කපලා කාපාගෙන-flying fish
srilankamirror.com
ලිංගේන්ද්‍රිය ආශ්රිත කැපුම් තුවාල සම්බන්ධ සිද්ධි දෙකක් අද වාර්තා විය.
ඉන් එක් සිද්ධියක් වාර්තා වූයේ, දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ S වංගුව ප්‍රදේශයෙනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, අද අලුයම 119 දුරකතන අංකයට ලැබුණු තොරතුරක් අනුව, තියුණු ආයුධයකින් පහරකෑමට ලක්වමහ මග වැටී තිබූ එම පුද්ගලයාගේ සිරුර සොයා ගත් බව ය.
අදාළ පුද්ගලයා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම පුද්ගලයාගේ රහසඟ කපාදමා තිබුණු බවත්, රෝහලට ඇතුළත් කරන ලද අවස්ථාව වන විටත් හෙතෙම බරපතළ තත්ත්වයේ පසුවූ බවත් වාර්තා වේ. .
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 45-50 වයසැති පුද්ගයෙකු බවත්, වාහනයකින් එම ස්ථානයකට ගෙනවිත් දමන්නට ඇතැයි සැකකරන බවත් පොලීසිය සඳහන් කරයි.
මිය ගිය අයගේ මළ සිරුර මේවන විට දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර, සිය ලිංගේන්ද්‍රිය කපා ගත් බව කියන බඩල්කුඹුර ප්‍රදේශයේ 24 හැවිරිදි විවාහක පුද්ගලයෙකු රෝහල්ගත කර තිබේ.
ඔහුගේ බිරිඳ පොලීසියට පවසා ඇත්තේ, ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බව ය.