‘බය නැතුව ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ කන පලන්න..පලලා අපට කියන්න, ආරක්ෂාව දෙනවා‘ - ඇමති විජයදාස නවක සිසුන්ගෙන් ඉල්ලයි
කවුරුන් කෙසේ කීවත් නවක වධ පනත 100% ක්‍රියාත්මක කරන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.අද (16) පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.
එමෙන්ම ශ්‍රීලංකා විශ්ව විද්‍යාල පද්ධතියෙන් නවක වධය සහමුලින්ම උපුටා දැමීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයම ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..
‘නවක වධය සම්පූර්ණයෙන් නැවත්වීමට අලුතෙන් විශ්ව විද්‍යාල වලට එන දූදරුවොත් තමන්ගේ අයිතිය පාවිච්චි කරන්න ඕන .විශ්ව විද්‍යාල වල ජ්‍යෙෂ්ඨ උත්තමයෝ උත්මාවියෝ හිටියට කමක් නෑ.හැබැයි අලුතෙන් එන විශ්ව විද්‍යාල ශිෂ්‍යාටත් ඒ අයිතියම තියනවා.නවක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සංවිධානය වෙලා එන්න තමන්ගේ පීඨයට. කවුරුන් හෝ හිංසනයක් කරන්න ලෑස්ති වුනොත් තමන්ගේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරන්න. ජ්‍යෙෂ්ඨ උත්තමයො දෙතුන් දෙනෙක්ගේ කන පැලුවට කමක් නෑ. අපි ඔවුන්ට ආරක්ෂාව දෙනවා.බය නැතුව ක්‍රියාත්මක වෙන්න. කරලා අපට කියන්න. ලගම තියන පොලීසියට කියන්න‘ යනුවෙන් සඳහන් කළේය.
neth

