මචන් ,,මේක ගැන විස්තර ටිකක් දාපන්කෝ....
ඒ කියන්නේ මේක දෙන්න කාගෙන් හරි අවසර ගන්න ඕනෙද?කාටද මේක බාර කරන්න ඕනේ?කොච්චර චීවරක් ද මේ දල තියෙන්නේ???
පොඩ්ඩක් විස්තර කරපංකෝ මචන්.....???
ගොඩක් සැරයක් සෑය වදින්න ගියාට මෙහෙම දෙයක් කරලා නෑ බන්???
කප් රුක් පූජාවක් කරන්න නම් රුවන්වැලි සෑයේ නායක හාමුදුරුවෝ මුනගැහිලා හෝ කතා කරගෙන දිනයක් වෙන්කර ගන්න වෙනවා. මේ චීවරය යාර 300ක් දිගයි. කට්ටියක් එකතුවෙලා කලොත් එච්චර අමාරු වැඩක් නෙමෙයි. මීට අමතරව අටපිරිකරක්, පිරිකර 5ක්, මල් වට්ටි 8ක්, දැහැත් ... මෙන්න මේ වගේ දේවල් ඔන වෙනවා... මේ සම්බන්ධයෙන් කතා කරන්න ඕන කෙනාගේ දුරකථන අංකයක් දෙන්න පුලුවන්. සේරම විස්තර දැනගන්න පුලුවන් එතකොට. පෙරහැරට හේවිසි කන්ඩායම ලෑස්ති කර ගන්නත් පුලුවන් ලේසියෙන්ම.. නමුත් මේ පිංකමට සහභාගි වන පිරිස වැඩි වෙන තරමට සාර්ථකව වැඩේ කරගන්න ලේසි වෙනවා....
බොහොම පින් මචන්....මේක දැනුම් දුන්නට....පුළුවන් නම් මේ සම්බන්දව කතා කරන්න ඕන කෙනාගේ number එක PM කරනවද???
තව එකක් මේ චීවරය සෑය වටේ ඔතල තියනවද මචන්???මේකෙන් මොකද්ද වෙන්නේ?(දැන ගැනීම පිණිස ඇහෙව්වේ මච්චන්)
රුවන්වැලි සෑය වාර ගනනාවක් වැඳලා තිබුනත් සෑයට නැගලා බුදුන්ගේ ධාතු තැන්පත් සෑය අත්දෙකින් අල්ලලා වඳින්න ලැබිච්ච එකත් ලොකු වාසනාවක් කියල හිතෙනවා......
මචන් "සෑයට නැගලා " කියල අදහස් කලේ මොකක් ද??ධාතු තියෙන්නේ සෑයේ ගර්බයේ නෙමෙය් ද?කප්රුක පූජාව කරන කට්ටියට ධාතු වදින්න ඉඩ දෙනවද???
thansk මචන් ...info වලට....පිං මචන්....
'සෑයට නැගල' කියල අදහස් කලේ පේසා වලලු මතට නැගලා චෛත්‍ය ගර්භය අතින් අල්ලන්න පුලුවන් වීමයි. කප් රුක් පූජාව කරන පිරිසෙන් පිරිමි අය කිහිප දෙනෙකුට මේ අවස්තාව ලැබෙනවා.... සර්වඥ ධාතු තැන්පත් කරල තියෙන්නේ චෛත්‍ය ගර්භය ඇතුලතයි.