කන්නෙලියේ උසම තැනට යමු... - Kabbale Kanda - The Highest Point in Kanneliya Forest Res
දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් කන්නෙලිය රක්ෂිත වනාන්තරය අතිශය සුවිශේෂ ජෛව විවිධත්වයක් සහිත වැසි වනාන්තරයක්. පොදුවේ KDN සංකීර්ණය (කන්නෙලිය, දෙදියගල, නාකියාදෙණිය) ලෙස හඳුන්වන මෙහි ඇති සුවිශේෂ ජෛව විද්‍යාත්මක වැදගත්කම නිසාම එය "මිනිසා හා ජෛවගෝල රක්ෂිතයක්" (Man & Biosphere Reserve) ලෙස යුනෙස්කෝව විසින් නම් කර තිබෙනවා. සොබාරූ මීට පෙර කිහිප වතාවක් කන්නෙලිය පිළිබඳ වාර්තා කර තිබෙන නිසාම කන්නෙලියේ වැදගත් කමත් එහි සුවිශේෂ පාරිසරික ලක්ෂණත් මෙම ලිපියෙන් විස්තර කරන්නට අදහස් කරන්නේ නෑ. මේ පහත සබැඳියාවන් ඔස්සේ මීට පෙර කන්නෙලිය පිළිබඳ ලියූ ලිපි බලන්නට පුළුවනි.
1. සරා සොඳුරු වන රැජිණිය - කන්නෙලිය වනාන්තරය
2. සරා සොඳුරු වන රැජිණිය - කන්නෙලිය වනාන්තරය - Part II
3. කබ්බලේ කන්ද තරණය
අදත් මම ඔබ කැටුව යන්නේ කන්නෙලියේ වන මං පෙත් අතරින් දුෂ්කරම නමුත් සුන්දරම මංපෙත වන කබ්බලේ කන්ද මංපෙත ඔස්සේයි. කන්නෙලිය පිවිසුම ආසන්නයේ ඇති ප්‍රවේශපත්‍ර කවුළුව අසළින් වනාන්තරය තුළට දිවෙන මේ මං පෙත කඳුකර දුෂ්කර ගමන් මගක් ඔස්සේ කඳු මුදුන වෙත යොමු වෙනවා. ඇතැම් විට ලිස්සන ගල්කුළු මතින් අසීරුවෙන් ගමන් කරන්නට සිදු වෙන බැවින් මෙවන් ගමනකට ඔබගේ ශාරීරික යෝග්‍යතාවය ඉතා වැදගත්...
අතරමග සොඳුරු දසුන්මෙදා ගමනට එකතු වුණේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් මගේ සිසු පිරිසක්. මමත් පළවෙනි වතාවට තමයි දරුවන් පිරිසක් සමග මෙවන් ගමනකට එකතු වුණේ. එම නිසා ඔවුන්ගේ ආරක්ෂාව ගැන දැඩි අවධානයක් යොමු කරන්නටත් මට සිදු වුණා.
ගැට හොඹු කටුස්සා/කරමල් බෝදිලිමා - Hump Nosed Lizard - Lyriocephalus scutatusවිශාල පිරිසක් ගමනට සහභාගි වී සිටියත් නිශ්ශබ්දව වනාන්තරයට අනුගත වෙමින් ගමන් කළ නිසාමයි අපට මේ බිත්තර දමමින් සිටි ගැට හොඹු කටුස්සා/කරමල් බෝදිලිමා - (Hump Nosed Lizard) දැක ගන්නට ලැබුණේ. ඌට බාධාවක් වන පරිදි ළඟට නොයන්නටත්, ෆ්ලෑෂර් භාවිත කරමින් ඡායාරූප නොගන්නටත් අප විශේෂයෙන් පරිස්සම් වුණා. අතරමගදී අපට එල්ලවුණු විශාලම බාධාව වුණේ කෙළවරක් නැතිව එල්ලෙන කූඩැල්ලන්. ජීවිතේ කවදාවත් මෙතරම් දුෂ්කර ගමනක් ගිහින් නැති, කිසි දිනෙක කූඩැල්ලෙක් කා නොමැති යොවුන් දරුවන්ට මෙය අතිශය වෙනස් අත්දැකීමක් බවට පත්වුණා. ලෙයින් පෙඟුණු සපත්තු සහ කලිසම් කකුල් වලින් යුතුව අපි දිගටම ඉදිරියට ගමන් කළා.
කූඩැල්ලන්ගේ ප්රහාරමේ ගමනේ මුණගැහෙන එක් සුවිශේෂී කඩඉමක් වන්නේ ගල්ලෑලි දොළ ඇල්ලයි. වියළි කාලයට දිය බිඳක් වත් නැති මෙහි අපේ වාසනාවට මෙන් එදා හොඳින් ජලය තිබුණා.
ගල් ලෑලි දොළ ඇල්ලමෙවන් ගමනකදී අවට පරිසරය ගැන දැඩි අවධානයෙන් ගමන් කිරීම ඉතාම වැදගත්. මේ සුන්දර සර්පයා අපට මුණ ගැහුණේ එසේ අවධානයෙන් ගමන් කළ නිසාමයි.
