නාගර්ජුනකොණ්ඩයේ ඉපැරැණි සිංහල විහාරය
ආන්ද්‍රා ප්‍රදේශයේ නාගර්ජුනකොණ්ඩයේ තෙලිගු බසින් කොන්ඩය ලෙස හඳුන්වන්නේ සිංහලෙන් කන්ද යන්නටය. කන්ද සහ කොන්ඩ යනු සමීප ව්‍යාවහාරයන්ය.ආන්ද්‍රා සිංහල සමීපකම වචන වලින් එහාටත් වඩාත් ඉස්මතුව සියවස් ගණනාවකට ඈතට දිවයන්නක් බව පෙනේ. නාගර්ජූන් කොණ්ඩය පසුකාලීනව ඇතිවු නමක් බවත් මුල් නම විජයපුරයේ ශ්‍රි පර්වතය හෙවත් සිරි පවත බවත් සෙල්ලිපිවලින් පැහැදිලිවේ. ටිබෙටයේ හා චීන දේශාටන මූලාශ්‍රයනට අනුව නාගර්ජුන පාදයන් පසුකාලීනව ශ්‍රී පර්වතයේ වාසය කලබව දක්වා ඇති අතර ඒ අනුව නාගර්ජුන කන්ද යන නාමය පසුව ප්‍රචලිත වන්නට ඇත.
1926 දී ආන්ද්‍රාවෙ නාගර්ජුනකොණ්ඩයේ එම ප්‍රදේශයේම ගුරැවරයෙක් විසින් ඉපැරණි කුළුණක් දැකීමෙන් ඇරඹී පසුව නාගර්ජුනකොණ්ඩයේ කැනීම් ආරම්භ කරන ලදුව වෙහෙර විහාර රාශියක් සහිත පුජාභුමී සංකීර්ණයක්ම සොයාගන්නා ලදි.
මෙහි හමුවූ චූල ධම්මගිරි විහාරය අනෙක්වාට වඩා ප්‍රමාණයෙන්ද විශාලය. එය විහාරයට අමතරව චෛත්‍යයක් සහ චේතියඝරයකින්ද සමන්විතය. ඉක්ෂ්වකු පරපුරේ මාතරී පුත්‍ර ශ්‍රී වීර පුරුෂ දත්ත රජුගේ කාලයේ ව්‍යවහාරික වර්ශ 233-253 පමණ කාලයේ ඔහුගේ 14 වන රාජ්‍ය පාලන කාලයේ එනම් 247 දී පමණ මෙය පිහිටුවා ඇත. චේතියඝරයෙ එහි පුජාවට සම්බන්ධ සවිස්තරාත්මක සෙල්ලිපියක් හමුවෙ. එහි මුල් කොටසේ,
“ත(රා)-ජාචාරියානම් කාස්මිර-ගම්ධාර-චින-චිලාට-ටොසාලි-අවරාම්ට-වම්ග-වනවාසි-යව(න)-ද(මිල-ප)ලුර-තම්බපම්නි-දීප-ප(සා)දකානම් තේරියානම් තම්බප(ම්)නකානම් සුපරිගහේ“
මෙහි සරල තේරුම ,මෙම පුජාව (සිදුකරන්නෙ) තම්බපණ්ණී හිමිවරුන්ට (ඒ) කාශ්මීරය , ගාන්ධාරය, චීනය, කිරාටය, ටොසාලය, අපරාන්තය ...තම්බපණ්ණී දිවයින ආදීවු දේශයන් (තේරවාදී බුදු දහමට) හැරවූ නිසා යන්න ලෙස ගත හැක. මෙහි පාසදක යන්න සාමාන්‍යයෙන් ප්‍රසාදයට පත්වු අර්ථය ඇතත් බොහෝ තැන්වල මෙන් මහාවංශයේ සඳහන් “දිපපසාදකො තෙරො“ යන්න ද්වීපය දහමට හැරවූ හිමි ලෙස දක්වා තිබීම නිසාවෙන් ඒ අර්ථය දක්වා ඇත. මේ කාරණය අලුත් දෙයකි. සමහරවිට නවරට ධර්ම ප්‍රාචාරණයෙන් පසුව ලංකාවට තවදුරටත් පිරිසිදු බුදු දහම එලෙස පවත්වාගෙන යන්නට සේවයක් මෙකල වෙනවිට කර තිබෙන්නටද ඇත. කෙසේ වෙතත් ප්‍රසාදයට පත්කිරීම අර්ථයෙන් ගත්තත් හැරවීම අර්ථයෙන් ගත්තත් ලංකාවට එකල තිබුනු තැන මෙයින් පෙනීයයි. පසුව මේ ලිපියෙහිම තවත් තැන් දෙකක පාසාදකානාම් යන්න බුදු දහමට හැරවීම අර්ථයම දනවන බව දක්නට ලැබෙනු ඇත.
