කඩා ඉවත්කල පල්ලිය නැවත සෑදීමට අණ

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කඩා ඉවත්කල පල්ලිය නැවත සෑදීමට අණ

    කඩා ඉවත්කල පල්ලිය නැවත සෑදීමට ගෝඨගෙන් අණ

    gota-prew.jpg
    දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත්කොට ඇති දක්ඛිණ ස්තුපය අසල අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් ඉදිකොට තිබු අතර පසුගිය සතියේ 13 වන දින අප වාර්තා කලේ එම පල්ලිය සිංහල රාවය ජාතික සංවිධානය විසින් ඉහලින් ලබාගත් නියෝග මගින් කඩා ඉවත්කරනු ලැබූ බවයි.

    නමුත් මේ වන විට ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් එම පල්ලිය නැවත එහි සැදීමට නියෝග කර ඇති බවට බි.බි.සි පුවත් සේවය වාර්තා කරනවා.

    සිංහලරාවය සංවිධානය චෝදනා කරනු ලබන්නේ පුජකයෙකු සිහිකිරීමට
    තැනු ස්මාරකය ඔවුන් පල්ලියක් දක්වා ව්‍යාප්ත කර ඇති බවයි.නමුත් මෙම චෝදනාව එම පළාතේ මුස්ලිම් ජාතිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා.

    ශ්‍රීලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති වන එන්.එම් අමින් මහතා ප්‍රකාශ කරන්නේ හදුනා නොගත් පිරිස් විසින් සිංහල හා මුස්ලිම් බේදයක් ඇති කිරීමට උත්සහා ගනිමින් සිටින බවයි.

    මෙම පල්ලිය නැවත ඉදිකිරිම සම්බන්ධයෙනු ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය ගැන විමසීමට අප සිංහල රාවය සංවිධානය ඇමතුවත් ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී මේ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.


    Code:
    gossip9
     
    Last edited by a moderator:
    • Like
    Reactions: 001flyD