පළා පොළඟා - Green Pit Viper - Trimeresurus trigonosephalusමේ ඉන්නේ ශ්‍රී ලංකාවට ආවේණික පළා පොළඟෙක් (Green Pit Viper) Vipiridae කුලයට එනම් වල පොළඟුන් (Pit Vipers - මොවුන් වල පොළඟුන් ලෙස හඳුන්වන්නේ ඇසට සමීපව ඇති ලෝරියල් ජිද්‍රය ලෙස හඳුන්වන තාප සංවේදී අවයවය නිසාය) අයත් කුලයට ගැනෙන එකම රුක්වාසී සර්පයා පළා පොළඟාය. සුන්දර පළා පැහැය නිසා පරිසරයෙන් එක්වර වෙන් කර ගත නොහැකි මොහු මද විෂ සර්පයෙක්.
මෙලෙස පරිසරයේ උපරිම වින්දනය ලබමින් ඉහළට ගමන් කළ අපි අවසානයේ කබ්බලේ කන්ද මුදුනට පැමිණියා. එහිදී දක්නට ලැබුණු දර්ශනය වර්ණනා විෂයාතික්‍රාන්තයි. මෙතෙක් දැරූ වෙහෙස එක් සුළං රැල්ලකින් පලවා හරින්නට එ් සුන්දර දර්ශනය සමත් වුණා.
කබ්බලේ මුදුනේ සිටදෙනියායේ සිංහරාජය දක්වා කුරුළු ඇසින් දකින්නට මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ සුන්දරත්වය වචනයට නැගීම ඉතා අසීරු බවයි මගේ හැඟීම. කබ්බලේ කන්ද මුදුනේදීම ඉතා හුරුපුරුදු ශාකයක් දක්නට ලැබුණා.
බිනර - Exacum trinerveumකුඩා භෞමික පැළෑටියක් වන මෙය බිනර Exacum trinerveum නමින් හැඳින්වෙනවා. මෙය ලංකාවට ආවේණික අතිශය සුන්දර මලක් දරන ඖෂධීය වටිනාකමින් ඉහළ පැළෑටියක්. එම නිසා ජාන මංකොල්ලකරුවන්ගේ සෘජු ඉලක්කයක් බවට බිනර පත්වී තිබෙනවා.
කබ්බලේ කන්ද මුදුනේ සිට අනගිමල ඇල්ල දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවත් අපට හිමි වුණා.
අනගිමල ඇල්ල කබ්බලේ කන්ද මුදුනේ සිට
මෙවර චාරිකාව අවසන් වුණේ දරුවන්ගේ සිත් තුළ නොමැකෙන සුන්දර සටහන් ඉතිරි කරමින්. ඉතා දුෂ්කර නමුත් තෘප්තිකර දිනයක වෙහෙස නන්නිකිත දොළේ සෝදා හරිමින් අපි ගමන නිමා කළා.
1. සරා සොඳුරු වන රැජිණිය - කන්නෙලිය වනාන්තරය
2. සරා සොඳුරු වන රැජිණිය - කන්නෙලිය වනාන්තරය - Part II
3. කබ්බලේ කන්ද තරණය
අදත් මම ඔබ කැටුව යන්නේ කන්නෙලියේ වන මං පෙත් අතරින් දුෂ්කරම නමුත් සුන්දරම මංපෙත වන කබ්බලේ කන්ද මංපෙත ඔස්සේයි. කන්නෙලිය පිවිසුම ආසන්නයේ ඇති ප්‍රවේශපත්‍ර කවුළුව අසළින් වනාන්තරය තුළට දිවෙන මේ මං පෙත කඳුකර දුෂ්කර ගමන් මගක් ඔස්සේ කඳු මුදුන වෙත යොමු වෙනවා. ඇතැම් විට ලිස්සන ගල්කුළු මතින් අසීරුවෙන් ගමන් කරන්නට සිදු වෙන බැවින් මෙවන් ගමනකට ඔබගේ ශාරීරික යෝග්‍යතාවය ඉතා වැදගත්...
අතරමග සොඳුරු දසුන්
ගැට හොඹු කටුස්සා/කරමල් බෝදිලිමා - Hump Nosed Lizard - Lyriocephalus scutatus
කූඩැල්ලන්ගේ ප්‍රහාර
ගල් ලෑලි දොළ ඇල්ල
පළා පොළඟා - Green Pit Viper - Trimeresurus trigonosephalus
මෙලෙස පරිසරයේ උපරිම වින්දනය ලබමින් ඉහළට ගමන් කළ අපි අවසානයේ කබ්බලේ කන්ද මුදුනට පැමිණියා. එහිදී දක්නට ලැබුණු දර්ශනය වර්ණනා විෂයාතික්‍රාන්තයි. මෙතෙක් දැරූ වෙහෙස එක් සුළං රැල්ලකින් පලවා හරින්නට එ් සුන්දර දර්ශනය සමත් වුණා.
කබ්බලේ මුදුනේ සිට
බිනර - Exacum trinerveum