කඩෝල් ඇතා

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    කඩොල් ඇතා ලංකාවේ ඉපදුන එකෙකි...ඌ ඉපදී ඇත්තේ දකුණු පලාතේය..ඌ ටිකක් මතක තියෙන ඇතෙකි..නන්දිමිත්‍ර නමැති පුද්ගලයා ගම් බිම් සමතලා කරමින් දෙමාපියනට වදයක් වූ විට නන්දිමිත්‍ර ගැන කාවන්තිස්ස රජතුමා හට සැලවෙයි..උතුරේ රජකල එලාර සමඟ සටන් කිරීමට පිඹුරුපත් සකසමින් සිටි කාවන්තිස්ස සේනාපති වරුන් එකතුකරමින් සිට ඇත.එවිට නන්දිමිත්‍ර නමැති කෙනා ගැන ආරන්චි වී ඇත..ඔහු මහා ශක්තිය ඇත්තෙකි..එබැවින් නන්දිමිත්‍රයා යෝදෙයෙකැයි රට පතල විය..


    පසුව කාවන්තිස්ස රජ විසින් කඩොල් ඇතු කුලප්පු කර නන්දිමිත්‍ර අභිමුවට යවයි..නන්දිමිත්‍ර කිසි දු වෙහෙසක් නොමැතිව කඩොල් ඇතු ගේ දෙදල බිම ඔබා ලූයේලු..එවක කඩොල් ඇතා කුඩා එකෙක් වෙන්නට ඇත..විජිතපුර මහ සටන අවස්ථාවේදී නන්දිමිත්‍රට අවුරුදු 40ක් වත් විය යුතු බව මගේ අදහසයි..වෛද්‍ය චන්න මහතා ලියූ සටහනකට අනුව යුද්ධයට ප්‍රථම අවුරුදු 22ක් කොත්මලේ ගැමුනු කුමරා සැඟවී සිට ඇත..එවිට යුද්ධයට යන අවස්ථාවේදී නන්දිමිත්‍රයා කාවන්තිස්සගේ හමුදාවේ බොහෝ කල් සිටි කීර්තිමත් සෙනෙවියෙකු වන්නට ඇත.


    කඩොල් ඇතාගේ දල බිම ඇනීම කඩොල් ඇතා ඌට කල අවමානයක් මෙන් සැලකුවලු..ඉතින් පස්සෙ මේ සද්ධන්තය තමන්ගෙ හකු ඇටේ වගේ තැනක පොල් ගෙඩියක් සඟවල තියාගෙන තිබ්බලු පස්සෙ කාලෙක නන්දිමිත්‍රයට ගහන්න..දැන් අපි පොල් ගෙඩිය බිම දැමූ තැන බලමු...


    ධූලි නඟිමින් මහා සක් හඬ මැඳ මේඝ ගර්ජනා කරමින් කඩොලැතු මහා දුටුගැමුණු සේනාව සමඟ එක්ව එළාර නම් වූ සොලියාට එරෙහිවැ විජිතපුර මහා බලකොටුව අභියස මහා සටනෙකැ ..කඩු කිනිසි තෝමර ලෙලවමින් මහ සෙනඟ සිටියක් සිය සතුරන් පමණක් හෙලා පියා පාගා ලීමට තරම් කඩොල් සමතෙක් මැ විය..


    මහා සේනාව සටනට වන් තැන කඩොලැතුද උන්හා එක්වැ නිර්භීතවමැ සිටි හෙයින් මොහු නම් මහ තෙද ඇති හස්තියෙක්ම වී හැකියි සිතූ දමිල සේනාහු උපායෙන් හෝ කඩොලැතු ලේ සොලවම්හි'යි සිතා මහා පවුරක් ළඟ සිට යුධයේ ඇලී සතුරන් කීතු කරන කඩොලැතු පිටට පවුර පෙරැලීමට සූස්තර යොදති...කෙතෙක් සිය වට පළිඟු මෙන් දිලි කඩු කිනිසි ලෙල දුන්නේ වී මුත් අප නන්දිමිත්‍රයානෝ සිය පන්චේන්ද්‍රියම විවෘත කොටගෙන සිටියාහු කඩොලැතු හට වන්ට යන විපත්තිය කල් තියාම දුටහ...පවනට බඳු වේගයෙන් වටා සිටි පර සෙබලු කැති ගෑ නන්දිමිත්‍රයෝ වහා කඩොල් ඇතු පිට පැණ පවුරෙන් එපිටට කඩොලැතු ගෙනෙනේ පවුරෙන් ඌට වන්නට ගිය මහා ඛේදයෙන් ඒ සැනින් ඌ මුදාලමිනි..කඩොලැතු පිටින් බට නන්දිමිත්‍රයනන්ට කඩොලැතු නමස්කාර කොට මෙතෙක් කෙදින හෝ නන්දිමිත්‍රයා නසමියි සිතා හක්කේ රුවා ලූ පොල් ගෙඩිය පිටතට වීසි කලේයැ..යි පුරාන පොත් හි සඳහන් වෙයි...




    මෙතෙක් කල් පොලක් තබාගෙන සිටි කඩොල් පසු කලෙක එසේ සඟවා ගෙන සිටි ගලකින් පහරදී ඔහුට කෝචොක් කිරීමට පැමිණි ඇත්ගොව්වකු මරණයට පත්කල බවද පොත්වල සඳහන් වෙයි...කෙසේ වුවත් විජිතපුර සටනේදී බලකොටු ද්වාරය බිඳීම..අවසන් සටනේදී කඩොලැතුට වඩා උසින් හා විශාලත්වයෙන් වැඩි වූ පන්ඩිත හෝ ඊට ආසන්න නමකින් හැඳින්වූ ඇතා බිම හෙලීම...සටන්වලදී ගැමුණු කුමාරයාට වාහනය වීම ආදී බොහෝ වැදගත් මෙහෙවර මෙඇතු අතින් වී යැයි අප ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි,,..




    හොද නමි කියපල්ලා
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    පනාමුරේ ඇතා


    p { margin-bottom: 0.08in; }




    ඇත්ගාල..


