කඩේ ගියාට පාඩුවක් නැත>>>>

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    614
    486
    63
    කඩේ ගියාට පාඩුවක් නැත>>>>

    safe_image.php


    රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස සෝමරත්න දිසානායක පත් කිරීම පිළිබඳව මෛත්‍රී හිතවාදින් කනස්සල්ලටපත්ව සිටින බව වාර්තා වේ.රාජපක්ෂ පාලනය තුළ අපකීර්තිමත් ඉතිහාසයක් හිමි සෝමරත්න රූපවාහිනියේ සභාපති තනතුරට පත්කිරි මෙම තත්ත්වයට හේතු වි තිබේ.

    සෝමරත්න රූපවාහිනියේ සභාපති තනතුරට ගෙනැවිත් තිබෙන්නේ අතුරලියේ රතන හිමි හා කරුණාරත්න පරණවිතාන විසිනි. මෙම පත්වීම දින සීයේ වැඩසටහන වෙනුවෙන් බව දැනුම් දී තිබේ. අභ්‍යන්තර ‍විරෝධය මැඩලීම පිණිස රූපවාහිනියට පරිපාලන සේවයේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කරන්නට ඔවුන් පොරොන්දු වී තිබේ.

    චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන බව ප්‍රකාශ කළේ ය.අවස්ථා දෙකකදී තමන් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂට සහය දුන්න ද, ඔහු කලාව නගා සිටුවීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බවට සෝමරත්න දිසානායක චෝදනා කර සිටියා.


    ]lankanewsalert.com[
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් කාන්ස් සලයයෙන් ඉන්නේ මේ ගැන.....හැබැයි තාවකාලික පත් කිරීමක් ...බලමු මොකද වෙන්නේ කියලා....මම මේ ගැන මයිත්‍රිට කිවුවා