කතරගම දෙවියන් හා බැඳුණු ජන කතා

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කතරගම දෙවියන් හා බැඳුණු ජන කතා

    කතරගම දෙවියන් හා බැඳුණු ජන කතා

    god-kataragama.jpg


    සෙල්ල කතරගම සහ වැඩිහිටි කන්ද සම්බන්ධයෙන් වූ ජනප්‍රවාද හා ඓතිහාසික තොරතුරු බොහොමයක්‌ වෙයිs. වල්ලි අම්මාගේ නිජභූමිය ලෙස සැලැකෙන්නේ සෙල්ල කතරගම ය. මැය ස්‌කන්ධ නොහොත් කඳසුරිඳුගේ ලාංකික බිසව ය.

    සෙල්ල කතරගම හා වැඩිහිටි කන්ද

    මැණික්‌ ගං ඉවුරේ පිහිටි සෙල්ල කතරගමේ මුල් පදිංචිකරුවෝ වැද්දෝ ය. වල්ලි අම්මා වැදි පවුලක උපන් රූමත් තරුණියකි. ඇය විවාහ කර ගැනීමෙන් කඳකුමරු වැදි ජනයාගේ ඥාතියකු බවට ද පත් විය. තවත් ප්‍රවාදයක සඳහන් වන්නේ මැය කතරගම ප්‍රදේශයේ නායකයෙකුට දාව උපන් රූමත් දියණියක බවයි. වැද්දන්ගේ වාසස්‌ථානය වූ මෙම ප්‍රදේශය, පසුව ක්‍ෂත්‍රියයන්ගේ වාසස්‌ථානය බවට පත් විය. සෙල්ල කතරගමේ දක්‌නට ලැබෙන සංඝාරාම සහ පිළිම අවශේෂවලින් විද්‍යමාන වන්නේ, එකල මෙය බෞද්ධ පුරවරයක්‌ ව පැවැති බව ය. කුඩා කතරගම යනුවෙන් දැන් මෙය හැඳින්වෙයි.

    වැඩිහිටි කන්දට එම නම ලැබී ඇත්තේ කන්දසාමි (කතරගම දෙවිඳු) එහි වැඩ සිටි නිසා ය. සුර අසුර යුද්ධයේ දී, අසුරයන් පරාජය කිරීම සඳහා ස්‌කන්ධ කුමරුගේ මෑණියන් වූ පාර්වති දේවිය සිය සිරුරින් ගෙන දුන් දිව්‍යමය වේලායුධය කුමරු තැන්පත් කරනු ලැබූයේ, හේම කූඨය හෙවත් වැඩිහිටි කන්දේ ය. එය පිහිටියේ සෙල්ල කතරගමට තරමක්‌ ඈතින් ය. කතරගම පිහිටියේ වැඩිහිටි කන්දට සැතැපුම් තුනක දුරින් ය. වැඩිහිටි කන්දේ මතුවන දේවාලයක නටබුන් අනුව පෙර එහි දේවාලයක්‌ තිබූ බවට තොරතුරු අනාවරණය වෙයි. මෙහි කඳුවැටි ආශ්‍රය කර ගනිමින් සෘෂිවරු භාවනානුයෝගීව වැඩ සිටිය හ.