මෙහි සඳහන් කර ඇති ස්ථාන තුන්වන ධම්ම සංඝායනාවෙන් පසු නව රට ධර්ම ප්‍රචාරය කල ප්‍රදේශවලට ආසන්න වශයෙන් සමානකම් දක්වන අතර වෙනත් ප්‍රදේශද ඇත. දමිල සහ පලුර යන්නෙ අකුරු පැහැදිලිව නොපෙනෙන නිසාවෙන් මුල් කියවූ පුද්ගලයාගේ පටන් තවමත් නිශ්චය නොවූ අපැහැදිලිතාවයක් තිබේ.
මෙම සෙල් ලිපියේ ඉතාමත්ම වැදගත් කොටස ලෙස අප දකින්නෙ සිහල විහාරය ලෙස දැක්වෙන කොටසයි. මෙය මෙලෙස සෙල්ලිපියක හමුවෙන මුල්කාලීනම සිංහල යන්න භාවිතයයි.
“... කුලහ-විහාරෙ-චෙතිය-ගාරම්
සීහල-විහාරෙ බොධි-උක-පාසාදො...“
කුලහ විහාරයේ චේතියඝරය , සිංහල විහාරයේ බෝධිරුක්ඛ ප්‍රාසාදය
බොධිසිරි නම් උපාසිකාවක විසින් පූජා කරන ලද බව දක්වා ඇති අතර ඇය විසින් ඇයගේ තවත් නෑදෑයන් තිස් එක් දෙනෙකුගෙ නම් සඳහන් කර පින් පමුණුවා ඇත. නාගර්ජුනකොණ්ඩයේ ඇති අනෙකුත් පුජාවන් අභිභවා වඩාත් නොමසුරු ත්‍යාගශීලිභාවයක් පෙන්වමින් විශාල වශයෙන් මෙම බොධිසිරි නම් උපාසිකාව පුජාවන් කර තිබීම විශේෂත්වයකි.
මෙම සෙල්ලිපියේම පුජාවෙන් පින් පමුණුවන නම් වලින් කොටසක් දෙස විපරමින් බැලීමද යෝග්‍ය දෙයක් ලෙස සිතමි. බෝධිසිරි උපාසිකාව ( උවාසිකා) තම ස්වාමිපුරුෂයා බුධම්නාක( බුධම්නාග) ඔහුගේ පියා ගොවගාම රේවත, ඔහුගේ මව බුධම්නිකා ( බුධං මැණිකා ලෙස පැවති මුල් ස්වරෑපයක් ලෙස අපට අනුමාන කල හැක) ඔහුගේ සොහොයුරැ චම්දමුකන , කුරැම්බුධින සහ හාගම්න, ඔහුගේ සොහොයුරිය රෙවතමිනිකා( මා සිතන්නේ රේවත මැණිකා ලෙස ගත හැකි විය යුතුය). ඔහුගේ සොහොයුරැගේ පුත් මහා චම්දමුක හා චුල චම්දමුක( සංස්කෘත- ක්ෂුද්‍ර ඡන්දමුඛ) ... සහ ඇයගේ පසින් සියාවන මුල වානියා( මූල වෙලෙන්දා) ඇගේ අත්තම්මා වන බුධවානිකිනා (බුධ වෙලෙන්දිය) ...සහ ඇගේ පියා බුධවානියා( බුධ වෙලෙන්දා) ... ඇගේ සොහොයුරැ මූල , සොහොයුරියන්වන බුධම්නිකා, මූලම්නිකා සහ නාගබෝධිනිකා, ඇගේ දුව වීරම්නිකා( වීරමැණිකා) ...
මාමණ්ඩිය රේවත ගොවාගම ගෘහපතියෙකි. ඒ වගේම ඇගේ පියා වෙළෙන්දෙකි. ගොවාගම යනු ගොණාගම වත්මන් ත්‍රිකුණාමල ප්‍රදේශය වන්නටද බැරිනැත. ඒවගේම වෙළෙන්ඳාමද ලංකාව ආන්ද්‍රා දේශය අතර වුවක් වන්නටද බැරි නැත. සමහර විටෙක මේ සිහල විහාරය සාදවන ලද බෝධිසිරි ඇතුලු නෑයන් තිස් එක් දෙනාගෙන් බොහෝ දෙනෙකු ලංකාවේ හෝ ලංකාවට සම්බන්ධ සිංහල අයවලුන් වන්නටද පුලුවන.
