කඩන්න එපෝ

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa



පින් සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ

වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනැවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා
උදේ පටන් දවස පුරා කූඩු තනාලා

කොළේ කොළේ දමා කුඩා නිවස සදන්නේ
මගේ දයා බිරිද නිතර එය සරසන්නේ
රැළේ රැළේ පුළුන් දමා යහන සදන්නේ
අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ

දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා
ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට ඉන්ටා
සමාවෙලා මෙපට වෙතේ දිවි රැක ගන්ටා
නමා යදිමි දෙන්න පුතේ මෙතැන රැදෙන්ටා