    බෞද්ධ පොත්පත් අනුව වැඩිහිටි කන්ද හා සෙල්ල කතරගම පිහිටි ප්‍රදේශ මහාසම්මත රජුන්ගේ පෙළපතේ නිජ භූමිය වෙයි. මෙහි රජුන් පාලනය කළ රාජධානිය මැණික්‌ ගඟ මැදි කොට ඉදිවූවකි. ඔහුගේ මාලිගාවද පිහිටියේ එම ස්‌ථානයේ ය. මහාසේන රජුගේ පාලන කාලයේ බුද්ධFවයෙන් අටවැනි වර්ෂයේ දී, බුදුරජාණන් වහන්සේ පන්සියයක්‌ රහතුන් සමඟ වැඩිහිටි කන්දට වැඩම කර සමාපත්ති සුවයෙන් එහි වැඩ සිටියහ. එහි දී බණ ඇසූ මහාසේන රජු, සෝවාන් ඵලයට පැමිණ බුදුන්වන්සේ දුන් කේශ ධාතු ගෙන උන්වහන්සේ වැඩ සිටි ආසනය ද සමඟ නිදන් කොට එහි චෛත්‍යයක්‌ ඉදි කළේ ය. මහා මංගල මහා සෑය යන නමින් හැඳින්වෙන එය, කිරිවෙහෙර යනුවෙන් වර්තමානයේ දී ව්‍යවහාර වෙයි. පුරාවිද්‍යාත්මක සාධක ඇසුරෙන් පෙනී යන්නේ, මෙම ප්‍රදේශය බෞද්ධයන්ගේ පුදබිමක්‌ව පැවැති අයුරු ය.

    මහාසේන රජු මරණයට පත් වී දේවාත්මයක්‌ ලැබ, මංගල මහා සෑයට මෙන් ම කතරගම ප්‍රදේශයටද රැකවරණය ලබා දෙන බවට ද ප්‍රවාදයකි. මෙසේ දේවFවය ලැබූ මහාසේන මෙහි බෞද්ධ දෙවියකු ලෙස පුද පූජා ලබත්. සමන්තපාසාදිකාවේ සඳහන් වන අන්දමට සංඝමිත්තා තෙරණිය මෙහි රැගෙන පැමිණි ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ මහමෙවුනා උයනෙහි රෝපණය කළ දවසේ පැන නැගුණු බෝධි අංකුර අටෙන් එක්‌ අංකුරයක්‌ කජාරගාමයේ සිට පැමිණි ක්‍ෂත්‍රීය රජ කුමාරවරු ඉල්ලා සිටියෝ ය. එසේ ලබා ගත් එම අංකුරය රෝපණය කර ඇත්තේ, වත්මන් මහ දේවාලයට නුදුරිනි. මෙසේ චෛත්‍යය හා බෝධීන් වහන්සේගෙන් සමන්විත වූ මෙම ප්‍රදේශය බෞද්ධ පුරවරයක්‌ වීය. දැනට මෙම ප්‍රදේශයෙන් මතුවන්නා වූ ඉපැරණි සංඝාරාම හා පිළිම අවශේෂ වලින් එය මනාව පසක්‌ වෙයි.

    යෝගියෙක්‌ ලෙස දුටුගැමුණු රජු වෙත පැමිණි කතරගම දෙවියෝ වැඩිහිටි කන්ද සම්බන්ධයෙන් තවත් වැදගත් පුවතක්‌ ද වේ. ඒ එළාර සමඟ පැවති යුද්ධයෙන් ජය ගතහොත් යෝගී වේශයෙන් එහි සිටි කඳ සුරිඳුට දේවාලයක්‌ ඉදිකර දෙන බවට දුටුගැමුණු කුමරු ලබා දුන් පොරොන්දුවයි. එම ජනප්‍රවාදය අනුව මැණික්‌ ගං තීරයේ ගිමන් හරින දුටුගැමුණු කුමරු, යෝගියෙකු ගං දිය දෙබෑ කරමින් පෙළහර පානු දැක ඇත. එය සිත් ගත් දුටුගැමුණු කුමරු තමන් එළාර රජු සමඟ කරන යුද්ධයෙන් ජය ගන්නේ දැයි යෝගියා ගෙන් විමසී ය. නිසැකව ම කුමරු යුද්ධයෙන් ජය ගන්නේ යෑ යි අනාවැකිය පළ කරමින් යුද්ධයේ දී පාවිච්චි කිරීම සඳහා අසිපතක්‌ ද කුමරුට ලබා දුන්නේ ය. තමන් යුද්ධයෙන් ජය ගතහොත් යෝගියාට වැඩ සිටීමට සුදුසු දේවාලයක්‌ද ඉදිකර දෙන බවට කුමරු එහි දී ප්‍රතිඥාවක්‌ ලබා දුන්නේ ය. කඳ සුරිඳු එසේ යෝගියෙකු ලෙස ගං දිය දෙබෑ කරමින් පෑ පෙළහර, වර්තමානයේ පැවැත්වෙන දිය කැපීමේ මංගල්‍යය සිහි ගන්වයි.