    අලින් නිතර පැමිණෙන ස්ථානයක ඔවුන්ට නොදැනෙන පරිදි විශාල ප්‍රදේශයක් වටකොට කම්බි ගසයි..කම්බි කණු සිටවනුයේ ගැඹුරුවලවල් වලට කනු බස්සවා ඒකනු සෙලවෙන්ට රිසි සේ තැබීමෙනි..එවිට අලින් විසින් කම්බි වැටට පහරදුන් කල යලිත් එම කම්බි විත් අලියාගේ ඇඟේ වදී..ඇත්ගාලක් පැවැත්වීමෙන් හීලෑ අලි සමඟින් එකතුව අලින් අල්ලා ගැනීමත් ඉන්පසු බැඳීමත් සිදුකරයි..මෙසේ මෙවැනි අලි ඇල්ලීමේ මහා ඇත්ගාලක් අවසාන වරට ලංකාවේ පැවත්වෙන්නේ පනාමුර ප්‍රදේශයේය..


    අලි ගාල පටන් ගත් දින සිට එම රැලේ නායකයා වූ ඇතාගෙන් වූයේ මහත් ගැහැටකි...ඇත්ගොව්වෝ සිය දිවි රැක ගත්තේ මහත් වෑයමෙනි..ඇත්තු අල්ලන්නට එන හීලෑ ඇතුන්ටද පහර පිට පහර දී එලවා දැමීමට පනාමුරේ ඇත් රජු සමත් වීය...කෙසේ වතුදු සාමාන්‍යයෙන් ගතවන කාලයකට වඩා වැඩි කාලයක් ඇත්ගාල පවත්වීමට සංවිධායකයිනට සිදුවිය..


    දේශපාලනික පසුබිම..


    එම ඇත්ගාල පැවත්වූයේ එවකට ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල කථානායක වූ සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාය..දෙවන ලෝක යුද සමයේ විදේශිකයින් හා උරෙනුර ගැටී යුද්ධයට සහාය දැක්වූ නිසාද මඩුවන්වෙල වලව්ව සම්බන්ධ අවසාන සිංහල රදලයෙකු වූ නිසාද කීර්තිමත් උගතෙකු වූනිසාද එතුමාට රටතුල කතානායක කමට හිමිකම් කීමට ඕනෑවටත් වඩා සුදුසුකම් වීය...


    මඩුවන්වෙල දිසාව ගැන මා බොහෝ කතා අසා ඇත ..එහෙත් මටනම් ඔහු නිකම් අහංකාර සිංහල රදලයෙකු පමණි..එකල ගෙවල්වල වැඩිවිය පත්වූ ගැහැනු ළමුන් පලමුවෙන්ම මඩුවන්වෙල දිසාව වෙත යොමුකොට සිටිය යුතු නීතියක් තිබුනේලු..ඒ වාගේම රටේ විදේශ විනිමය වැඩි කිරීමටදෝ මඩුවන්වෙල විසින් අලිගාල් විශාල ප්‍රමානයක් පවත්වා ඇතුන් පිටරට ඇරිය බව පරණ විස්තර අපිට පවසයි..සිය සිංහල රදල බව ආරක්ශා කරගැනීමට විනා අහින්සක සිංහල ගැමියන් වෙනුවෙන් පෙනීසිටි චරිතයක් නොවේ මඩුවන්වෙල දිසාව..එවැනි අයෙකුගේ කුහක දිවි පෙවෙතේ අහංකාර අවස්ථා කීපයක් දක්වා ඒවා සිංහල පොත් වලට රිංගවා විශය නිර්දේශ තැනුවෝ ළමුන් තුල කිනම් වූ කුශලතාවයක් වර්ධනය කිරීමට උත්සාහ කලේ දැයි මටනම් ගැටලුවකි...


    මේ ඇත්ගාල දින ගණනක් පැවැත්වීමට හේතු වූයේ කිසි ලෙසකින්වත් රැලේ නායක ඇතාව මෙල්ල කරගැනීමට නොහැකි වීමයි..එකල සිටි වාමාංශික දේශපාලකයි න් ඇතුලු බොහෝ පිරිස් මේ අමානුශික වධය පිළිබඳ උද්ඝෝශන පැවැත්වීය..එවිට ආන්ඩුකාර වරයා හෝ කතානායක වූ මොලමුරේ වැනි අයටත් ඉතිරි රදලයින්ටත් මෙය භාදාවක් විනි..එසේම මේ අලි සංහාර වලට විරුද්ධව මහා ජනමතයක් ඇති වීමට එය බලපෑවේය..එවිට මොලමුරේ මහතාද අපේ නාමික නිදහස ලබාගැනීමට පුරෝගාමී වූවෙක් ලෙස සැලකීය..එහෙත් අදමෙන් එක ජයග්‍රහනයකින් දෙනෝ දාහක් නොසන්ඩාල වැඩ වහගත හැකි මාධ්ය නොතිබීම ඇත් රජාගේ අමරණීයත්වයට හේතු වීයයි මා සිතමි..


    මෙම ඇතා සාමාන්‍ය එකෙකුට වඩා විශාල සරීර ප්‍රමානයෙන් යුක්තවීය..එසේම උගේ ගති ලක්ශන අනුව ඌ වටිනා එකෙක්ම විය..මඬුවන්වෙල දිසාවගේ මුනුබුරෙකු ඇත් මන්තර වලින් ඇතා මෙල්ල කිරීමට ගොස් සිය දිවි බේරාගත්තේ අනූ නවයෙනි...ඔහු පවසා තිබුනේ ඇතා කුලප්පු වී ඇති නිසා මන්තර අහන්නේ නැති බවකි..තවත් අලි මන්තර කරුවන්..හීලෑ අලින් යොදා ගත් ප්‍රකට අලි අල්ලන්නන් රැසකගේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී ගියේ ගඟට කැපූ හිනි මෙනි..කාලය සමඟ දේශීය මෙන්ම විදේශ මාධ්‍ය වලද මෙය ප්‍රධාන මාතෘකාවක් විය..ඇත්ගාලේ ප්‍රධාන චරිතයක් වූ මොලමුරේට මෙය මහා ප්‍රශ්ණයක් විය..


