කන්ටේනර්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇමැති පුතා කන්ටේනර් පන්නයි - එහි නීති විරෝධි ද්‍රව්‍ය තිබුණේදැයි බලවත් සැකයක්‌ මතුවේ

    ජපානයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වූ පාවිච්චි කරන ලද අධිශීතකරණ සහිත කන්ටේනර් 2 ක්‌ ඇමැති පුතකුගේ බලපෑම මත රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකුගේ උපදෙස්‌ අනුව කිසිදු පරීක්‍ෂාවකින් තොරව නිදහස්‌ කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම කන්ටේනර් දෙක තුළ තිබූ අධි ශීතකරණ තුළ සඟවා මත්ද්‍රව්‍ය ගෙන්වා ඇත්ද යන්න පිළිබඳව මේ වන විට බරපතල සැකයක්‌ මතුවී ඇති බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

    මෙම කන්ටේනර් දෙක තුළ ඇත්තේ අධිශීතකරණ කොටස්‌ බවට ලිපි සකසන ලෙස රේගු දිගු කාමරයේ නිලධාරියකුට උපදෙස්‌ දී ඇති ඉහළ නිලධාරියා එම ලියකියවිලි සකස්‌ කිරීමෙන් අනතුරුව කන්ටේනර් අංගනයේ සිටින නිලධාරියකුට කතා කර මෙම කන්ටේනර් පරීක්‍ෂාවකින් තොරව නිදහස්‌ කරන ලෙසට උපදෙස්‌ දී තිබේ.

    ඒ අනුව කන්ටේනර් දෙක කඩිනමින් රේගුවෙන් පිට කිරීම සඳහා ඇමැති පුත්‍රයාගෙන් ඉහළ නිලධාරියාට දිගින් දිගටම බලපෑම් එල්ලවී ඇත.

    රේගුවේ ඉහළ නිලධාරියා විසින් මෙම කන්ටේනර් දෙක ගාණක්‌ අරගෙන හෝ නිදහස්‌ කරන ලෙස කන්ටේනර් අංගනයේ සිටි නිලධාරියාට කියා ඇති අතර එම නිලධාරියා විසින් ඉහළ නිලධාරියා සතුටු කිරීමට කිසිදු මුදලක්‌ ලබා නොගෙනම මෙම කන්ටේනර් දෙක නිදහස්‌ කර ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව මෙම කන්ටේනර් දෙක නිවාඩු දවස්‌ වැඩියෙන් යෙදී තිබූ සතියක මෙන්ම නිලධාරින් අඩු දිනයක නිදහස්‌ කර තිබේ.

    Saturday February 15th 2014 -ප්‍රභාත් විතාන
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජපානේ ඉදන් ඩිරෙක්ට් ආවනම් කුඩු කෙසේ වෙතත් මොටර් ස්පේයාර් පාට්ස් එක්ක කැලි කරපු වාහන තියෙන්න ඉඩ ඇති.. අනේ මන්දා මේ රට නම්.. :(:(