    සටනින් ජය ගත් දුටුගැමුණු රජු ගං දිය දෙබෑ කරමින් එදා පෙළහර පෑ යෝගියා කඳ සුරිඳු බව දැන, දෙවිඳු හමුවීමට වැඩිහිටි කන්දට පැමිණ දේවාලය ඉදිකරන්නේ කවර ස්‌ථානයක දැයි විමසී ය. වැඩිහිටි කන්දේ සිට තමන් විදිනු ලබන හීය බිම පතිතවන ස්‌ථානය මාගේ අනාගත වාස භූමිය වන්නේ යෑ යි සුරිඳු ප්‍රකාශ කළෙන්, දැනට දේවාලය තිබෙන ස්‌ථානයට එම හීය වැටුණෙන් දේවාලය එහි ඉදි කෙරිණ.

    සුරාසුර යුද්ධයේ දී එම යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවූයේ ස්‌කන්ධ කුමරු ය. මේ සම්බන්ධයෙන් දේව කතා මෙන් ම පුරාවෘත්ත කිහිපයක්‌ ද වෙයි. මහා භාරතයේ සඳහන් වන පරිදි මෙම සුර අසුර යුද්ධය පැවතියේ කළුතර ප්‍රදේශය ආශ්‍රිතව ය. සුරයන්ට එරෙහිව සටන් කළ අසුරයින්ගේ නායකයා වු තාරකගේ අසුර භවන, කළුතර ප්‍රදේශයේ පිහිටීම ඊට හේතුව විය.

    ස්‌කන්ධ කුමරුගේ මව - උමා දේවිය, අයුක්‌තිය මැ`ඩ යුක්‌තිය දිනවීමේ දිව්‍යමය බලයක්‌ සහිත වූ වේලායුධය තාරක සමඟ යුද්ධයට යන තම පුතුට ලබා දුන්නා ය. යුද්ධයේදී තාරක දෙපලු කළේ මෙම වේලායුධයෙනි. අනතුරුව එය වැඩිහිටි කන්දේ තැන්පත් කළේ ය. යුද්ධයෙන් ජයගත් ස්‌කන්ධ කුමාරයා තමන්ගේ වාස භූමිය වූ ඉන්දියාවේ ත්‍රීච්චන්දුර් බලා පිටත්ව ගියේ ය. මේ වන විටත් ඉන්දීය කුමාරිකාවක වූ තේවානි සමඟ කුමරු විවාහ වී සිටියේ ය.

    මෙසේ වැඩිහිටි කන්ද මහානුභාවසම්පන්න ප්‍රදේශයක්‌ව පවතින්නේ, මෙහි පවතින ගුප්ත බලය ද ඊට ආරෝපණය කර ගනිමින් ය. 'සුරතේ වේලායුධයක්‌ දරා ගෙන රණමයුර වාහනාරූඪව --- යක්‍ෂ සේනාපතීන් පිරිවරා ----වැඩිහිටි කන්දේ වාසය කරන කතරගම දිව්‍යරාජයාණන් වහන්ස්‌ යන පුරාණ දේව කන්නලව්වේ මෙය මහ ඉහළින් වර්ණිතය.