    අවසන තීරණයකට පැමිනුනි..අලුතින් ඇල්වූ අලි සියල්ල ගස් බැඳ ගාලේ දොර හැර ඇතාට යන්නට අවකාශ දෙන ලදී..එහෙත් සිය වරිගයේ උන් දුක් විඳිද්දී සිය සැප තකන මනුශ්‍යයිනට වඩා ඇතාගේ සිත බලවත් විය ..තමාට පැන යන්නට සියලු අවකාශ තිබියදීත් ..මෙතෙක් ගාල වටේ ලූ කණු වල ශක්තියට මහා බලයකින් පහර එල්ල කරමින් නිදහස සෙවූ ඇත් රජු..ඒ සියල්ල සිය හිතසුව පිණිසම නොවන බව මොනවට පසක් කරගනිමින් හැරලූ ද්වාර සහිත ගාලෙන් කිසිදු භෞතික බන්ධනයක් රහිතවම(අනික් අලි මෙන් මෙම ඇතාට කිසිදු කඹයක් හෝ නොවුනි ) වුව සිය මිතුරන් හැර යෑම ප්‍රතික්ශේප කලේය..


    දැන් විසඳුම් දෙකකි,,එකක් අලි සියල්ල නිදහස් කොට ඇත්ගාල වසා දැමිය යුතුය..නැතහොත් හස්තියා මරණයට පත්කල යුතුය..එහෙත් අතලෙවකන්නට මී කඩන සිරිතක් දේශපාලන හෝ ව්‍යාපාරික ලොවතුල නොහේ..ඉදින් කිසිවෙකුට වරදක් නොවූ අහිංසක සිව්පාවාට මරණ දඬුවමම හිමි විය..පලමුව රත්නපුර පොලීසියට භාරදුන් නමුත් මෙය ගැන විශ්වාසයෙන් කටයුතු කිරීම කල නොහැකි බවක් පැවසූ නිසා එවක ලංකාවේ සිටි හොඳම වෙඩික්කරුවා..පිඹගෙන ගිගුම් දෙමින් නාලාගිරි විලාසෙන්,,මේ අලුත් බටයක් ගෙන සිටින සුද්දා පෙරමුනට පැමිණි වීරයාගේ බොරු ඇස සිදුරු වී ලේ මුසුව ගියේය..සද්ධන්තයා පොලොවට බර විය..මෙතෙක් වේලා මුදලට ලොබින් හෝ සිය ජීවිකාව පිනිස හෝ ඇත් ගාලේ සිට මෙම දැවැන්තයා ඇල්ලීමට කුරුමානම් ඇල්ලූ ඇත්ගොව්වෝ..මෙවැනි පව්කාර වැඩක් වුවත් ඇතිදේ බැලීමට පැමිනි ජනකායෝ සිය ඇස් මොහොතකට කඳුලින් තෙත් වන්නට හලෝය..


    ඇතා මලත් බොහෝ වැදගත් අය මෙය හෙලා දුටුවේය..අලිගාල් සම්බන්ධ ජන අප්‍රසාදය වැඩි විය..මා මතකය නිවැරදි නම් එය අවසාන ඇත්ගාල විය..එසේම ඉන්පසු අලි සම්බන්ධ බොහෝ නීති රීති පොත්වලට එන ලදී..ලංකාවේ අලි ගහනය සීඝ්‍ර ලෙස අඩුවීමට හේතු වූ ඇත්ගාල් නැතිවීමට මහා වීරයානෝගේ දිවි දීම හේතු විය..එකල එය චිත්‍රපටි,, ගීත බිහිවීමට හේතු වූ මහා කාරනාවක් වීය..කොටින්ම ඒ මහා වීරයානෝ දෙස් විදෙස් හී පතල විය..ඇත්ගාල පැවැත්වූ තැන පුරාවිද්‍යා ස්ථානයක් විය..මඩුවන්වෙල මොලමුරේ වරුන්ට අකමැත්තෙන් වුව මේ හදිසි ඉල්ලම අත් හරින්නට ලෙයින් පිදූ ඒ පනා මුරේ ඉතිහාසය ඉවහල් වීය..


    සමහරෙක් මලත් නොමලේය..මන්ද උන් දෙනෝ දහක් දෙනා අඬන මරණය හා සිනාසුන හෙයිනි...
    පනාමුරේ ඇතාගේ කොත්තු සින්දුව මෙතන
    පරණ සින්දුව ඒ කීවෙ ඔරිජිනල් එක මෙතන
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හොඳ වැඩක්.... අපේ ඉතිහාස කතාවේ මෙච්චර කාලයක් දැනන් හිටියේ නැති දේවල් ටිකක් දැන ගත්තා...
    තව මේ වගේ ඒවා දාන්න.....

    rep++
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මහ වනේ බලවතා නැහැ තවත් දළ ඇතා! ඒ ප්‍රතාපවත් බළවතා තම අඩවියේ අභිමානවත් සංචාරයක...


    maha_vanaye.jpg
    අලි - මිනිස්‌ ගැටුම අද ජාතික අර්බුදයකි. මේ අලි - මිනිස්‌ ගැටුම නිසා මිනිස්‌සු හා අලි ඇත්තුද අතොරක්‌ නැතිව මියයති. එහෙත් දේශපාලකයෝ අලි කෙළියේ නියෑළෙති. අලි - මිනිස්‌ ගැටුමට විසඳුම් සොයනු වෙනුවට කන්නට - බොන්නට දෙයක්‌ ඉල්ලා හඬන අලින්ගේද, මිනිස්‌සුන්ගේද ඇස්‌වලට ඇඟිල්ලෙන් අනිති. හඬක්‌ නඟා තම දුක කියන්නට නොහැකි "වන රජුන්ගේ" වාසස්‌ථාන මැදින් "බුල්ඩෝසර්" ගමන් ගනිද්දී අත් පා සතරට විලංගු වැටුණු දේශයේ සාඩම්බර ඇත් රජුන් දණින් වැටී "ලොරිකබල්" තුළට ගාල් කෙරෙති.



