැමේ. ඔහුගේ පුත්‍රයහ කියා වේව යි අඹුහ කියා වේව යි, දස්හ කියා වේව යි ප්‍රෙෂ්‍යයහ කියා වේව යි කම්කරුහ කියා වේවයි යම් ඒ කෙනෙක් වෙත් නම් ඔහු ද අසනු කැමැති වෙත්. සවන් දෙත්. දැනුමට සිත් එළවත්. එහෙයිනැ: කවර ගැහැවිය, සකස් කොට කළ කර්මයන්ගේ විපාකය එබඳු වේද එහෙයිනි.
ගැහැවිය, පෙරවූවක් කියමි. වේලාම නම් බමුණෙක් වී ය. හේ මෙ බඳු මහාදාන නම් දනක් දින: රිදියෙන් පිරූ සුවාසූ දහසක් රන්මුවා පා දින. රනින් පිරූ සුවාසූ දහසක් රිදීමුවා පා දින. අමුරනින් පිරූ සුවාසූ දහසක් කස්ලෝපා දින. ස්වර්‍ණාලඞ්කාර ඇති රන් දද ඇති රන් රසු දැලින් ගැවසුණු සුවාසු දහසක් ඇතුන් දින. සිහසම් අතුළ, වගසම් අතුළ, දිවිසම් අතුළ, පඬු ඇඹුල් අතුළ රන්ලකර ඇති රන් දද ඇති රන්රසු දැලින් ගැවසුණු සුවාසූ දහසක් රිය දින. දුහුල් අතුළ කස්ලෝ කොසු ඇති සුවාසු දහසක් දෙනුන් දින. මිණි කොඬොල් පැළඳී සුවාසු දහසක් කන්‍යාවන් දින. කොඳුපලස් අතුළ සුදු ඇතිරි අතුළ ඝනපුප් එළුලොම් ඇතිරි අතුළ කෙසෙල් මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති උඩුවියන් සහිත දෙපස තැබූ කණ්වයින් ඇති සුවාසූ දහසක් පළඟ දින. සියුම් කොමු පිළිය, සියුම් කෝසෙය්‍ය පිළිය, සියුම් කම්බිලිය, සියුම් කපුපිළිය යන කෙළ සුවාසු දහසක් වස්ත්‍ර දින. අන්නපාන ඛාද්‍ය භොජ්‍ය ලෙහ්‍ය පෙය පිළිබඳ කවර කථා ය? නදීන් මෙන් ගලති.
ගැහැවිය, තට මෙ බඳු සිතෙක් වන්නේ ම ය: එසමයෙහි වෙලාම බමුණු අනිකෙක් ම විය. හේ මහාදාන නම් ඒ දන දින” යි, ගැහැවිය, තෙල මෙසේ නො දත යුතු: එසමයෙහි මම වෙලාම බ්‍රාහ්මණ වීමි, මහාදාන නම් වූ ඒ දන මම දිනිමි.
ගැහැවිය, ඒ දානයෙහි දක්ෂිණාර්හ කිසිවෙක් නො වීය. කිසිවෙක් ඒ දක්ෂිණාව පිරිසිදු නො කෙළේ ය. ගැහැවිය වෙලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනී ද, යමෙකුත් එක් දිට්ඨිසම්පන්න (සොතාපන්න) යකු වළඳවා ද, මෙය එයට මහත්ඵලතරයි.
ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි ද, යමෙක් දිට්ඨිසම්පන්නයන් සියයක් වළඳවා ද, යමෙකුත් එක් සකෘදාගාමි පුඟුලකු වළඳවා නම් මෙය එයට මහත්ඵලතර යි.
ගැහැවිය, වෙලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් සකෘදාගාමින් සියයක් වළඳවා නම් ... යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම් … යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම් … එක් රහතකු වළඳවා නම් … යමෙකුත් සියක් රහතුන් වළඳවා නම් … යමෙකුත් එක් පසේ බුදු කෙනකුන් වළඳවා නම් … යමෙකුත් සියක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම් … යමෙකුත් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම් … යමෙකුත් බුදුපාමොක් බික්සඟන වළඳවා නම් … යමෙකුත් සිවුදිගින් වඩනා සඟුන් උදෙසා, වෙහෙරක් කරවා නම් … යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම් ... යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය, අයිනාදනින් දුරු වීම ය, කාමයන්හි මිසහසරින් දුරුවීම ය, මුසවායෙන් දුරුවීම ය, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වීම ය යන සිකපද සමාදන් වේ නම් … යමෙකුත් යටත්පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලක් මෙත්සිත වඩා නම් මෙය එයට මහත්ඵලතර යි.
ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් දිට්ඨිසම්පන්නයකු වළඳවා නම්, යමෙකුත් සියක් දිට්ඨිසම්පන්නයන් වළඳවා නම්, යමෙකුත් එක් සකෘදාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් සකෘදාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් රහතකු වළඳවා නම්, යමෙකුත් සියක් රහතුන් වළඳවා නම්, යමෙකුත් එක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් සියක් පසේබුදුකෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම්, යමෙකුත් බුදුපාමොක් බික්සඟුන් වළඳවා නම්, යමෙකුත් සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම්, යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම්, යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය … මඳ පමා දෙකට කරුණු රහමෙරින් දුරුවීමය යන සිකපද සමාදන් වේ නම්, යමෙකුත් යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් යමෙකුත් අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් මේ එයට මහත්ඵලතර යි.