කඩිමුඩියෙ දුවන අපි

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    38
    lonley planet
    කඩිමුඩියෙ දුවන අපි



    කොයිබද දිවගෙන දිවගෙන යන්නේ
    වටපිට නොබලා ඉස ගිනි ගත් සේ
    දෙපයින් පොළොවේ සිටගත් දා සිට
    පණ නැති වී ගත ඇද වැටෙනා තුරු
    පැල්පත් මන්දිර මාළිග මගහැර
    ඇළ දොළ ගංඟා සාගර පසුකර
    දිවූ නමුත් එකෙකා පසු බාගෙන
    දිනූ කෙනෙකු මට තව හමුවී නැත..

    ඇටවූ මළ පුඩුයෙහි පිළිමල් දන
    පැටලී බිම ඇද වැටුණායින් පසු
    දිවූ නමුත් උන් හිසට උඩින් පැන
    දිණූ දෙයක් නැත හති වැටුණා මිස..

    අහස පොළව අර ගැට ගැසෙනා තැන
    සිතින් මවාගත් ජය කණුවක් ඇත
    දිවයන තරමට දිව යනුයෙන් එය
    කොතෙක් දිවූවත් සැහීමක් නැත
    දිවගොස් නැවතී වටපිට බැලු විට
    දිවූ දුරක් නැත පෙර සිටි තැනමය...

    දනිමි කිමෙක් දැයි තොප සොයනා දෙය
    ලැබිය හැකිද එය දිවගොස් මෙලෙසට?
    තොප සොයනා සැප පසුවී ඇත්තෙය
    තරඟය අරඹන්නට පෙර සිටි තැන.

    - මහගම සේකර


    සියලුම වැඩසටහන් සඳහා පිවිසෙන්න,
    YouTube : https://www.youtube.com/nirapekshathwayemaga/playlists
    Web Site : http://www.nirapekshathwayemaga.com/
    Facebook : https://www.facebook.com/nirapekshathwayemaga

    ​
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0


    කොයිබද දිවගෙන දිවගෙන යන්නේ
    අනිච්ච අනිච්ඡ කරමින් යන්නේ
    අන්ධ රැළක් මෙන් අතිනත අල්ලන්
    බමුණෝ එහෙමයි නිරයට යන්නේ

    - Skylark

    සාපේක්ෂත්වයේ මඟ
    http://www.elakiri.com/forum/showthread.php?t=1809571

    වලස්මුල්ලේ අභය හිමි
    http://www.trekmentor.com/si/content/sanga/940

    වලස්මුල්ලේ අභය හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/22178

    Skylark​