    ගල්ගමුවට, වයඹට නොව රටටම සාඩම්බරය වූ "ගල්ගමුවේ මහ ඇතා" ඉකුත් දා විලංගුලා ලොරියක්‌ තුළ සිටියදී මියගියේ මේ පවුකාර අලි - මිනිස්‌ ගැටුමේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි. අලින්ට දිවිගෙවීමට ඇති වනාන්තර යළි ජාලයක්‌ මෙන් සකසනු වෙනුවට අලියා තම නිජබිමෙන් ඉවත්කිරීම අප කිසිවිටෙකත් අනුමත කරන්නක්‌ නොවේ. ගල්ගමුවෙන් - කලාවැවටත් (කහල්ල පල්ලෙකැලේ අභය භූමිය) එතැනින් කරුවලගස්‌වැවටත් -තබ්බෝව හරහා විල්පත්තුවටත් යන්නට යළිත් දින උදාවන තුරු බලාසිටි "ගල්ගමුවේ මහ ඇතුන්" ලොරියක නැඟී තමාට නුහුරුම පරිසරයක්‌ වූ මාදුරුඔයට, උඩවලවට හෝ වෙනත් කැලෑවකට යන්නට කිසිදා සිතුවේද පැතුවේද නැත. අලි - මිනිස්‌ ගැටුම ජාතික අර්බුදයක්‌ බවත්, අලි - ඇතුනට අවශ්‍ය සංචරණ වනාන්තර වහා යළි ලබාදිය යුතු බවත් නොසැලකූ බලධාරීහූ තමාට පහසුම තීරණයට එළැඹුනහ. ඒ "ගැලවි-ජාව" අනිකක්‌ නොව තවත් සිය ගණනක්‌ මෙන් " ගල්ගමුවේ මහ ඇතුද" ලොරියක පටවා "ඈත" කැලෑවකට අතෑරීමය. ගල්ගමුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය පරිදි ශ්‍රී ලංකාවේ මහ ඇත් රජුට විලංගුලන්නට වනජීවී නිලධාරීහු අවසානයේ කඳවුරු බැන්දාහ. ඊට ආසන්න හේතුව වශයෙන් කියෑවුණේ ගල්ගමුවේ සිව් දෙනකුට මෙම ඇතු පහර දී තුවාල කොට එක්‌ අයකු මරා දැමීමය.

    ඇතා අල්ලා ගැනීම ගැන අප පළමුව කරුණු විමසුවේ වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (සෞඛ්‍ය හා කළමනාකරණ) වෛද්‍ය තාරක ප්‍රසාද්ගෙනි. ඇතුගේ අල්ලා ගැනීමේ සිට මියගිය ආකාරය ගැන අපට කීවේ ඔහු එම මෙහෙයුම භාරව කටයුතු කළ නිසාය.

    අපි ඇතා අල්ලාගන්න කඳවුරු බැන්දෙ පසුගිය 21 වැනි දා ඉරිදා. මේ ඇතා ගල්ගමුව, සියඹලන්ගමුව, තේක්‌ක කොටේ, මීගලෑව වැනි ප්‍රදේශවල සැරිසරන බව අපි හඳුනාගන්තා. සඳුදා උදේ ගල්ගමුව මාකලානේගම වැවෙන් පාරට ගොඩවෙනකොට අපි ඇතාව අල්ලාගත්තා.

    වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් අලින් ගෙනයන විශේෂ ලොරි රථයකටයි අපි ඇතාව ගාල් කළේ. ලොරියේදී ආතාගේ දළ පහරකට ලොරියේ බිම යම් පලුද්දක්‌ ඇති වුණා. කොහොමහරි උදේ 6.30 ට අපි ඇතා රැගෙන ගල් ගමුවෙන් පිටත් වුණා. 7.45 ට විතර තඹුත්තේගමට ළඟා වුණා. එහිදී අපි දැක්‌කා ඇතා එකවරම ලොරියේ වාඩි වුණා. අපි බලනකොට දැක්‌කා ලෑල්ලක්‌ කැඩිල ඉස්‌සරහ කකුලක්‌ ඇතුළට බැහැල තියෙනවා. අපි වහාම අවට ගෙවල් වලින් ලෑලි ගෙනල්ල කපල සිදුර වහල දැම්මා. ඒත් ඇතා නැගිට්‌ටේ නෑ. ඌ ශරීර ප්‍රමාණයෙන් උස අඩි 9 1/2 ක්‌ පමණ වන වයස අවුරුදු 35-40 ක්‌ වූ අසාමාන්‍ය ඇතෙක්‌ දළයක්‌ අඩි (පහකට වඩා වැඩියි.)ඇතා ලොරියෙ වැටිල හිටපු විදිහ ටිකක්‌ අසාමාන්‍යයි. එක්‌ කකුලක්‌ යටවෙන විදිහට තමයි පාත්වෙලා හිටියේ. කොහොම හරි ඇතාට තමන්ගේ වාරුවෙන් නැගිටගන්න බැරිවුණා. දළ දෙක තරමක්‌ හිරවෙලා තිබුණෙ. අපි වහාම දොර පියන බුරුල්කර, අත්දෙකේ ලණුපොට කපල දැම්මා. ඒ අතරම වහාම මේ සතාව ළඟම තියෙන ආරක්‍ෂිත කැලෑකට මුදාහරින්න තීරණය කරලා. ඒ බව ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නා. ඒ අනුවයි ආපසු සියඹලන්ගමුව වැව් රක්‍ෂිතයට සතාව ගෙනාවේ. කඹ කැපුවත් ඉන්පසු ඇතා නැගිට්‌ටේ නෑ. ටික වේලාවකින් කටින් සෙමවගේ පිටවුණා. අපි තීරණය කළා ඇතා මියගිය බව වෛද්‍ය තාරක ප්‍රසාද් කීවේය.