ලංකාවට සම්බන්ධ නාගර්ජුන කොන්ඩයේ ඇති එකම සෙල්ලිපිය සිහල විහාරය සම්බන්ධ සෙල්ලිපිය පමණක් නොවේ. තවත් තැනක සිරිපතුලක් පාදමේ ඇති සෙල්ලිපිය,
“සිද්ධම් ආචාරියානාම් තේරියම් විබජ්ජ-වාදනම් කාශ්මීර-ගාන්ධාර-යවන-වනවාස-තම්බපණ්ණී දිප පසාදකානම් මහාවිහාරවාසිනම් නවන්ග සතු-සසන-අත-ව්යන්ජන-විනිච්ඡය-විසාරදනාම් අරියවම්ස පවෙනි-ධාරනාම් විහරේ භගවතො පාද-සම්ගාදා නිපාතිතාපිතො සව-සතනම් හිත-සුක් අතානයති.“
යහපතක්ම වේවා !, ආචාර්යයන් අනුව ථෙරවාදී විභජ්ජවාදී කාශ්මීර,ගාන්ධාරය, යවනය, වනවාසය ,තම්බපණ්ණී දීපය ( ප්‍රසාදයට පත්වු -බුදු දහමට හරවන ලද) මහාවිහාරවාසීන්, නවාංග සාත්‍රෘ සාසනය අර්තයෙන්, ව්‍යාංජනයෙන්,විනිශ්චයෙන් විශාරදයන් වූ, සාම්ප්‍රදායෙන් ආරියවම්සය දරන්නාවූද ,ගේ විහාරයෙ සියලු සත්වයන්ට හිත සුව පිණිස හේතුවේවායි ප්‍රාර්ථනා කර ශ්‍රී පාද ලාංඡන යුග්මයක් පිහිටුවන ලදී.
සිරිපතුල වන්දනාව මුල්කාලීන බෞද්ධ සිද්ධස්තානවල බුදුහාමුදුරුවන් වෙනුවට තිබුනු සංකේතාත්මක සලකුණක් බව වෙනත් තැනවලින්ද දැන ගති හැකිවන අතර මෙය මහාවිහාරවාසින් සඳහන් වන තැනම පැවතීම අනුව මෙකාලයේදි මහාවිහාරවාසීන් තේරවාදී සම්ප්‍රධායයන් ගුරැකොටගත් ලංකාවේ මහාවිහාරයේම සම්බන්ධය තවත් තහවුරැ කරයි. සිහල විහාරයේ බුදු පිලිමයක් දක්නට ලැබුනු අතර එය පසුකාලිනව පුජා කරන ලද්දක් බවට විශ්වාස කල හැක්කේ මෙම සංකීර්ණයේම වෙනත් විහාරයක සෙල්ලිපියක කුමාරනන්දි නම් වෙළෙන්දෙක් කරන ලද බුදු පිලිම පුජාවක් දක්වා තිබීම අනුව සිතාබැලීමෙනි. පසුව බුදුපිලිම වන්දනාව තේරවාදීන් අතරද ප්‍රචලිත වීම සිදුවු බවද වටහාගත යුතුව ඇත.
කලින් සිහල විහාරය සඳහන් සෙල්ලිපියත් මෙයත් දෙකෙහි බොහෝ සෙයින් සමානකම් ඇත , මෙහිද නවරටෙහි සඳහන් රටවල්වලින් හතරක් දක්වා ඇත. මහාවිහාරවාසීන් අනුරාධපුරයේ මහාවිහරයම විය යුතුය.
විබජ්ජවාදි වචනය පිටක හා පරිවාර ග්‍රන්ථයන්ගෙන් පිට හමුවන මුල් දෙවන අවස්තාව මෙයයි. මීට කලින් ගාන්ධාරයෙන් පමනක් වරක් හමුවි ඇත. තවද විභජ්ජවාදී යන්න තුන්වන ධර්ම සංගායනාවෙ සාසනයේ රඳවාගැනීමටත් විභජ්ජවාදීලෙස නොපැවසූ පිරිස් උපවැදි කිරිමටත් හේතුවූ බව මතක් කර ගැනීම වටී. විභජ්ජවාද ගැන විස්තර වශයෙන් පලකිරීම මේ ලිපියෙන් අපහසු දෙයකි, චුල්ල වග්ග පාලියේ උදාන කොටසක විබජ්ජවාදීයන්න පලමුව නිකායිකවු අර්ථයකින් ථේරවාදීන් මහාවිහාරයේ හිමිවරැන් හැඳින්වීමට දක්වා ඇත්තේද මේ ආකාරයේම වු අකාරයකටමය.
