කඩුගන්නාවේ විලාපය

ncbrando

Member
Jan 31, 2014
838
115
0
කඩුගන්නාවේ විලාපය

කඩුගන්නාවේ විලාපය-

කඩුගන්නාව ජය ගන්නට ඉහ මාලේ
දරමින් නැගූ පියවර සිහි වේ බාලේ
නුඹ වෙත පියාණනි පිදුමට ඒ මාලේ
දැන් කෝ කියන් නුඹ වැටුණද අඳුරු හෙලේ

සෙංකඩගලට පෑයූවත් සුපිරි තරු
පුන්සඳ නුඹේ නැග එයිදෝ ලොවට ගරු
අඩ හඳ පළුව වූ සොයුරත් ගත්ත මරු
නුඹගෙන් එපා සරදම් මෙලෙසට නිසරු

හිනැහෙන්නටත් ලෝකය මල හට හිමි නම්
වැළලෙන්නටත් මල හට මුල් අවැසිම නම්
රන් තරු දිලෙන්නට ආකාසය හිමි නම්
කවුරුන් හිමිද මේ සැම මට අහිමිම නම්

-මාලන් විදානපතිරණ
 
  • Like
Reactions: DangerMan119

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මට නම් කඩුගන්නාව කිව්ව ගමන් හිතුනෙ වික්ටර් රත්නායකට කිව්ව ඒකක් කියලා :rofl:
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    මට නම් කඩුගන්නාව කිව්ව ගමන් හිතුනෙ වික්ටර් රත්නායකට කිව්ව ඒකක් කියලා :rofl:

    අපරාදේ.මම පැහැදිලි කරන්න ගිහින් අර්ථකථනය වෙනස්වුණා නේද