    මේවගේ හදිසි අවස්‌ථාවක ගත යුතු ක්‍රියාමාර්ග සඳහා පහසුකම්වල ලොකු අඩුවක්‌ මෙහි දකින්නට පුළුවන් නේදැයි අප කළ විමසීමේදී නියෝජ්‍ය අධ්‍යක්‍ෂ තාරක ප්‍රසාද් කියා සිටියේ අවම තරමින් අලියා එසවිය හැකි දොඹකර රථයක්‌ (බූම් ට්‍රක්‌) සොයාගත හැකි වී නම් ඇතා ගැන බලාපොරොත්තුවක්‌ තබාගත හැකිව තිබූ බවයි. එසේම මෙවන් විශේෂිත ලොරි රථවල දෙපස දොරවල් හදිසි අවස්‌ථාවකදී විවෘත කිරීමේ හැකියාවක්‌ ලොරි තට්‌ටුව ලෑලි තට්‌ටු දෙකකින් නිමකිරීමත් වැදගත් අවශ්‍යතාවක්‌ බවද මෙහිදී අපට හැඟê යන කාරණයකි.

    එමෙන්ම අලියකු ප්‍රවාහනය කිරීම මෙන්ම නොව ඇතකු ප්‍රවාහනයේදී සුවිශේස අවදානයත් ඒ කෙරෙහි දැක්‌විය යුත්තේ දලවලට හානි සිදුවිය හැකි බැවිනි.

    මෙම අවාසනාවන්ත සිදු වීම පිළිබඳව අප මීළඟට කරුණු විමසා සිටියේ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස අභිනවයෙන් පත් වු වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහතාගෙනි. මේ ඒ මහතාගේ අදහසයි.

    මේක හදිසි අනතුරක්‌. ඒත් එවන් අනතුරකට මෙවන් සුවිශේෂී ඇතකු ගොදුරුවීම ගැන අප කනගාටු වෙනවා. මෙම ලොරිරථය අලින් විශාල ප්‍රමාණයක්‌ ප්‍රවාහනය කරපු අපේම රථයක්‌. කොහොම වුණත් මේ සිදුවීම ගැන අප පරීක්‍ෂණයක්‌ සිදුකළ යුතුයි. දැනටමත් වනජීවී මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රධානත්වයෙන් මම කමිටුවක්‌ පත් කරනු ලැබුවා. ඇතුගේ මියයැමට අදාළ සිද්ධීන් ගැනත්, අලි - ඇතුන් අල්ලා ප්‍රවාහනයේදී අදාළ කටයුත්තට අවශ්‍ය පහසුකම් මොනවා විය යුතුද යන්නත් මේ කමිටුවෙන් වාර්තා කළ යුතුයි.

    අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේය.

    මෙම ඇතුගේ මියයැම පිළිබඳව පරිසරවේදීන් කිහිපදෙනකුම වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා කරමින් කතාකළේ මෙය ඔවුන්ගේ හුදු නොසැලකිල්ල නිසා සිදු වූ වරදක්‌ බව පවසමිනි.

    නම හෙලි නොකළ ප්‍රදේශවාසියකු සඳහන් කළේ ඇතා රැගත් ලොරිය තරමක්‌ වේගයෙන් දාවනය කල බවයි.

    කෙසේ හෝ අප මෙතෙක්‌ මාධ්‍ය මගින් ඉන්නා තැන පවා හෙළිදරව් නොකළ මේ සාඩම්බරයා අකාලයේ අප අතරින් සමුගෙන ගියේ ඇතාගේ වරදකින් නොවේ. වරෙක පානමදී ප්‍රකට දළ පූට්‌ටුවා මියගිය මොහොතේ අප කළ යෝජනාවක්‌ මෙහිදීත් අපට නිතැතින් සිහිපත් වේ. ඒ මෙවන් ඇතුන් දේශයේ සාඩම්බරය ලොවට කියන්නවුන් බැවින් විශේෂ වනජීවී කණ්‌ඩායමක්‌ මගින් ඔවුන්ට රැකවරණ සැලසිය යුතු බවකි. එහෙත් මේ ඇත්රජුට එවන් විශේෂ රැකවරණයක්‌ නොලැබිණි. නැතහොත් ගෙනයන්නට තීරණය වූයේ නම් අවම තරමින් ප්‍රවාහනය ඇතුළු සුබසාධක කටයුතු වෙනුවෙන් මෙවන් සතුන්ට ආදරය කරන පරිසරවේදීන්ගේද සහාය ලබාගත යුතු බවකි. එසේ නම් අබලි ලොරිරථ වෙනුවට වෙනත් ප්‍රවාහන පහසුකම්ද, වෛද්‍ය තාරක ප්‍රසාද් සඳහන් කරන පරිදි දොඹකර සහිත රථයක සේවාවද ඔවුන්ගෙන් ලබාගත හැකිව තිබූ නිසාය.

    වනජීවී නිලධාරීන් කියන ආකාරයට මෙය අනාගතයට හොඳ පාඩමකි. එහෙත් එම පාඩම ඉගෙන ගන්නට රටටම හිටි සාඩම්බර ඇත් රජුම ගොදුරුවීම කනගාටුවට කරුණකි. එහෙත් වැදගත් වන්නේ මෙවන් ෙ€දාන්ත යළිත් ඇති නොවන තැනට වගබලාගැනීමය.

    maha_vanaye2.jpg


     
    • Like
    Reactions: Cool12345

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    moz-screenshot.png
    නැදුන්ගමුවේ රාජා
    moz-screenshot-1.png
    elephent aa.jpg