ආචාරියානම් විභජ්ජ(වා)දානම් තම්බපණ්ණිදීප පාසාදකානම්
මහාවිහාර-වාසිනම් වාචන සද්-ධම්ම-තිතියා ති.
මේ සද්ධර්මයේ චිරස්තිථිය පිණිස තම්බපණ්ණිදීපය ( බුදු දහමට) හැරවුවාවු මහාවිහාරයේ අචාර්ය හිමිවරැන්ගේ වාචානයයි.
මෙම සෙල්ලිපි දීපවංශය සහ මහාවංශයෙහි පිලිගත් කාලයන්ට සියවස් දෙකක් පමණ පෙර ලියැවී තිබීමද වැදගත් දෙයකි. වංශකතාවන් ඊට පෙරපැවති කතාවලම දිගුවක් වුවද මෙම සෙල්ලිපි වංශකතාවලටත් පෙරකලක සිංහලත්වයේ එකල පැවති සුබ සලකුණු තහවුරැ කර දක්වා සිටියි.
කණිට්ඨතිස්ස රජුසමයේද ශ්‍රිපර්වතයට හෙවත් වත්මන් නාගර්ජුනකොණ්ඩයට තෑගීබෝග යවා ඇතිබව ලංකාවේ ලිහිණිමලය සෙල්ලිපියෙන් පෙනීයයි. ඒ අනුව තෑගීබෝග යැවු බවද එමෙන්ම උපොසථතාගාරයක් තැනු බවද එවා නාගර්ජුනකොණ්ඩයේ තැනවූයේ ලංකාවේ බික්ෂුන් සඳහා බවද සදහන්ය. මෙය නාගර්ජුනකොණ්ඩය (ආන්ද්‍රා දේශය) සිංහලදීවීපය අතර තිබුනු සබඳතාව වඩාත් සපථ කර සිටියි. කණිටුතිස් රජු රාජ්‍යපාලනය කලේ අපගේ ලිපියේ සෙල්ලිපි කාලයට සියවසකට පමණ කලින් කාලයක නිසා , ඉක්ෂ්වකු රජපෙලපතට කලින් සතවාහන රජ පරපුර කාලයේත් සිරි පර්වත ප්‍රදේශයේ සිංහල බෞද්ධ ක්‍රියාකාරකම් සිදුවී ඇති බවත් ඉක්ෂ්වකු රජවන්නටත් පෙර සිටම නාගර්ජුන කොණ්ඩයේ විහාරයන් පවතින්නට ඇති බවට සිතාගැනීමට හැකිය. එමෙන්ම සාතවාහන පරපුරේ වර්ශ 100 පමණ කාලයේදී වාසය කරන ලද්දාවූ ගෞතමීපුත්‍ර සතකර්නී නම් බෞද්ධ රජෙකුගෙ සෙලිලිපියක් නාගර්ජුන කොන්ඩයේ දක්නට ලැබෙන නිසා ඉක්ෂ්වකුන්ට පෙරම නාගර්ජුන කොන්ඩ ප්‍රදේශයේ බොදු වෙහෙර විහාර පවතින්නට ඇති බව තහවුරුකරගත හැක.
කෙසේ නමුත් නාගර්ජුනකොණ්ඩයේ වඩාත් බෞද්ධ ප්‍රබෝධය ඇතිවු කාලය ඉක්ෂ්වකු රජවරැන්ගේ කාලය බවට පැතිර තිබු වෙහෙර විහාර සාක්ෂි දරයි. සාතවාහන රජවරැන් අමරාවතිය මුලිකව රජකම් කරද්දි සාතවාහන පෙලපත අවසන් වීමත් සමගම ඉක්ෂ්වකු රජුන් විජයපුරි අගනගරය කරගෙන රජකම් කර ඇත. මෙම පුදබිමේ තේරවාදි ලෙස ගතහැකි විහාරයන් නවයක් පමණ තිබී අතර ලංකාව සම්බන්ධ විහාර දෙකට අමතරව මහිංසාසක විහාරයක්ද සෙල්ලිපි සහිතව පිහිටා ඇත. මේ අනුව මෙය බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස පැවතී ඇති බව පෙනෙන්නට තිබේ.