    වල්ලි අම්මා

    කුමරුට වල්ලි හමුවූයේ සෙල්ල කතරගම මැණික්‌ නදියේ ගඟ මැද දූපතක හේනක්‌ රකිමින් සිටිය දී බවට ප්‍රවාදයකි. ඇය වාසය කළේ ගල් ගුහාවලින් සමන්විත වූ ප්‍රදේශයක ය. මෙම ස්‌ථානයේ ගණ දේවාලයක්‌ ද පවතී. මෙම දෙදෙනාගේ විවාහය ගණදෙවියන්ගේ නැණ මහිමයෙන් සිදුවූයේ යෑයි ද ප්‍රවාදයකි. වල්ලි පිළිබඳ තොරතුරු නාරද සෘෂිගෙන් දැනගත් කඳ කුමරු, ඇය සොයා නැවත ලක්‌දිවට පැමිණියේ මුතුලිංගම් හා කළ්‍යාණගිරි යන දෙදෙනා ද සමග ය. එසේ පැමිණි කුමරු වල්ලි මුණගැසුණ ද, ඔහු පිළිබඳව ඇගේ කැමැත්තක්‌ නො වී ය. කවර වූ උපක්‍රම යෙදුව ද, වල්ලිගේ සිත දිනා ගැනීමට කුමරු අපොහොසත් විය. එහිදී දෙදෙනා එක්‌ කිරීමට කපුකම කළේ කඳ කුමරුගේ සොහොයුරු, මුතුලිංගම් ය.

    මුතුලිංගම් මීට උපක්‍රමයක්‌ යෙදුවේ ය. දර අහුලමින් වල්ලි කැලයේ සිටින තැනට පැමිණෙන ඇත් වේශය ගත් මුතුලිංගම් ට බිය වන ඇය බේරා ගැනීමට කඳකුමරු ඉදිරිපත්වීම මෙකී උපක්‍රමය විය. ඇත්වේශයෙන්a තමන් මිදීම සඳහා මුතුලිංගම් ලබා දුන් කෙණ්‌ඩියේ පැන් ගෙන කුමරු විසින් ඉසිය යුතු= වි ය. පැන් කෙණ්‌ඩිය කුමරුගේ අතේ තිබිණ. ඇතුට බියවූ වල්ලි තමන් ඉදිරියට එමින් සිටි කුමරුගේ සිරුරෙහි එල්ලුණි. ඒ හදිස්‌සියට කෙණ්‌ඩිය බිම වැටී එහි තිබූ පැන් සියල්ලම බිමට වැටිණ. තමන් මවා ගත් ඇත්වේශයෙන් මිදීමට කෙණ්‌ඩියේ පැන් බිඳක්‌ වත් නො වී ය. ගණදෙවි කෝවිලේ පූජා ලබන්නේ ඇත්වේශයෙන් සිටි මේ මුතුලිංගම් යෑයි ද මතයකි. එහෙත් ඉන්දියානු හින්දු ගණදෙවි විස්‌තරයට මෙය පටහැනි ය. ඒ අනුව ගණදෙවි කෝවිලේ පූජා ලබන්නේ හින්දු මතයේ සඳහන් ගණේෂ දෙවිඳු ය.

    ජනප්‍රවාද අනුව වල්ලි අම්මාගෙන් පිරිනැමුණු කඳසුරිඳු ඉතාමත් ප්‍රිය කළ ආහාරයක්‌ විය. මී පැණි සමඟ ධාන්‍ය පිටි මිශ්‍රිත තලපය ඇය කුමරුට පිරිනැමුවේ සෙල්ල කතරගම දී ය. වැඩිහිටි කන්දේ සිට පැමිණි කඳකුමරු, වල්ලි අම්මා සමඟ වාසය කළේ ද සෙල්ල කතරගම ය. ස්‌කන්ධ කුමරු මෙහි පැමිණීමෙන් අනතුරුව ඉන්දියාවේ තේවානි බිරිඳ ද නොබෝ කලෙකින් මෙහි පැමිණියා ය.

    අනතුරුව කඳකුමරු වල්ලි අම්මා සමඟ කතරගම දේවාල භූමියට පැමිණ ඇත. දේවාලයට මුහුණ ලා පිහිටි වල්ලි අම්මා දේවාලය ඉදිරිපිට බෙනයක්‌ සහිත ගසක්‌ තිබිණ. මොවුන් දෙදෙනා මෙම බෙනය තුළ විසූ බවට මුඛ පරම්පරාගත තොරතුරකි. මැය බලගතු දෙවඟනකි. කාන්තාවන් හා දරුවන් රෝග පීඩා වලින් ආරක්‍ෂා කර දීමට වල්ලි අම්මා සතු දේව බලයක්‌ විය.

