කප්පම් නොගෙව්වැයි මහින්ද පිලේ මන්ත්‍රී, &#3501

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    කප්පම් නොගෙව්වැයි මහින්ද පිලේ මන්ත්‍රී, &#3501

    වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රී ‘සුදා’ නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන සුදත් නැමත්තා විසින් වෙන්නප්පුව පොල භූමියේ රථගාල පවත්වාගෙන යන පුද්ගලයාගෙන් කප්පම් ඉල්ලා පසුගිය සඳුදා (04) සහ ඊයේ (05) දිනවලදි පහරදී ඇති බව වාර්තා වේ. මෙම පොළ සෑම සතියකම සඳුදා පස්වරුවේ සිට අඟහරුවාදා පෙරවරු වනතුරු පැවැත්වේ.

    ‘සුදා’ නැමති මන්ත්‍රීවරයාගේ ‘රාජු’ යන අන්වර්ත නාමයෙන් හඳුන්වන ගෝලයෙකු පසුගිය සඳුදා (04) පැමිණ සති පොළේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් එකතුකිරීමේ නිරත සිට ඇති අතර ඔහු මෙම රථගාලටද පැමිණ එය දිගටම කරගෙන යාමට අවශ්‍යනම් රුපියල් 500ක කප්පමක් ගෙවන ලෙස තර්ජනය කර ඇත. තමන් ප්‍රාදේශීය සභාවට නිසි ගෙවීම් සිදු කර අදාළ රථගාල ලබාගෙන ඇති බැවින් එලෙස කප්පම් ලබාදීමට නොහැකි බව එම රථගාල පවත්වාගෙන යන පුද්ගලයා ප්‍රකාශ කර තිබේ.

    ඉන් කෝපයට පත් මෙම ‘රාජු‘ නැමැත්තා මන්ත්‍රීවරයාට දුරකථන ඇමතුමක් ලබාදී සිද්ධිය ප්‍රකාශ ඇත. ඒත් සමග එම ස්ථානයට මන්ත්‍රීවරයා සමග තවත් දෙදෙනෙක් පැමිණ තිබේ. පසුව මෙම සිව්දෙනාම එක්වී රථගාල පවත්වාගෙන යන ව්‍යාපාරිකයාට පහරදි ඇත.

    පසුව ඔහු සිද්ධිය වෙන්නප්පුව පොලීසියට පැමිණිලි කර තිබෙන අතර පසුවදා එනම් අඟහරුවාදා (05) උදේ එම රථගාලට සිය පුත්‍රයා යොදවා තිබේ.

    අඟහරුවාදා පෙරවරුවේ තම ජීප් රථයෙන් එම රථගාල අසලට පැමිණි ‘සුදා‘ නැමැති මැර මන්ත්‍රීවරයා රථගාලේ සිටි තමන් කලින් දින පහරදුන් පුද්ගලයාගේ පුතාටද පහරදි ඇත.

    අතින්, පයින් සහ පොලුවලින්ද පහරකෑමට ලක්ව ඇති එම තරුණයා මේ වනවිට අසාධ්‍ය තත්වයෙන් මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    මේ සම්බ්නධයෙන්ද වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර ඇති අතර දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

    මැර මන්ත්‍රීවරයා සහ තවත් පුද්ගලයෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පොලීසිය පවසයි.

    මෙම මැර මන්ත්‍රීවරයා වසර ගණනාවක සිටි තම දේශපාලන බලයද යොදාගනිමින් පොර කුකුළු කෙටවීම්, කප්පම් ගැනීම් නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා රැසක නිරතව සිටින්නෙකු බවත් ඔහුට ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයින්ගේ රැකවරණය ලැබෙන බවත් වාර්තා වේ.

    මෙම මැර මන්ත්‍රීවරයා සිරිගම්පල කොට්ඨාසයෙන් මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ යෙකි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    තව දීපල්ල 2020දි ගෝ.රා. ට සුභ අනාගතයක් !