කණ්නාඩියේ ප්‍රහේලිකාව
අප සමග මරා ගැනීමට එන අයට අභ්‍යසයක් ලෙස අප කීවේ ගෙදර කණ්නාඩියක් නොමැති ද යන්නය. සමහරුන් මේ නිසා තම තමන්ගේ මුහුණු ප්ලාස්ටික් සැත්කම් වලට පවා භාජනය කරන්නට විය.
කණ්නාඩියක් ඉදිරිපිටට ගොස් ඔබේ මුහණු දෙස විනාඩි දෙක තුනක් බලා සිටින්න. එවිට ඔබට අමුත්තක් දැනේවි. එලෙස වන්නේ ඇයි? ඔබේ ප්‍රතිරූපය (Image) හෝ අහම (ego) සහ ඔබේ ‘මම’ (I) අතර පිරිද්දිය නොහැකි පරතරයක් පවතියි. බහුතර දෙනාට අවබෝධයක් නැති වුනත් අපගේ ප්‍රතිරූපය තනන්නේ වෙනත් කෙනෙකි. අපට අපගේ ‘ප්‍රතිරූපය’ එන්නේ ඇතුලතිකින් නොව පිටතකින්ය. මේ නිසා අප අපගේ ප්‍රතිරූපය තල දර්පනයක් මත නරඹමින් සිටින විට ඒ මතට අනෙනෙකු ප්‍රක්ශේපණය වුවහොත් අප බියට පත් වෙයි. ( පහත වීඩියෝවේ එවැනි දර්ශණ විශාල ගණනක් ඇත) බෙහෝ විට අපගේ ප්‍රතිරූපයේ පරිසමාප්තභාවය බිදින්නේ අපට සමීප අනෙකෙකි.ඔහු/ ඇය අපගේ බිරිද,සැමියා,පෙම්වතා,පෙම්වතිය,විය හැක. අපගේ ප්‍රතිරූපයේ සංස්ථතිය අනෙකා බිද දමන නිසා එක විටම අප ආලය කරන කෙනා වෙතට හිංසනයක් මුදා හැරීමද සුලභය. ස්ථිරසාර ප්‍රතිරූපයක් තනා ගැනීම මේ නිසා ආදරයෙන් පටන් ගෙන වියරුවෙන් අවසන් වෙයි. තවත් සමහර විට මෙම පහත වීඩියෝවේදී මෙන් කෙනෙකු තමන් ගේ අතීත ප්‍රතිරූපයකට වර්ථමානයේ බිය විය හැක.
කණ්නාඩියක් ඇත්තේ මුහුණ නරඹන්නට පමණක් නොවන බව දැන් ඔබට වැටහෙනවද? ප්‍රතිරූපය සම්බන්ධ වන්නේ ඔබේ ශරීරයට නොව අනෙකාගේ විඥාණයට බව කල්පනා කරන්න
3mana aken gatthe hondai kiyala hithuna