කණ පන්ඩිතයා දන්නා බුද්ධාගම : ප්‍රචණ්ඩත්ව&#3514

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    කණ පන්ඩිතයා දන්නා බුද්ධාගම : ප්‍රචණ්ඩත්ව&#3514

    කණ පන්ඩිතයා දන්නා බුද්ධාගම : ප්‍රචණ්ඩත්වයට පිළිතුරු දෙන්න ඕනෑ රචණ්ඩත්වයෙන්මයි.





    අමිල ගුණරත්න

    ලංකාවේ කලා උපාධිය හරහා විශ්ව විද්යාල කථිකාචාර්යවරුන් බවට පත් වූ පුද්ගලයන් යනු එක්තරා ආකාරයක හීනමානයෙන් පෙලෙන කොටසකි. මොවුන් බොහො දෙනෙකු ඉන්ග්‍රීසි නොදන්නා ඒක භාශිකයන්ය. මේ නිසා නවීන දැනුම මොවුන්ට ලැබෙන්නේ සීමිතවය. මොවුන් ලෝකයට විවර වන්නේ තනි ඇසකිනි. විද්‍යාව තාක්‍ෂණය ගැන මෙලෝ හසරක් නොදන්නා මොවුන් ගිරා පෝතකයන්සේ වනපොත් කර දැමූ කලා විශයන් ගැනද ගැඹුරු දැනීමක් නොමැත. ඒ නිසා මොවුන් දැනුම පෙන්වන්න කියා බල්ටි ගසන්නේ බුදු දහම පෙරටු කොටගෙනය​. මොවුන් ගේ ඉලක්කය දැනුමින් අඩු ග්‍රාමිය බොදු ජනතාවය.

    මෙවැනි කණ පන්ඩිතයෙකු වූ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අත්තනායක එම් හේරත් නැමැත්තා පසුගිය​ 15 දා මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැති ‘රාවණ බලය’ සමුළු වේදී බුදුදහම උදර පෝෂණය සඳහා විකෘති කරමින් මෙසේ කීවේය​.

    මුගලන් හාමුදුරුවෝ කියන්නේ හොඳට ගුටිකාලා පුරුදු චණ්ඩි ස්වාමීන්වහන්සේ නමක්. බුද්ධියෙන් විසඳන්න බැරි හැම ප්‍රශ්නයකටම බුදුන්වහන්සේ යැව්වේ මුගලන් හාමුදුරුවන්ව. ප්‍රචණ්ඩත්වයට පිළිතුරු දෙන්න ඕනෑ රචණ්ඩත්වයෙන්මයි.

    මේ අත්තනායක එම් හේරත් කණ පන්ඩිතයා දන්නා බුද්ධාගම වේ.


     
    • Like
    Reactions: Fox Mulder89