කන්සායි_ගුවන් තොටුපල
කන්සායි ගුවන්තොටුපල පිහිටා ඇත්තේ ජපානයේ ඔසාකා බොක්ක මධ්‍යයේ ය.මෙම ගුවන් තොටුපල ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කරන ලද්දේ 1994 සැප්තැම්බර් 4 දා සිටය.කන්සායි ගුවන් තොටුපල අභ්‍යාවකාශයේ සිට දැකිය හැකි කෘතීම පෘථිවි ඉදිකිරීම් 2න් එකකි.මින් අනෙක ලෝ ප්‍රකට චීන මහා ප්රාකාරයයි.කන්සායි ගුවන් තොටුපල ගොඩ නැගීමේ මූලික අරමුන වූයේ ජපානය තුළ පැය 24 ම ක්‍රියාත්මක වන ගුවන් තොටුපලක් ගොඩ නැංවීම හා ලෝකය පුරා ඉතා වේගයෙන් ඉහළ යන මගී අවශ්‍යතා සැපිරීමයි.
මෙම දැවැන්ත ගුවන් තොටුපල ගොඩනැගීමට ඔසාකාහි දකුණු ප්‍රදේශයේ විශාල කඳු 3ක් සම්පූර්ණයෙන් ම සමතලා කිරීමට අදාල ව්‍යාපෘති භාර ඉන්ජිනේරුවන්ට සිදු විය.මීට අමතර ව මගී ප්‍රවාහන පහසුව උදෙසා ඔසාකා වරායේ සිට කි.මි 5ක් දිග පාලමක් ගොඩනැගීමට ද සිදු විය.
මෙම විශිෂ්ට නිර්මාණය සිදු කිරීම ඉතා අපහසු මෙන් ම අධික මුදලක් වැය වූ ව්‍යාපෘතියක් වූයේ මෙය හුදෙකලා පෙදෙසක,ශබ්ද දූෂණය අවම වන පරිදි,අනාගතයේ දී අවශ්‍ය නම් විශාල කළ හැකි වන සේ ඉදි වූ ගුවන් තොටුපලක් වීමයි.එමෙන් ම මෙහි යොදා ඇති ඇතැම් තාක්ෂණික ක්‍රම අනාගත ලෝකයට වුව සරිලන පරිදි සකසා තිබීම ද විශේෂත්වයකි.
1වන අදියර යටතේ ගුවන් තොටුපල සහිත දූපත සම්පූර්ණයෙන් ම ආවර්නය වන පරිදි මේ වන විට ඉදිකිරීම් කටයුතු කර තිබුණත් 2වන අදියරේ ඉදිකිරීම් සිදු කිරීමේ දී කෘතීම ලෙස දූපතේ වපසරිය විශාල කොට එහි ඉදිකිරීම් සිදු කිරීමට ගුවන් තොටුපල භාර බලධාරීන් බලාපොරොත්තු වේ.
themythsworld බ්ලොගයෙන් උපුටාගන්නා ලදී.
කන්සායි ගුවන් තොටුපල

Last edited: