කතෝලික

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
උතුරේ රදගුරුවරුන් 'අත් අඩංගුවට ගන්න'


ශ්‍රී ලංකාවේ කතෝලික සහ බෞද්ධ ජන කොටස් අතර විරසකයක් ඇති කිරීමට උත්සාහ කරන බවට බෞද්ධ භික්ෂූන් වහන්සේගෙන් සැදුම්ලත් සංවිධානයක් උතුරේ රදගුරුවරුන්ට චෝදනා කරයි.

ධර්මපාල පරපුර සංවිධානය උතුරේ දෙමළ රදගුරුවරුන්ට එම චෝදනාව එල්ල කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

යුද්ධයේ අවසාන අදියර සම්බන්ධයෙන් උතුරේ රදගුරු හිමිවරුන් කර තිබෙන ප්‍රකාශ සහ ඔවුන් වර්තමානයේ ක්‍රියා කරන ආකාරය අනුව එසේ චෝදනා කිරීමට සිදු වන බව මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පැවසූහ.

'මේ ත්‍රස්තවාදී ප්‍රකාශ කරන රදගුරුවරුන් ගැන කතෝලික සභාව ක්‍රියාත්මක විය යුතුයි'
යුද්ධයේ අවසන් අදියරේ දී ශ්‍රී ලංකා යුද හමුදාව රසායනික අවි මෙන් ම පොකුරු බෝම්බ වලින් ද පහර දුන් බවට යාපනය සහ මන්නාරම රදගුරු දෙපළ පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඇමෙරිකානු තානාපති ස්ටීවන් ජේ රැප් සමඟ ප්‍රකාශ කොට තිබිණ.

"අහිංසක කිතුනු ජනතාවට එරෙහිවන, බෞද්ධ හා කතෝලික ජනතාව එකට ජිවත්වීමට එරෙහි වන, අහිංසක කතෝලිකයන් අසරණ භාවයට පත් කරන, මේ ත්‍රස්තවාදී ප්‍රකාශ කරන රදගුරුවරුන් ගැන කතෝලික සභාව ක්‍රියාත්මක විය යුතුයි," යනුවෙන් ධම්මරතන හිමියෝ කියා සිටියහ.

140120135433_dharmapala_parapura_512x288_bbc.jpg


හික්කඩුවේ දේවස්ථානවලට ප්‍රහාර

මෙම රදගුරුවරුන් එල්ටීටීඊ යට සම්බන්ධ බව පවසන මහාචාර්ය උදුරාගාරේ ධම්මරතන හිමියන් වැඩිදුරටත් කියා සිටියේ, මාර්තු මාසයේ ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරය ඉලක්ක කොට ගෙන ඔවුන් එම ප්‍රකාශ සිදු කර ඇති බවයි

උතුරේ රදගුරු හිමිවරුන්ගේ ප්‍රකාශ ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ අදහස් නොවන බව කොළඹ රදගුරු මණ්ඩලයේ ප්‍රකාශක පියතුමා පසුගියදා බීබීසී සංදේශයට කියා සිටියේය.

එහෙත් කතෝලික සභාවට එසේ ඇඟ බේරා ගැනීමට නොහැකි බව පවසන ධර්මපාල පරපුර, එසේ රාජ්‍ය විරෝධී ප්‍රකාශ කරන රදගුරු හිමිවරුන් අත් අඩංගුවට ගත යුතු බව අවධාරණය කරයි.

රදගුරුවරුන්ගේ ප්‍රකාශ වලින් ශ්‍රී ලංකාව මානව හිමිකම් කමිටුවේදී අපහසුතාවයට ලක් වන්නේ නම්, පසුගියදා හික්කඩුවේ කතෝලික දේවස්තානවලට භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් එල්ල කළ ප්‍රහාරය වැනි ක්‍රියා මගින් ශ්‍රී ලංකාව අපහසුතාවයට ලක් නොවන්නේද යන්න සංදේශය ධම්මරතන හිමියන්ට යොමු කළ ප්‍රශ්නයක්.

අදාල සිදුවීමට සම්බන්ධ භික්ෂූන් වහන්සේ අත් අඩංගුවට පත්ව ඇති බවයි, එයට පිළිතුරු දෙමින් ධර්මපාල පරපුර සංවිධානයේ මැදගම ධම්මානන්ද හිමියන් කියා සිටියේ.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 150 වැනි ජන්ම දිනය යෙදෙන සැප්තැම්බර් 17 වැනි දින නිවාඩු දිනයක් ලෙස නම් කරන ලෙසත්, කොළඹ ටොරින්ටන් චතුරශ්‍රය ධර්මපාල චතුරශ්‍රය ලෙස නම් කරන ලෙසත් ධර්මපාල පරපුර සංවිධානය ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටියි.


ඔලුව දිලිස්සෙන තරම මොලේ දිලිස්සෙන්නේ නැහැ :(
 

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
ඔලුව දිලිස්සෙන තරම මොලේ දිලිස්සෙන්නේ නැහැ :(

මොනා උනත් හොඳ වැඩක් උඹ කරලා තියෙන්නෙ? උස්සපු එක කෙසේ වෙතත් අන්තිමට උඹ උඹ ගැනම පාපොච්චරණයක් කරගෙන. තම්බ්ස් අප් මචන් :lol::lol:
 

Similar threads