කදු බෑවුමේ පිහිටි - ශ්‍රී නාගල රජමහා විහාරය නිකවැව ☸️ (Sri Nagala Rajamaha Viharaya 🙏)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කදු බෑවුමේ පිහිටි - ශ්‍රී නාගල රජමහා විහාරය නිකවැව ☸️ (Sri Nagala Rajamaha Viharaya 🙏) - Your Choice Way
    අද අපේ කතාව කදු මධ්‍යයක පිහිටී පූජනීය විහාරස්ථානයක් ගැන.එය නමින් නිකවැව ශ්‍රී නාගල රජමහා විහාරයයී.

    මේ විහාරයේ ඓතිහාසික පසුබිම ගැන කතා කිරීමේ දී පෙනී යන්නේ.මෙම විහාරය දේවානම්පියතිස්ස රජ සමයේ ඉදිකරන ලද්දක් බවයී..

    ඒ වගේම දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පුත්‍රයා වුණු සාලිය කුමාරයා පස්සෙ කාලේ මේ විහාරයේ ඉදිකිරීම් බොහොමයකටම මුල්වෙලා තියෙන බවත් සඳහන් වෙනවා...

    මේ විහාරය ගැන කතා කරද්දි වර්තමානය වන විට කදු පාමුල විහාර ගෘහය ඉදිව තිබුණ ද මෙහි ඉපැරණි විහාර ගෘහය දක්නට ලැබෙන්නේ නිකවැව කඳු මධ්‍යයේය.එය තමා මෙහි වීශේෂත්වය

    ඒ කියන්නේ මෙම භූමියෙහි සුවිශේෂි අංගය වන්නේ කඳු බෑවුමේ තියෙන ලෙන් විහාරයයී.මේ විහාරය බලන්න යන්න තියෙන්නේ ගස් වලින් වටවූ පියගැටපෙළක් දිගෙයි.

    නිකවැව කඳුවැටිය- හරිම දැකුම්කලු දර්ශනයක්.ගල් ලෙනේ ඉඳන් ඈතින් ඈතට පෙනෙන දර්ශනයේ සුන්දරත්වයත් නොකියාම බැහැ- කඳු, වන තීරයන්, වැව් හා කෙත් බිම් හරි අපූරුවට දැක ගන්නත් පුලුවන්...

    ලෙනට ඇතුළු වෙනවත් එක්කම විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් දැකගන්න ලැබෙනවා... මේ ප්‍රතිමාව අඩි 42ක් විතර දිගයි..


    මේ ප්‍රතිමා වහන්සේ මුල් කාලෙදි ගඩොලින් බැඳලා හුණු බදාමයෙනුයි වැඩ අවසන් කරල තියෙන්නේ..පස්සෙ කාලෙක කරපු අලුත්වැඩියා කටයුතුවලදී වර්ණ ආලේප කරලා තියෙනවා..

    හැබැයි අර මුල් කාලෙ තිබුණු විදිය දැක බලාගන්නකුඩා කොටසක් විතරක් වර්ණ ගන්වන්නෙ නැතුව ඉතිරි කරල තියෙනවා.ලෙන් බිත්ති වල සිතුවම් ඇද තිබුණ ද දැන් ක්‍රමයෙන් අපහැදිලි වී ඇත..

    මේ ප්‍රධාන ලෙන් විහාරයට එන කදු බැවුමේ තවත් ලෙන් 2ක් පැවති බවට සාධක හමුවෙනවා.. කදු තරණය මගින් සුන්දරත්වය වින්දට පරිස්සමින් ‍යා යුතු ගමනක් මේක..

    කදු පාමුල වූ විහාරයෙහී.මහනුවර යුගයේ සම්ප්‍රධාය මුල් කරගනිමින් නිර්මාණය වූ විහාර මන්දිරයක් ද මෙහි දකින්න පුලුවන්.. ඊට අමතරව දාගැබ, සංඝාවාසය, බෝධීන් වහන්සේගෙන් ද මේ පූජාභූමියට ගෙන දෙන්නේ සිත් පහන් කරවන පෙනුමකී....

    කාලයක් වල් බිහිවෙලා තිබුණු දාගැබ මෑතදී ප්‍රතිසංස්කරණය කරල තියෙනවා..

    ඒ වගේම මෙම භූමියෙහි කල පුජා පිළිවෙත් ගැන සදහන් ව තිබූ පුරාණ සෙල්ලිපි කිහිපයක් ද මේ භූමුයෙන හමුවෙලා තියෙනවා...

    ඉතින් රටේ ඉතිහාසය පිරික්සීමට කැමති අයෙක් වේද මෙහි ගිහින් බලන්න කියලා ආරාධනා කරනවා.

    මේ තොරතුරු අපිත් මුලාශ්‍ර ඇසුරින් සොයා ගත්තේ ඔබත් දන්න තොරතුරු ඇත්නම් මෙයට එක් කරන්න


    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    මමත් ගිහින් තියෙනවා 10 පාරක් විතර . උඩ ට නම් නැගලා නැහැ . නියමෙටම හදලා ගන්න පුළුවන් පන්සලක් . හාමුදුරුවෝ පන්සල ඉවර කරලා තියෙන්නේ
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මම දෙතුන්පාරක් ගිහිං තියනව, පට්ට ප්ලේස් එක, හැබැයි පෝය දවසක වගේ සෙනග ඉන්න දවසක යන එක තමයි හොද
    එක හොදයි... මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න