කඩු සෙල්ලම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් සහ තවත් පිරිසක් සමඟ රාවුෆ් හකීම් අමාත්‍යවරයා සාකච්ඡාවක යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් වීමත් සමඟ ඒ පිළිබඳ ආන්දෝලනාත්මක කතාබහක් ඇති වුනා.

    කෙසේ නමුත් අදාල වීඩියෝව සම්බන්ධයෙන් අමාත්‍ය රාවුෆ් හකීම් අදහස් පළකරමින් ප්‍රකාශ කළේ හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ.එම්. හිස්බුල්ලාගේ පාර්ෂවයේ පිරිසක් සිය පාක්ෂිකයින්ගේ නිවාස වලට හානි කිරීමේ සිදුවීමක් අතරතුරදී තමන් එම ස්ථානය ගිය අවස්ථාවේ සහරාන් හෂීම්ද එම ස්ථානයට පැමිණ ඇති බවයි.

    ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ රාවුෆ් හකීම් අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා.

    "පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසට මඩකලපුවේ ආසනයක් ලැබුණා. එක්සත් ජාතික පක්ෂයටත් ආසනයක් ලැබුණා. හිස්බුල්ලා මැතිතුමා ජනාධිපති මැතිවරණයේදී රාජපක්ෂලාට සහය දුන්නා. පැරදුනා... ඊට පසුව ඔන්න පස්ස දොරෙන් මේකා ගිහිල්ලා මෛත්‍රිපාල උන්නැහේ අල්ලගෙන ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රිකමක් අරගත්තා.

    අරගෙන කරපු දේ එදා ගැසට් පත්‍රයේ පළවුණු විගසම ඒ රෑම පටන් ගත්තා අපේ පාක්ෂිකයන්ගේ ගෙවල්වලට ගහන්න. කඩ කඩන්න. මේක තමයි සහරාන්ලා කරපු වැඩේ. මේ කඩු සෙල්ලම පුරුදු වුණේ හිස්බුල්ලාගෙන්. ඉතින් මේ වගේ දේවල් කරලා.. එතනදි තමයි මට යන්න වුණේ. එවෙලේ මේ සිද්ධිය බලන්න මං ගියාම.. ඒ අස්සේ මේ හාදයත් රිංගලා ඇවිල්ලා. ඉතින් මං මොනා කරන්නද?. "

    සහරාන් හෂීම් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සාකච්ඡා පවත්වන ආකාරය සම්බන්ධයෙන් දර්ශන ඇතුළත් අදාල වීඩියෝව මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානය විසින් මාධ්‍ය වෙත නිකුත් කල අතර අතර එම සංයුක්ත තැටිය පොලිස් මූලස්ථානයට භාර දීමෙන් අනතුරුව පසුගිය 18 වනදා ඔවුන් විරෝධතාවයකද නිරත වුනා.
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     

    Similar threads