කතකට අවමන් කළ දුම්රිය ලොක්කා කවුද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගම්පහ ප්‍රදේශයේ දුම්රිය ස්ථානයක ප්‍රධානියක් සහ ප්‍රවේශපත්‍ර පරික්ෂාකරන නිලධාරියකු ප්‍රසිද්ධියේ අවමන් කරමින් බැන වැදුණැයි එම කාන්තාව නිලධාරීන් දෙදෙනාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

    එම කාන්තාව ඇයගේ එකොළොස් හැවිරිදි දරුවා ද කැටිව ගම්පහ දුම්රිය ස්ථානයේ සිට අදාල දුම්රිය ස්ථානයෙන් බැස තිබේ.

    දොරටුවේ සිටි දුම්රිය ප්‍රවේශපත්‍ර පරික්ෂාකරන නිලධාරියා ඇයගෙන් ප්‍රවේශ පත්‍රය ඉල්ලා සිටි අවස්ථාව එය ලබාදීමට ප්‍රමාද වූ වූයේ යැයි චෝදනා කරමින් මගීන් ඉදිරියේ ප්‍රසිද්ධියේම අවමන් සහගත ලෙස ලෙස බැණ වැදී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරයාට මේ බව පැමිණිලි කිරිමට ගිය අවස්ථාවේ ඔහු ද එවැනිම ආකාරයට ප්‍රසිද්ධියේ බැන වැදී යළි දුම්රිය ස්ථානයට නොපැමිණෙන ලෙසට ද තර්ජනය කළැය ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ

    දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් තමාගේ ඡායාරූප ලබාගත් බවත් තමන් ද මෙම සිද්ධිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කරගත් බවත් එම කාන්තාව පොලිසියට පවසා ඇත.