කන්දප්පා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,941
    35,874
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ස්ථානාධිපති ඒඩ්‍රියන් නිශාන්ත ද සිල්වා කන්දප්පා ස්විට්සර්ලන්තයට පැන යාම දැඩි ලෙස ආන්දෝලනයට තුඩු දුන්නා. ආන්දෝලනාත්මක බුද්ධි අංශ රණවිරු දඩයමට චෝදනා එල්ල වන්නන් අතර නිශාන්ත සිල්වා කන්දප්පාද සිටියි.

    එහිදී නිශාන්ත ද සිල්වා ස්විට්සර්ලන්තයට පැන යාම සඳහා මෙරට ස්විස් තානාපති කාර්යාලය විසින් වීසා ලබා දුන් පටිපාටිය දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ.

    නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ (10) සහභාගී වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මේ පිළිබඳව අදහස් දැක්වූවා.

    එහිදි ඔහු ප්‍රකාශ කළේ ස්විස් තානාපති කාර්යාලය විසින් නිශාන්ත කන්දප්පාට නියමිත පටිපාටියෙන් බාහිරව වීසා ලබා දී ඇති බවයි. රජයේ සේවකයෙකුට වීසා ලබා දෙනවා නම් ඔහු විසින් සිය ආයතනයෙන් නිවාඩු ලබා ගත් සහතිකයක් ඉදිරිපත් කළ යුතුව තිබේ යැයි ඔහු පෙන්නා දුන්නා.

    තවද මෙම පුද්ගලයා නිශාන්ත ද සිල්වා යන සිංහල නමින් පෙනී සිටියද දෙමළ ජාතිකයෙක් වන ඔහුගේ සැබෑ නමට කන්දප්පා යැයි කොටසක් පවතින බවටද රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් පෙන්වා දුන්නා.


    https://soundcloud.com/nethfmradio/unlimited-2019-12-10