    වැනිදා රාති‍්‍රයේ වීදි සංචාරය කළ රත්නපුර මහ සමන් දේවාල පෙරහැරේ මහත් කළබැගෑනියක් සිදුවිය. පෙරහැර මාර්ගයේ පසක සිටි හරක් රංචුවක් හදිස්සියේම පෙරහැර මධ්‍යට කඩා වැදුණේ අනවසරයෙනි. ඉන් වඩාත් කළබලයට පත් වූයේ පෙරහැරෙ ගමන් ගත් අලි ඇතුන්ය. සැණින් කළබල වු නරඹන්නන්ද හිස් හැරුණු අත දිව ගියහ. කළබල වු අලි ඇතුන් කිහිප දෙනෙක්ද පෙරහැරෙන් ඉවත් කර ගැනීමට සිදුවිය. එහෙත් ධාතු කරඩුව සිය කර මත වැඩම කළ නැදුන්ගමුවේ රාජා හස්තියා කිසිදු කළබලයකින් තොරව මාර්ගයේ පසෙකට වී කළබලය අවසන් වන තුරු නිහඩව සිටියේය. ඉන් පසු නැවතත් තේජාන්විත ගමනින් ධාතු කරඩුව වැඩම කළේ එය තමා විසින් ගෞරවයෙන් හා භක්තියෙන් සිදුකළ යුතුම කාර්යක් බව පසක් කරමිනි.
    ‘‘ඒ අවස්ථාවේදී නැදුන්ගමුවේ රාජා සමන් දේවාලයේ ගෞරවය ආරක්ෂා කළා’’ යැයි සමන් දේවාලයේ ප‍්‍රධාන බස්නායක නිළමේවරයා වන සුනිල් ශාන්ත වීරසිංහ ප‍්‍රකාශ කරයි. රාජාගේ උපන් බිම ඉන්දියාවේ මයිසූර් ප‍්‍රාන්තයයි. හැටේ දශකයේ රාජා ලංකාවට පය තබන්නේ ඉන්දීය මහරාජාවරයෙකුගේ ත්‍යාගයක් ලෙසිනි. ඒ ත්‍යාගයේ හිමිකාරයා වූයේ නීලම්මහර වෙද හාමුදුරුවෝය. නීලම්මහර හිමියන්ට රාජා ලැබුණේ උන්වහන්සේ මහරාජාගේ රෝගියෙකු සුවපත් කිරීම නිසා එම සේවය ඇගැයීමක් වශයෙනැයි කියැවේ. කල්ගත වත්ම රාජාගේ ඊලග නවාතැන වන්නේ නැදුම්ගමුවේ වලව්වේ ඇත් පන්තියයි. නැදුන්ගමුවේ රාළහාමි නීලම්මහර හිමියන්ගෙන් රාජා මිලට ගන්නේ සිය ඇත් පවුර වර්ධනය කර ගැනීමේ අරමුණෙනි. වයසින් වැඩෙත්ම රාජාට නැදුන්ගමුවේ ඇත් පවුරේ හිමි වූයේ සුවිශේෂි ස්ථානයකි.පෙරහැරේ ගමන් කිරීම රාජාට පැවරුන ප‍්‍රමුඛ කාර්යයි. මේ වන විට රාජා පෙරහැරේ ගමන් කිරීම සම්බන්ධයෙන් විශාරදයෙකි.පනස් පස් වියැති රාජා මීට වසර පහකට පමණ පෙර සිට කන්ද උඩරට දළදා පෙරහැරේ ධාතු කරඩුව වැඩමවීට වරම් ලද්දේය.
    ‘‘මාලිගාවේ ධාතු කරඩුව වඩම්මන ඇතාට විශාල පෙර්ෂයක් තිබිය යුතුයි. උසස් පරම්පරාවක උපන් රාජාට හොද පෙෘර්ෂයක් තියෙනවා. නැදුන්ගමුවේ රාජා කියන්නේ ජාතික වස්තුවක්. ලංකාවට හිමි සංස්කෘතික දායාදයක්’’ රාජා පිළිබද මහ සමන් දේවාලයේ ප‍්‍රධාන බස්නායක නිළමේතුමා එසේ ප‍්‍රකාශ කරයි. එමෙන්ම රාජා දකුණු ආසියාවේ සිටින උසම ඇතා වීමේ භාග්‍ය හිමි කරගෙන සිටී. රාජාට උසින් අඩි 10.5 ක ශරීරයක් හිමිව තිබේ.
    රාජා සොයා ගෙන ගිය අපට රාජා හමුවූයේ ඉංගිරිය පාදුක්ක මහා මාර්ගයේදීය.මහ සමන් දේවාලයේ පෙරහැර නිම කිරීමෙන් අනතුරුව රාජා කොල්ලූපිටියේ වාලූකාරාම පෙරහැරට එකතු වීමට ගමන් අරඹා තිබේ. ඇත් ගොව්වා වන කොඩිතුවක්කුත් ගෝලයා වන ජයසේනත් රාජා සමීපයෙන් ආරක්ෂකයෝ සේ සිටිති.
    ‘‘අපි ඇහැළියගොඩට ඇවිත් ඊයේ කිරිඇල්ලෙන් ඇතා බැන්දා. අද ගලගෙදර උපසේන අලි බාස්ගේ ගෙදරින් ඇතා බදිනවා. කොල්ලූපිටියට යන්න තව කොහොමත් දවස් කීපයක් යයි’’ කොඩිතුවක්කු කියයි. කොඩිතුවක්කු නැදුන්ගමුවේ වලව්වට සේවයට එන්නේ 1972දීය. නැදුන්ගමුවේ ඇත් පවුරේ ඇතින්නක් සින්නක්කරව බලා කියා ගන්නට ඔහුට පැවරුණ ප‍්‍රථම රාජකාරිය විය. ඒ ඇතින්න මිය යාමෙන් අනතුරුව රජාගේ සමීපතමයා වන්නට කොඩිතුවක්කුට හැකි විය. මේ වන විට කොඩිතුවක්කු නොමැතිව රාජා කිසිවක් නොකරන බව ජයසේන කියයි. ජයසේනටත් කොඩිතුවක්කුටත් වසරේ වැඩි දිනක් ගත කරන්නට සිදුව ඇත්තේ රාජා සමග මහ පාරේය. රාජා කිසි දිනෙක වාහනයකින් ගමන් බිමන් යන්නේ නැත. ලංකාවේ හීලෑ ඇතුන්ගෙන් පයින් ගමන් කරන්නේ නැදුන්ගමුවේ රාජාත් මිල්ලන්ගොඩ රාජාත් පමණි.
    ‘‘අපි අවුරුද්දේ ඉස්සර වෙලාම ඇතා අරගෙන යන්නේ නුවර පෙරහැරට. ඊට පස්සේ ලූනාව, වාද්දුව, බෙල්ලන්විල, කෝට්ටේ, කැළණිය, මහ සමන් දේවාලයේ පෙරහැර අන්තිමට වාලූකාරාමේ පෙරහැරට ඇතා අරගෙන යනවා. නුවර පෙරහැරට අපිට යන්න දවස් පහක් විතර ගත වෙනවා.’’ කොඩිතුවක්කු කියයි. රාති‍්‍රයට ඇතා අතරමග පන්සලක බැදීමට පියවර ගනු ලැබේ. ඒත් ගෙදර වගේ රාජා පිට තැන් වල නිදාගන්නේ නැති බව ජයසේන කියයි.
    ‘‘රාජා අපිට දෙවිකෙනෙක්. මගේ දූ දරුවනුත් ජයසේනගේ පවුලත් රැකෙන්නේ රාජා හින්දා. අපිට රාළහාමි හොදට සලකනවා.’’ කොඩිතුවක්කු කියන්නේ දැසේ කදුථ පුරවාගනිමිනි. කොඩිතුවක්කු රාජාගෙන් ඈත්වන්නේ රාජාගේ කම්මුල් තෙමෙන විට පමණි. ඒ නොවැම්බර් මස සිට පෙබරවාරි මස තෙක් පමණි. පියවි සිහියට එන රාජා කොඩිතුවක්කු සමීපයට යන්නේ කීකරු පුතෙකු පරිද්දෙනි. මේ පුංචි මිනිසාට මේ සද්දන්තයා මහත් සෙනෙහසක් දක්වයි.
    රාජාගේ දෛනික රාජකාරී සියල්ල සිදුකරන්නෙ කොඩිතුවක්කුත් ජයසේනත් විසිනි. රාජාගේ දිනක කෑම වේලකට පොල් අතු පණහක් කිතුල් ගස් බාගක් හා කොස් අතු කිහිපයක් අයත් වේ. දිනකට පැය 5ක් 6ක් දිය නෑමටද රාජා කැමැත්තක් දක්වයි. වලව්වේ සිටින විට හීන්පන්විල ඇලෙන් දිය නාගන්නා රාජා ඇත් පන්තියට නොගොස් කෙළින්ම එන්නේ වලව්වටය. රාජා එනතෙක් බලා ඉන්නා වලව්වේ ඇත්තන්ගෙන් රාජාට රස කෑම ලැබෙන්නේ එවිටය. නැදුන්ගමුවේ වලව්වේ දූවරුන් පස් දෙනාගෙන් ලොකු මැණිකේට රාජා විශේෂ ලැදියාවක් දක්වයි. රාජා අතිශය කීකරු තැම්පත් ඇතෙක් බව රාජාගේ වත්මන් හිමිකරු වන නැදුන්ගමුවේ හර්ෂ රාළහාමි පවසයි.
    ‘‘මාසෙකට රාජාට රුපියල් 40 000ක් විතර වියදම් වෙනවා. ඇත් ගොව්වටයි ගෝලයටයි පඩි ගෙවනවා. ඇතාගේ කෑමටත් දවසකට රුපියල් 500ක් විතර වියදම් වෙනවා. රාජාට ලෙඩදුක් හැදෙනවා නම් අඩුයි.’’ හර්ෂ රාළහාමි දේශීය වෛද්‍යවරයෙකු බැවින් රාජාගේ ලෙඩට දුකට බලන්නට පහසුය. එහෙත් බඬේ අමාරුවක් පුංචි තුවාලයක් ඇරෙන්නට රාජාට මහ ලෙඩක් සෑදී නොමැත.
    ‘‘රාජා අපිට සම්පතක්’’
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මිල්ලන්ගොඩ රාජා




