කදුරු වල්ල

dirtykavi

Member
Dec 9, 2016
2
2
0
divi%2Bkaduru%2B-%2BPagiantha%2Bdichotoma.JPG



රජවාසල රජකරගෙන හිටි රටේම කවටයාය
කවියෙන් රස බස් කීමට හැම මොහොතෙම සූරයාය

අන්දරේය කීවිගසින් හැම දෙනාම හඳුනනවා
විහිලු තහලු නිසා හැමට රස සිතුවිලි ගෙන එනවා

රජතුමාගෙ තරුණ බිසව දිනක් කඳුළු හොටු පෙරනව
ඇයිද කියා ඇසූ විටදි තවත් කඳුළු ගලා යනව

ඇගේ කඳුළු දකින විටදි රජුගෙ හඳුන්පොත දනවා
බිසව සනසවා දෙන්නට අන්දරේට පවරනවා

අඬන්නෙ ඇයි දැයි කියලා හෙමින් අහනවා අන්දරෙ
මුණුමුණු ගා බිසෝතොමෝ කියයි මෙසේ කතන්දරේ

ඈත පේන කිතුල් රෑන දැක්කම මට වනන්තරේ
අම්ම මගේ සිහිවෙනවා නෑ නින්දක් නිරන්තරේ

කළුවට දිලි ඇගේ වරල හැමදාමත් ඔය වාගේ
අකලට මල ඈ සිහිවී දැවෙයි අහෝ හද මාගේ

අන්දරේට යමක් සිහිවුණා වාගේ පෙනෙන්නේය
පොළවේ හැපි හැපි හූ කියමින් ඔහු දැන් හඬන්නේය

රජවාසල සෑම සියලු දෙනා වහා දුව එනවා
මේ මොකදැයි මේ මොකදැයි හැමදෙනාම විමසනවා

ඈත පේන එක ලඟ ඇති කදුරු වල්ල දකින වරේ
පියා මගේ සිහි වෙනවා මා නිතරම ඉපිද මැරේ

සිංහල ජනකතාවක් ඇසුරෙනි.
https://dirtykavi.blogspot.com/