    කඳසුරිඳුගේ දේව හාස්‌කම පිළිබඳව සිත් ගන්නා මුඛ පරම්පරා ගත පුවතක්‌ ද වෙයි. එම සිද්ධිය මාතර යුගයේ සිදු වූවකි. මාතර කවියෙකු වූ භරත ගණිතාචාර්ය හා පත්තායමේ ලේකම් ගජ දෙමිතුරෝ ය. තම මිතුරාගේ බිරිඳ සමග පත්තායමේ ලේකම් පළා ගියේ ය. කඳ සුරිඳුන්ට කොතෙක්‌ ඇවැටිලි කළ ද බිරිඳ නැවත තමන් ළඟට ගෙන්වා ගැනීමට ඔහුට නොහැකි විය. මෙයින් කෝපයට පත් භරත, දෙවිඳුට තර්ජනය කරමින් කවියක්‌ ලියුවේ ය. එම කවිය මෙසේ ය.

    පවරා කදිර පුර පුද ලබනා නිම්මා -

    නොහැරා මම කීමී මගෙ දුක වැඳ නිම්මා

    පවරා නුදුණි නම් මගෙ දිගැසිය නම්මා -

    උදුරා මම ගනිමි තගෙ වල්ලි අම්මා

    මෙය රචනා කිරීමත් සමඟ ම භරතට දරුණු කුෂ්ට රෝගයක්‌ වැළඳුණි. ශරීරය එකම වණයක්‌ වී දුගඳ හමන්නට විය. මෙහිදී භරත නීල කොබෝ සංදේශය කඳ සුරිඳුන් සිහිකර රචනා කළේ ය. දෙවියන්ගේ පිහිට පතා රචනා කළ කවිය මෙසේ ය.

    තෙදින් දිනිඳු බලයෙන් දිනු කුලමදුරු -

    යහසින් උළිඳු නැණයෙන් යුත් සත් සයුරු

    සමුවෙන් පසිඳු සොබමන් එසුරිඳු රුසිරු -

    නියමින් කෙබඳු පඬුවන් නිමවේද සුරු

    එම කවිය ලිවීමෙන් පසුව ඔහුගේ රෝගය සුව ය. බිරිඳ ද ඔහු සොයා පැමිණ ඇත.

    (ජාතික පුස්‌තකාලයේ ග්‍රන්ථ අංශයෙන් තොරතුරු ලැබිණ)

    උදේනී චන්ද්‍රසිරි
     
    Mar 25, 2019
    67
    4
    0
    Sri Lanka
    උබ කතරගම දේවාලෙ කපුවෙක් නේද ? මිනිස්සු දැන් ඔය බොරු විශ්වාස කරන්නෑ. භක්තියෙන් විශ්වාස කරන එකම දේ තථාගත ගෞතම බුද්ධා විතරයි. දේව ඇදහීම් තනිකරම බොරු.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ කතරගම දේවාලෙ කපුවෙක් නේද ? මිනිස්සු දැන් ඔය බොරු විශ්වාස කරන්නෑ. භක්තියෙන් විශ්වාස කරන එකම දේ තථාගත ගෞතම බුද්ධා විතරයි. දේව ඇදහීම් තනිකරම බොරු.

    :yes:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    උබ කතරගම දේවාලෙ කපුවෙක් නේද ? මිනිස්සු දැන් ඔය බොරු විශ්වාස කරන්නෑ. භක්තියෙන් විශ්වාස කරන එකම දේ තථාගත ගෞතම බුද්ධා විතරයි. දේව ඇදහීම් තනිකරම බොරු.

    ඔහොම ගියොත් 2020 චන්දේ හම්බවෙන්නෙ නැහැ හොදේ :baffled::baffled::baffled: