කදුරුගොඩ විහාරය දැකලා නැහැ නේද ?

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කදුරුගොඩ විහාරය දැකලා නැහැ නේද ?

    50431469-275136646495519-1454557474416754688-n.jpg


    50224105-275136686495515-5382248080982671360-n.jpg


    49898653-275136663162184-3353782915967221760-n.jpg

    යාපනය අර්ධද්වීපය ද්‍රවිඩ නිජබිමක් නොවන වගට ඇති හොදම සාක්ෂිය.

    යුද්ධය නිසා ජාතියට අහිමි කෙරුණු බෞද්ධ උරුමයන් අපමණය. ඓතිහාසික බෞද්ධ වෙහෙර විහාර සිය ගණනක උරුමයක්‌ අවුරුදු දහස්‌ ගණනක සිට සුරැකුණු උතුරු අර්ධද්වීපයේ අද වන විට ඉතිරි වී ඇත්තේ ඉන් අතළොස්‌සක්‌ම පමණි. අනිකුත් සියල්ල යුද්ධය අතරතුර විනාශ කොට ඇත. එවැනි පසුබිමක ජාතියේත් ආගමේත් පිනටම යාපනයේ පිහිටි කදුරුගොඩ විහාරස්‌ථානය ආරක්‍ෂා වී තිබේ.

    සාමයේ ආශ්වාදය උතුරත් දකුණත් එක ලෙස විඳිති. ඒ නිසා උතුරට යන දහස්‌ සංඛ්‍යාත බොදු බැතිමත්හු මෙම පුණ්‍ය භූමියටද පැමිණෙති. වෙහෙර විහාර සිය ගණනක්‌ පිහිටි දකුණුq ප්‍රදේශවල සිට උතුරට ගිය පසු මෙවැනි පුදබිමක්‌ නෙත ගැටීම පවා ගෙන දෙන්නේ අප්‍රමාණ සුවයකි.

    උතුර සංචාරය කරන බෞද්ධ ජනතාවට නාගදීපය හැරුණු කොට දැක බලා වන්දනා මාන කළ හැකි සෙසු ප්‍රධානම පුදබිම වන්නේ කදුරුගොඩ පුරාණ විහාරය සහ දඹකොළපටුනයි. යාපනය කන්කසන්තුරේ මාර්ගය ඔස්‌සේ දඹුකොළපටුන වෙත ගමන් කරනා අතර මඟදී කදුරුගොඩ විහාරස්‌ථානයට ද යැමට පුළුවනි.

    යාපනයේ සිට කන්කසන්තුරේ මාර්ගයේ කි.මී. දහයක්‌ පමණ ගමන් කරනා විට චුන්නාකම් හන්දිය හමුවෙයි. වෙළෙඳසල් රැසක්‌ ඇති චුන්නාකම් හන්දිය ජනාකීර්ණ බවක්‌ පෙන්නුම් කරයි. චුන්නාකම් හන්දියෙන් වමට හැරී කදුරුගොඩ පුදබිමට ගමන් කළ යුතුය. "කන්දරෝඩෙයි පුරා විද්‍යා වැඩ බිමට යන මාර්ගය" ලෙස චුන්නාකම් හන්දියේ සිංහලෙන් ලියූ නාමපුවරුවක්‌ ඇත.

    කදුරුගොඩ එම ප්‍රදේශයේ ජනතාවට "කන්දරෝඩෙයි" ලෙස හඳුන්වත.s චුන්නාකම් ලෙස නම්කොට ඇත්තේ පුරාණ "හුණුගම" බවද ඇසීමු.

    චුන්නාකම් හන්දියෙන් වමට හැරී කි.මී. දෙකක්‌ පමණ ගමන් කරන විට කන්දරෝඩෙයි විහාරය හෙවත් කදුරුගොඩ විහාරය නෙත ගැටෙයි. කතරගමදී අහම්බෙන් හමුවන ක්‍ෂේම භූමියකට දෙපා නැගුවා සේ එහිදී බැතිමතුන්ගේ සිතට දැනෙයි.