මීට අමතරව වීරපුරිස දත්තගේ නැන්දාවු චම්තිසිරි , විසින් මහාචේතිය ඉදිකල බවක් දක්වා ඇත. මේ මහාචේතියේ කැණිම් වලන් සර්වඥ ධාතූන් ලෙස පිලිගත හැකි ධාතූන් හමුවීමත් සමග මෙම මුල් චෛත්‍ය වඩා පැරණි එකක් වන්නට ඉඩ ඇත. චම්තිසිරි මුලිකත්වයෙන් මෙම චේතිය අලුත්වැඩියා කරන්නට ඇත. මහාචේතිය කැණීම්වලදී , හමුවුන ධාතූන් කුඩා රන් මන්ජුසාවක බහාලනු ලැබූ ධාතු කරඬුවක්ද ඉන්පසු එය රිදී සිලින්ඩකාර බඳුනකද දමා මුට්ටියක බහා තිබු අතර එහි සඳහන්ව ඇත්තේ,
“සම්මා-සම්බුදස ධාතුවර-පරිගහිත“
මේ අනුව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් ලෙසට දක්වා ඇත. මෙය බොහෝදුරට සර්වඥ ධාතුන්වන්නටත් ඉතාමත් ඉහල ඉඩකඩක් ඇති බව බොහෝ අයගේ පිලිගැනීමයි. මෙම සර්වඥ ධාතුන් වර්තමානයේ සාරානාත්හි මූලගන්ධ කුටි විහාරයේ වන්දනාමාන කිරීම පිණිස තැන්පත් කර ඇත. මහාස්ථුප කියන්නට මෙම සර්වඥ ධාතූන් වැඩහිඳීමද හේතුවන්න ඇත. කලකට පෙර මෙම චෛත්‍යය අපට රැවන්වැලි මහාසෑය මෙන් තිබෙන්නට ඇත.
සඳකඩ පහනක් සිහල විහාරයේ පිවිසුමේ ඇති අතර එය ඉතාමත් පැරණිම සඳකඩ පහනක් වන අතර අනුරාධපුර සම්ප්‍රදායනුකුලව සතුන් සමග දකින්නට ලැබේ. මේකාලයේ වේද ආගමද මෙම ප්‍රදේශයේ පැවතී තිබනත් (හින්දු ආගම නොවේ- හින්දු ආගම බොහෝ පසුකාලීන බ්‍රාහ්මණාගම වේදාගම සහ තවත් ප්‍රාදේශීය දේව ඇදහිලි සංකලනයෙන් බොහෝ පසුකාලීනව සෑදුනකි) සඳකඩපහනේ ගවයාද දකින්නට ඇත තවත් අශ්වයා ඇතා සිංහයා සිටින අතර මෙය මේ අනුව අනුරපුර සඳකඩ පහනට නෑකම් කියයි. අනුරාධපුරයේ පසුකලිනව සඳකඩ පහන ප්‍රචලිතවුවත් මුල්කාලයෙත් තිබෙන්නට ඇති බව මෙය සිහල විහාරයෙ පමණක් තිබීමෙන් පෙනේ.
මෙම අතිශයින් වටිනාකමකින් යුතු පූජනීය භුමිය යට කරමින් පෙර උරුමයන් පරම්පරා ගණනාවකට අමතකවගිය අන්දකයින් විසින් 1955 ඇරඹූ නාගාර්ජුන සාගර් නම් ජලාශය නිසා බොහෝ ගොඩගත හැකිවු පුරාවස්තු වෙනම කුඩා දූපතකත් ,සමහරක් කෞතුකාගාරයන්හිත් තබමින්, සියවස් ගණනාවක් ඉපැරණි නාගර්ජුනකොණ්ඩයෙ ජිවමාන සාධකයන් ජලාශය පතුලේ සැඟවගොස් ඇත.
සිහල විහාරයද වත්මන් නාගර්ජුනකොන්ඩ දූපතට ගෙනයන ලදුව ප්‍රතිනිර්මාණය කර ඇත. බෞද්ධයන් නැතිව ගිය සෑම බිමකටම වාගේ මෙවන් ව්‍යාවසනයන් උරුමවනු නමුත් අප රට ඇතුලු සුලු තේරවාදී රටවල් කීපයක පමණක් උරුමයන් බොහෝ සෙයින් සුරැකී ඇත. සිංහල ලෙස නාගර්ජුන කන්දේ සෙල්ලිපිවල ලියවෙන්නටත් පෙර සිට අද දක්වා සිංහල බෞද්ධයන් ලෙස අවිච්චින්නව පැවත එන නිසා අපේ උරුමයන් බොහෝමයක් අදටත් පෙර සේම රැකගත හැකිවී ඇත.
රවී චතුරංග
මෙම ලිපිය රවී චතුරංග විසින් මෙම කණ්ඩායමේ පල කිරීමට ලබා දුන් ලිපියකි. ඔබට පිං.