කන් දෙක වෙනුවට අං දෙකක්..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මූර්තිය නමැති ත්‍රිමාණය ප‍්‍රතිනිර්මාණය සඳහා ඇඹීම්, නෙළීම් හා වාත්තු කිරීම් ආදී ශිල්පක්‍රම භාවිත කෙරෙයි.
    මුහුණ මැද නහය පිහිටීම ස්වාභාවික නීතියයි. එහි වෙනස්වීම විකෘතියක් ලෙස සැලකෙයි.
    නහය, නළලෙ පිහිටුවන්නට බැරිද ?

    ඒක සම්මතයට පටහැනියි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම සංශෝධනය න්‍යායවිරෝධී; මූලධර්ම විරෝධී ලෙස සලකල අත්හිටුවනව.

    එතකොට මාමෙ නහය මුහුණ මැද පිහිටුවල නහය මුක්කම් කෙරුවොත්?

    එතකොට පුතෝ වැඩේ තරමක් සංකීර්ණ වෙනව. විකෘතියක් වුනාට නිවැරදි සීමාව තීරණය සියුම් කටයුත්තක්.
    මූර්තිය රූමතියකට අදාළ නම් මුක්කම් සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රතික්ෂේප වෙනවමයි.
    මූර්තිය රූමතියකට අදාළ නොවේනම් මුක්කම් සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබෙන්නත් ඉඩක් තියෙනව

    නහය සම්පූර්ණයෙන්ම චප්ප වෙන්න හැදුවොත්?

    එවැනි සංශෝධනයකට පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක අනුමැතිය අත්‍යවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන්නට ඉඩතියෙනව.
    මූර්තියෙ අතපයේ දිග, බෙල්ලේ දිග, කඳේ දිග නියමිත අනුපාතයන්ට පිහිටුවල තිබේද?අච්චරට මෙච්චරනම් මෙච්චරට කොච්චරද?ආදිය සලකාබැලීම පහසු නෑ පුතෝ.

    එහෙම බැලුවම මාමෙ විස්ස කෑලි අඩුවෙන් හෝ කෑලි එහාමෙහා වෙලා හෝ සම්මත වෙන්නට ඉඩප්‍රස්ථාව වැඩියි වගේ..! හැබෑටම මාමෙ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ගන්නට පදනම්කරගන්න මිනුම් දණ්ඩ මොකක්ද ?

    අදත් බලපවත්වන ජේ.ආර්.මහත්තයගෙ ව්‍යවස්ථාවෙම මිනුම් දණ්ඩ ලියල, කොන්දේසි සඳහන් කරලම තියෙනව. ඊට අමතරව ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ට අදාළ බලතුලනය ඇතුලු ගැඹුරු සංකීර්ණ ව්‍යවස්ථා නීති සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බලනව.

    එහෙම සලකා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතියක්, බලයක් ලැබුනෙ කොහොමද මාමෙ?

    ඒකටත් අවසරය දීල බලය පවරල තියෙන්නෙ අදත් බලපවත්වන ජේ.ආර්.මහත්තයගෙ ව්‍යවස්ථාවෙන්ම තමයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාපටිපාටියක්.

    එහෙමනම් 'ජේ.ආර්.මරමු' කියල තාප්පවල ලිව්වෙ මොකද මාමෙ?

    ආදරේ වැඩිකමටම මරන්න හිතෙන්න ඇති බං!

    එතකොට මාමෙ නහය මුහුණ මැද පිහිටුවල නහයෙ සිදුරු දෙක වෙනුවට එක සිදුරක් පමණක් තිව්වොත්?

    ඒකනම් බරපතල විකෘතියක් පුතෝ. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය කියනව නහයට තනි සිදුර තියන්න අවශ්‍යමනම් පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක අනුමැතියට අමතරව ජනමතවිචාරණයක් පවත්වල නහයෙ තනි සිදුරට එකඟයි කියල ඡනතා අනුමැතිය ලබාගතයුතුය කියල.

    ඒකෙ අවුලක් නෑ මාමෙ. කොරෝනා නිසා සිදුරු දෙකම බාගෙට වහගෙන ඉන්න අපට නහයට තනි සිදුරක් වැඩිය හොඳයි කියමින් හැටනව ලක්ෂෙ අපි ඔක්කොම එක පයින් තනි සිදුරට පක්ෂව ඡන්දය දෙනවනේ.

    තනි සිදුරෙන් ආශ්වාස-ප්‍රශ්වාස කොරන්න බැරි බව හැටනවලක්ෂෙ උඹලට තේරෙන්නෙ නැද්ද?

    පිස්සු පීකුදු කිව්වලු..! ඔක්සිජන් එපා කියන පොහොට්ටුවෙ අපට නහයෙ තනි සිදුර වැඩිත් එක්ක මාමෙ. ඉදිරිකාලයේදි ඔක්සිජන් හිඟයක් ඇතිවීමට නියමිත නිසා නහයෙ එක සිදුරක් උණ්ඩුක පුචඡය වගේ ශරීරයට අනවශ්‍ය ගැජට් එකක් වෙන්නත් ඉඩ තියෙනව නේ මාමෙ.

    ඔව් ඉතිං අසූදෙකේ ජනමතවිචාරණයෙදි රටට මහමැතිවරණයක් එපා කියල ලාම්පුව ලකුණට සියයට පනස්හතරක්ම ඡන්දය දීපු ලංකාවෙ ජනතාව නාස්පුඩු එකක් හොඳටම ඇති කියල ඡන්දෙ දෙන්න බැරිකමක් නෑ බං.

    ඒක නෙවෙයි මාමෙ, කන් දෙක වෙනුවට අං දෙකක් තිව්වොත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරාවි නේද ජනමතවිචාරණය අවශ්‍යමයි කියල.

    උඹල වගේ බයියන්ට අදාළව නම් කන් දෙක වෙනුවට අං දෙකට ශ්‍රේෂ්ඨාධිකරණයෙ අනුමැතිය ලැබෙන්න බොහෝදුරට ඉඩතියෙනව.
    චිඃක් අම්මප, තෝත් එක්ක කතාකෙරුවට වඩා හොඳයි මගේ කට බිම උලාගත්තනම්.