    කදුරුගොඩ පුරාණ විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගයේ මුල් කාලය දක්‌වාම දිව යයි. දේවානම්පියතිස්‌ස (ක්‍රි.පූ. 250 - 210) රජතුමා දඹකොළපටුනේ සිට තැනින් තැන ගල්කණු සිටුවූ බව මහාවංශය සඳහන් කරයි. එම සඳහනෙහි කදුරුගොඩ විහාරයද වෙයි.

    කාලයාගේ ඇවෑමෙන්

    අප්‍රකට වුණු කදුරුගොඩ පුරාණ විහාරස්‌ථානය යළි ජාතියට දායාද කරන ලද්දේ 1917 වසරේදීය. එවකට යාපනය දිසා විනිසුරු වූ ආචාර්ය පෝල් ඊ. පීරිස්‌ සූරීහු මෙම පුදබිම සොයාගත්හ. කදුරුගොඩ විහාරය අවුරුදු දෙකක්‌ තිස්‌සේම (1917 - 1919) කැණීම් සිදුකෙරිණි. එහිදී මෙම මාහැඟි බොදු උරුමය යළි මතුවිය.

    කදුරුගොඩ පුරාණ විහාරය වැනි විහාරයක්‌ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශයක දක්‌නට නොලැබේ. ඒ නිසා මෙය දුර්ලභ බොදු පුදබිමක්‌ ලෙසද සුවිශේෂී වැදගත්කමක්‌ ඇත.

    කුඩා කුඩා චෛත්‍ය රැසක්‌ පිහිටා තිබීම කදුරුගොඩ විහාරස්‌ථානයේ ඇති සුවිශේෂී බවයි. එවැනි දාගැබ් 22 ක්‌ පමණ මේ වනවිට ආරක්‍ෂා වී තිබේ. තවත් කිහිපයක පාදම පමණක්‌ මතුවී ඇත්තේ ඒවා විනාශ කොට ඇති බැවිනි. එමෙන්ම කැණීම් කොට මතු කර ගත හැකි තවත් ස්‌ථූප රැසක්‌ද එම භූමියෙහි ඇති බවද සොයාගෙන තිබේ.

    කදුරුගොඩ විහාරස්‌ථානයේ දාගැබ්වල නිධන් කොට ඇත්තේ බුදුන්වහන්සේගේ ධාතුන්වහන්සේලා නොවේ. මහ රහතන් වහන්සේගේ ධාතුන්වහන්සේය. එම මහ රහතන් වහන්සේ උතුරු අර්ධද්වීපයේ "පුවන්ගු දිවයින" හෙවත් පුන්කුඩුතිව් දූපතේ වැඩ සිට තිබේ. එහි වැඩසිටි මෙම රහතන් වහන්සේ සැට නම පිරිනිවන් පෑ පසු උන්වහන්සේගේ ධාතු තැන්පත් කොට ඇති බව කියෑවේ.

    කදුරුගොඩ විහාරස්‌ථානයේ ඇති මෙම දාගැබ් අඩි දහයක දොළහක පමණ විෂ්කම්භයකින් යුතුය. එමෙන්ම එවැනිම උසකින් යුතුය. එහෙත් ඊට කුඩා දාගැබ්ද මෙහි ශේෂවී තිබේ.

    දාගැබ් ඉදිකිරීම සඳහා ගඩොල් ලෙස හුණුගල් භාවිත කිරීමද සෙසු ප්‍රදේශවල දක්‌නට නොමැති වූවක්‌ වෙයි. හුණුගල් බහුලව පැවැති නිසා මෙලෙස හුණුගල් භාවිත කළා විය හැකිය. දාගැබ මතුපිටට අල්ලා ඇති ගඩොල් අඟල් 4ංඞ6 තරම් වෙයි. ඒවා සියල්ලෙහි කුඩා කුඩා වළවල් සකසා ඇත. එම හුණු ගඩොල් දිකු කාලයක්‌ ආරක්‍ෂාවීමට එසේ නිමවා ඇති බව විශ්වාස කෙරේ.