    as0908021-7.jpg
    ර්ගය දුෂ්කරය. ගමන පයින් ය. අපට නුහුරු වුව ද අවට ගම්වාසීනට නම් මේ ගමන හුරු ය. කඳු හෙල් පල්ලම් ඔස්සේ තේ වතු රබර් යාය මැදින් කුඹුරු අතරින් යන ගමනේ වෙහෙසක් නොදැනුණේ කඳු වළල්ල සිප ගෙන හමන සුළඟ සුවදායක නිසා ය. මේ යන ගමනේ අප නෙත ගැටුණේ මඟ දිගට එකම ඉසව්වක් බලා ඇදෙන ගම්වැසියන් ය. ඔවුන් ළමා ළපැටියන් ද පෙරටු කරගෙන ඒ ඇදෙන්නේ කන්දක් පාමුල වූ ස්ථානයකට ය.
    මෙතැන කෑගල්ල දිස්ති‍්‍රක්කයේ අරණායක ප‍්‍රදේශයේ බතලේගල කඳු පාමුල පිහිටි ගමේ දේවාලයකි. උස් භූමි අතරින් වූ සමතලා බිමක පිහිටි මිල්ලන්ගොඩ පුරාණ පත්තිනි දේවාලය වසර 200 කටත් වඩා පැරැණි බව ගම්මු පවසති. දේවාලයේ වාර්ෂික පෙරහර පැවැත්වෙන දිනය ඒ අවට කුඩා ගම්මානවල ජනයාට සුවිශේෂ ය. අවට ගම්මාන 32 ක පමණ ජනයා සිය දරුවන් ද කැටිව උදෑසන සිට මෙතැනට පැමිණෙන්නේ පෙරහර බලා කියාගෙන පත්තිනි මෑණියන් ගේ පිහිට ආරක්ෂාව ලැබ ගැනීමට ය.
    මෙහි ජනතාවගෙන් වැඩි දෙනෙකුගේ ජීවනෝපාය වී ගොවිතැන ය. වී අස්වනු හෙළීමෙන් පසු සෑම ගොවිගෙදරකින් ම වී දෝතක් පත්තිනි මෑණියන් සඳහා වෙන් කෙරේ. මේ වී එකතු කර පෙරහර දිනට පෙර දින වී කොටා පිළියෙළ කර ගනී. පෙරහර පැවැත්වෙන දින ඉදෙන අලුත් කිරිබත අනුභව කිරීමට ගම්මු අමතක නොකරති.
    මිල්ලන්ගොඩ පරම්පරාවට අයත් අලි ඇතුන් පෙරටු කරගෙන පෙරහර ඉතා කුඩා ඉඩකඩක් ඔස්සේ කඳුගැටය නගිමින් තෙවරක් දේවාලය පැදකුණු කොට අවසන් කෙරේ. අනතුරුව පැවැත්වෙන චාරිත‍්‍ර විධි කීපයකින් පසු අලි ඇත්තු දණ බිම ඔබා දේවාලයට වන්දනා මාන කරති.
    අප රටේ සංස්කෘතියේ සුවිශේෂී අංගයක් වන පෙරහර පැවැත්වීම සිදු කෙරෙන කාල වකවානුව දැන් එළඹ තිබේ. බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ බඳු ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්ලය ඉන් ප‍්‍රධානය.
    පෙරහරක තරාතිරම මනින පොදු මිනුම් දණ්ඩක් වන්නේ එහි ගමන් කෙරෙන අලි ඇතුන් සංඛ්‍යාවයි. අලි බැලුවත් බලි බැලුවත් ඇතිවීමක් නැතේ යැයි අපේ පැරැණි කියමනක් ද වෙයි. අලියකු ඇතකු පාරක යද්දී හැරී නොබලන කෙනෙකු නැති තරම් ය. ඒ තරමට ම අලි ඇතුන් බැලීමට අපි කවුරුත් ප‍්‍රියකරමු.
    අප ඉහත කී මේ කුඩා පෙරහරේ අලි ඇතුන් පස් දෙනෙකි. පෙරහර අවසානයේ අලි ඇත්තු දණ බිම ඔබා හොඬ ඔසවා දේවාලයට නමස්කාර කරති. ඒ අතරින් නායක ඇතා ලෙස සැලකෙන විශාල ඇතාට දණ බිම ඔබා නමස්කාරය අපහසු ය. ඊට හේතුව ඒ ඇතාගේ දළ දෙක ඉතා දිගු වීම ය. එහෙත් ඒ දළ බිම නොවදින සේ ඉතා අපහසුවෙන් හෝ නමස්කාරයට එම ඇතා හුරුව සිටියි.
    මිල්ලන්ගොඩ රාජා නමින් ප‍්‍රසිද්ධ මෙම ඇතා කීප වතාවක් ම ශ‍්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවා ඇතැයි වසර ගණනක සිට ඇතා බලා කියා ගන්නා වී.ජී.ආර්. කිරිබණ්ඩා පවසයි. ආසියාවේ දිගම දළ සහිත ඇතා ලෙස ද වාර්තා වෙන මේ ඇතා ගේ දළ අඩි 6 ක් පමණ දිග යැයි කියති.
     
