කනෙයියො 🐝

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    කියෙව්වට පාඩු නෑ.. ඔබ නොහිතන වැදගත් ලිපියක්
    👇❤️
    ලොව වැදගත්ම ජීවියා ලෙස මී මැස්සා 2019 වසරේදී ලන්ඩනයේ රාජකීය භූගෝල විද්‍යා සංගමය විසින් නම්කරනවා. ඒ පෘථිවියේ සමස්ථ ශාක හා සත්වයන්ගේ පැවැත්ම උදෙසා බෝග පරාගනය මගින් මී මැස්සන් සිදුකරන අමිල සේවාව නිසායි.

    එවන් පසුබිමක අප රටෙහි මී බිගු ජනපද සිය ගණනක් විවිධ හේතු නිසා දිනකට විනාශ වෙනවා. ඒ සියල්ල අපට නැවැත්වීමට නොහැකි වුවත් ආරක්ෂා කල හැකි මී බිගු ජනපද හෝ අප ආරක්ෂා කල යුතුය. විදුලි මීටර් පෙට්ටිවල ඇති කනෙයි බිගු ජනපදත් එලෙස ආරක්ෂා කරගත හැකි ජනපද අතරට වැටෙනවා. කනෙයි බිගු ජනපද සහිත මිටර් පෙට්ටි හමුවුවහොත් විදුලිබල මණ්ඩලය මගින් සාමාන්‍යයෙන් එම පෙට්ටි ජනපදත් සමගින් ඉවත් කර ප්ලාස්ටික් පෙට්ටි නොමිලේම සවිකරනවා. එසේ ඉවත් කරන ජනපදය නව ආරෂිත පෙට්ටියක තැන්පත් නොකලහොත් බොහෝවිට සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඇතැම් පාරිභෝගිකයන් මෙම ජනපදවලට මෝටීන් ගසා විනාශ කිරීමට පවා පෙළෙඹෙන්නේ බිගුන් විදුලි මීටරයට හානි සිදුකරාවියැයි බියෙන්. එය කිසිසේත් අනුමත කල නොහැකියි.

    විදුලි මීටර් පෙට්ටියේ ඇති කනෙයි බිගු ජනපදය ආරක්ෂා කර ගන්නේ කෙසේද ?

    > මුලින් ඔබ අයත් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට ගොස් විදුලි මීටර් පෙට්ටියේ ඇති කනෙයි බිගු ජනපදය ඉවත් කිරීමට අවශ්‍ය බව දන්වන්න.
    > ඔවුන් එම රාජකාරියට දින කිහිපයක් ඇතුලත පැමිණෙන තෙක් බිගු ජනපදය තැන්පත් කිරීම සදහා කුඩා ලී පෙට්ටියක්, මැටි මුට්ටියක් හෝ ටින් එකක් ආදී ඕනෑම බිගුන් සදහා යොදා ගත හැකි ආරෂිත නිවාසයක් සූදානම් කර ගන්න. බිගුන්ට පිටවීමට හා ඇතුල්වීමට එහි කුඩා සිදුරක් තබන්න.
    > විදුලි බල මණ්ඩල සේවක මහතුන් ජනපදය ඉවත් කරන දිනයේ ජනපදයේ පිලා, පරාග හා පැණි කොටස් ප්‍රවේශමෙන් සූදානම් කරගත් ආරෂිත නිවාසයේ තැන්පත් කරන්න. රැජින හමුවුවහොත් ඇයද නව පෙට්ටියට දමන්න.
    > නව බිගු නිවස වර්ෂාවෙන් ආරක්ෂා වන පරිදි විදුලි මීටර් පෙට්ටිය අසලින්ම තැන්පත් කරන්න.

    මෙමගින් ඔබගේ ගෙවත්තේ පමණක් නොව ඔබ අවට ශාක විශාල ගණනක බෝග පරාගනයට වසර ගණනාවක් දායක වූ කනෙයි බිගු ජනපදය ආරක්ෂා කර ගැනීමට ඔබට හැකි වේවි. එය මාහැගි පුණ්‍යකර්මයක් මෙන්ම පරිසර හිතකාමී කර්තව්‍යයකි. ඔබ අවට ශාකවල පැවැත්ම එම ජනපදය විසින් තවත් වසර ගණනාවක් යනතුරු තහවුරු කරාවි.
    - Chamara Alahakoon (BSc, University of Peradeniya)
    උපුටා ගැනීමකි….
     

    Attachments

    • 8311673E-C6E1-4F3F-B681-5C3647947FEE.jpeg
      8311673E-C6E1-4F3F-B681-5C3647947FEE.jpeg
      650.2 KB · Views: 336

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    මන් නම් කනවා පට්ට
    පලතුරු තියෙන කාලෙට හදනවා ගෙවල් වල ගස් බෙනවල එහෙම
    මී වද සෙට් වෙන්නෙ නෑ ඉස්සර වගේ 😞
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ ආතාගේ ගෙදර මැටියෙන් බිත්ති බැදලා තිබ්බේ.කනෙයියා වද පිරිලා තිබ්බා ඒ කාලේ බිත්තිවල.