    කදුරුගොඩ විහාරස්‌ථානයේ බෞද්ධ විහාරයක ඇති ලක්‍ෂණ අතර වටදාගෙය සහිත තරමක්‌ විශාල චෛත්‍යයක්‌ද ඉදිකොට ඇත. එහෙත් ඒවායෙහි පාදම පමණක්‌ අද දැක ගත හැක්‌කේ ඒවා විනාශ කිරීම හේතුවෙනි. එහි කොත පමණක්‌ ශේෂව තිබේ. එය හුණුගලින්ම සකස්‌කොට තිබීමද අනිකුත් දාගැබ්වල නොමැති ලක්‍ෂණයකි.

    කදුරුගොඩ විහාරස්‌ථානයේ රජවාසලක නටඹුන් ද වෙයි. එහි කුඩා මාළිගය ඉදිකොට තිබූ බවට සාධක ඇත. එමෙන්ම ඔලිඳ කෙළින ලද වළවල් හෑරූ ගලක්‌ද එහි දී දක්‌නට ඇත. රජු හා බිසවුන් ප්‍රමුඛ රජ මාළිගයක්‌ එහි තිබූ බවට එමඟින් සිතීමටද හැකිය.

    ආචාර්ය පොල් ඊ. පීරිස්‌ සූරීන් විසින් සිදුකරන ලද කැණීම්වලදී මෙම පුදබිමෙහි තිබී බුදුපිළිම, වර්ණාලේප උළු කැබලි, අනුරපුර හා පොළොන්නරු යුගයට අයත් කාසිද හමුවී ඇත.

    ශ්‍රී ලංකාවේ රජ කළ පළමු පැරකුම්බා, නිශ්ශංකමල්ල. ලීලාවතී, බුවනෙකබාහු ආදී රජවරුද මෙම විහාරයට අනුග්‍රහකොට ඇති බව විශ්වාස කෙරේ. එමෙන්ම හතර වැනි කාශ්‍යප (ක්‍රි.ව. 898 - 914) රජු විසින් කරන ලද අන්තාණි කරඬු ලිපියෙහිද මෙම විහාරස්‌ථානය පිළිබඳ දක්‌වා තිබේ. එවැනි ඉතිහාසයක තොරතුරු අනුව කදුරුගොඩ විහාරය සියවස්‌ ගණනාවක්‌ තිස්‌සේම ජනප්‍රියව පැවැති බව තහවුරු වෙයි.

    දෙවැනි සංගිලි රජු යාපනයේ පාලකයාව සිටියදී මෙම විහාරය විනාශ කොට ඇත. පෘතුගීසීන් සමග සංගිලි (1617 - 1619) සටන් වැදිණි. එහිදී සංගිලි පරාද විය. එතැන් සිටම කදුරුගොඩ විහාරය පිළිබඳ සියවස්‌ තුනක්‌ ගතවන තුරු ද කිසිවකුගේත් අවධානයට ලක්‌නොවිණි. කදුරුගොඩ පෘතුගීසීන් විසින් හඳුන්වා ඇත්තේ "කන්දරකුඩිඩෙයි ලෙසින්ය.

    බෞද්ධ පුරා විද්‍යාත්මක උරුමයක්‌ වූ කදුරුගොඩ විහාරය පිහිටි භූමිය 1948 දී ආණ්‌ඩුව විසින් මුදලට ගෙන ඇත. පුද්ගලික උරුමයක්‌ බවට මෙම පුදබිම පත්වී තිබූ නිසා එලෙස මිලදී ගැනීමට ආණ්‌ඩුවට සිදුවිය. අක්‌කර 7 ක පමණ භූමියක්‌ ලෙස මිලට ගත්තද යුද තත්ත්වය නිසා දැන් ඊට ඉතිරිවී ඇත්තේ අක්‌කර 3 ක පමණ සීමාවක්‌ පමණි.