    • Like
    Reactions: emil and migaramk

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    as0908021-8.jpg
    කිරි බණ්ඩා මිල්ලන්ගොඩ රාජා ඇතා සමඟ​
    පනස් අටවැනි වියේ පසුවන කිරිබණ්ඩා මහතා ගේ පියා ද ඇත්ගොව්වෙකි. වසර දාහතරකට ආසන්න කාලයක සිට ‘මිල්ලන්ගොඩ රාජා’ බලා කියා ගන්නා කිරිබණ්ඩා මහතා ඇතා ගේ ගති පැවතුම් හොඳින් හඳුනයි.
    “මෙයා ගෙනියන්නේ පෙරහරට විතරයි. වැඩ කරන්න කැමැති නැහැ” දළදා පෙරහරේ යනකොට හරිම ආඩම්බරයි. හීන් සීරුවේ යනවා. පෙරහරට පාවාඩ එළන කොට අනිත් අලි වගේ යන්නෙ නැහැ. පාවාඩ එළනකම් නැවතිලා ඉඳලා හීන් සීරුවේ අඩිය තියනවා.
    හරිම තැන්පත් ගතිගුණයි තියෙන්නෙ. මට හරිම ළෙන්ගතු යි. කේන්ති ගියත් මගෙන් පළිගන්නෙ නැහැ. වාහනයකට හරි ගහකට හරි ඇණලා නිකම් ඉන්නවා. තරහා ගියාම ඒ විදිහට බයකරලා ඉන්නවා මිස කලබල කරන්නෙ නැහැ.”
    මිල්ලන්ගොඩ රාජා පෙරහරේ යද්දී මදක් ගමන බාල කර යමක් විපරම් කරනු අපි දුටුවෙමු. එවිට ඇත්ගොව්වා අතට ගත් යමක් ඇතා ගේ කටට දමයි. ඇතා යළි ගමන අරඹයි. අපි ඒ පිළිබඳව කිරිබණ්ඩා මහතා විමසුවෙමු.
    “මෙයා ටොපි කන්න හරි කැමතියි. පෙරහර පටන් ගන්නකොට මං ටොපි 50 ක් 100 ක් අරන් තියා ගන්නවා. කටට ටොපියක් දැමුවහම ඒක කකා යනවා. එතකොට එයාගේ හිතටත් හොඳයි” ඔහු පැවසීය.
    රටේ කුමන ප‍්‍රදේශකයක හීලෑ අලි ඇතුන් සිටිය ද ඒ සැවොම පාහේ ශ‍්‍රී දළදා පෙරහරට එක් කිරීම සිරිතකි. අප දුටු මේ අලි ඇත්තු පස් දෙන ම එලෙස වසර ගණනක සිට ශ‍්‍රී දළදා පෙරහරේ ගමන් කරති.
    කෑගල්ලේ මොලගොඩ පදිංචි නිමල් කරුණාතිලක මහතා ද වසර 15 කට වැඩි කාලයක් තිස්සේ අලි ඇතුන් බලන පළපුරුදු ගොව්වෙකි. ඔහු බලා කියා ගන්නා අලියා ගේ නම ද රාජා ය. අලියාට වයස අවුරුදු 50 ක් විතර ය.