ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන්

වල Digital Services 18% කින් ගණන් යනවා, අලුත් VAT එකක් නිසා.
Netflix, Spotify, PayPal වගේ පිටරටින් දෙන හැම digital service එකකටම 18% ක VAT එකක් එකතු වෙනවා.
මේ අලුත් tax එක පටන් ගන්නේ 2025 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන්, VAT (සංශෝධන) පනත, අංක 4 යටතේ.

මේ tax එක පහළ තියෙන platform හරහා දෙන සේවාවලට බලපානවා:

Cloud computing (උදා: hosting, storage, servers)

Software as a Service (SaaS) (උදා: Google Workspace වගේ web-based apps)

Streaming (උදා: video, music, සහ live content platforms)

Digital marketing (උදා: social media ads, email campaigns)

E-commerce (උදා: online stores, payment gateways, order fulfilment)

Cybersecurity (උදා: threat detection, encryption, firewalls)

IT support (උදා: remote tech help, managed services)

Blockchain/NFTs (උදා: OpenSea, crypto platforms)

FinTech (උදා: PayPal, Stripe, online banking)

Social media (උදා: Facebook, Instagram platforms)

Marketplaces (උදා: booking apps, Fiverr වගේ gig platforms)

මේ VAT එක ඔයා ගෙවන ගාණටම එකතු වෙලා එන්නේ. ඒ කියන්නේ service provider විසින්ම ඔයාගෙන් මේ ගාණ අය කරනවා.

වල මේ services පාවිච්චි කරන business වලට "input VAT" claim කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා, ඒත් ඒක ක්‍රියාත්මක වෙන්න නීතිමය වෙනස්කම් ටිකක් කරන්න ඕන.

මේකට එකඟ නොවන providers ලව Inland Revenue Department එකෙන් block කරන්න අවදානමක් තියෙනවා.
මේ ගැන අදහස් (Thoughts):
රටෙන් පිට ඉන්න company වලින් සපයන digital services වලට tax ගහන එක දැන් ලෝකේ ගොඩක් රටවල් කරන දෙයක්.
හැබැයි,

වල මේ යෝජනා කරලා තියෙන VAT එකේ පරාසය වැඩියි. මේකෙන් cloud computing, SaaS, සහ fintech වගේ business වලටම ගොඩක් වෙලාවට පාවිච්චි කරන services පවා target කරනවා. මේක ලංකාවේ හැදීගෙන යන sillicon valley එකට සහ දේශීය tech sector එකේ දියුණුවට ලොකු බරක්.
18% ක VAT එකක් දාන එකෙන් tech stacks වල මුළු වියදම වැඩිවෙලා, මේ sector එකේ වර්ධනයට බාධා වෙනවා. ආණ්ඩුව sillicon valley එකට දඬුවම් කරන policies හදනවා වෙනුවට, ඒකට support කරන policies හදන්න ඕන.
ප්‍රායෝගික වැඩපිලිවලක් එකක් විදියට, cloud computing, සමහර SaaS products, සහ fintech වගේ business-use-case services වලට tax නිදහසක් දීලා, රටේ productive economy එකට කෙලින්ම දායකත්වයක් නොදෙන Netflix, Spotify, හෝ Uber වගේ පෞද්ගලික පරිභෝජනයට ගන්න services වලට දිගටම tax කරන එක කරන්න පුළුවන්.