    පසුගිය යුද සමයත් සමග කොටි ත්‍රස්‌තවාදීන්ගේ තිත්පළක්‌ බවට මෙම පුදබිම පත්විය. පසුව ශ්‍රී ලංකා හමුදාව විසින් යාපනය මුදාගැනීම නිසා මෙම පුදබිමේ උරුමය සුරකින ලද්දේ වීරෝදාර හමුදාව විසින්ය. වැසිකිළි බවට පත්a කොට තිබූ එම පුදබිම අද තිබෙන තත්ත්වයට පත්කිරීම පිළිබඳ ජාතියම ඔවුන්ට ණය ගැතිය. මෙම පුදබිමට කොටි විසින් යළි යළිත් ප්‍රහාර සිදුකිරීම නිසා රණවිරුවන් දෙදෙනකුගේම ජීවිත මෙම පුදබිමෙහි පූජා කළහ.

    කදුරුගොඩ විහාරස්‌ථානයේ බෝධීන් වහන්සේද හමුදාව විසින්ම රෝපණය කරනු ලැබූවකි. එම බෝධීන් වහන්සේ යළි යාපනයේ බෞදAධ උරුමය මෙන් නිල් පාටින් දළු දමා වැඩෙයි. කදුරුගොඩ විහාරස්‌ථානයේ බුදුමැඳුරද, ආවාස ගෙයද ටකරන් යොදා මෑතකදී ඉදිකොට ඇත. මේ වන විට එහි පූජ්‍ය බටගත්තර පුණ්‍යානන්ද හිමියෝ වැඩ හිඳිති.

    කදුරුගොඩ විහාරය ආරක්‍ෂා කරගනිමින් එය ජාතියට දායාද කළ හමුදාව එහි සංවර්ධන කටයුතු සිදුකරති. අබෞද්ධ පරිසරයක පිහිටි එය දිවි හිමියෙන් සුරකිති. කදුරුගොඩ පුදබිම නිසි වැඩපිළිවෙළක්‌ සහිතව විහාර අංග ඉදිකොට සංවර්ධනය විය යුතුව ඇත. ආණ්‌ඩුවට ඒ සඳහා ඇති වගකීම අති විශාලය.

    උපුටා ගැනීම Piyal Dissanayaka
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉස්සර ගියා 2011 වගේ , ඒ වෙද්දීත් වටේ ඉඩම් අල්ලල , එතන ඉඳපු army එකේ අය කිව්වේ. පන්සලට අයිති උනත් උන් දෙමළ (උන් අයින් කරාම සුළු ජාතින් එලවනව කියල case එන නිසා) නිසා ඒ වටේ යට වෙලා තින ඒවා කැනීම් කරන්න බැහැ කිව්ව. පොඩි පොල් අතු වලින් වගේ හදපු ගෙවල් තිබ්බේ ඔය ෆොටෝ වලත් පේනවද වගේ 2011 දී.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ





    ඉස්සර ගියා 2011 වගේ , ඒ වෙද්දීත් වටේ ඉඩම් අල්ලල , එතන ඉඳපු army එකේ අය කිව්වේ. පන්සලට අයිති උනත් උන් දෙමළ (උන් අයින් කරාම සුළු ජාතින් එලවනව කියල case එන නිසා) නිසා ඒ වටේ යට වෙලා තින ඒවා කැනීම් කරන්න බැහැ කිව්ව. පොඩි පොල් අතු වලින් වගේ හදපු ගෙවල් තිබ්බේ ඔය ෆොටෝ වලත් පේනවද වගේ 2011 දී.





    good job +++rep


    :love::love:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ
    මං ඕකට ගිහින් තියෙනවා....ඒ කාලේ ලොකු පන්සල් වත්තක් තිබිලා තියෙනවා...දැන් වැඩි හරියක් දෙමලු අල්ලගෙනලු