කම්කරු බිරියගේ නරසීහ ගාථා....

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කම්කරු බිරියගේ නරසීහ ගාථා....


කම්කරු බිරියගේ නරසීහ ගාථා....

මගටම ගෙවුනු මිරිවැඩියුග පැලඳගෙන....
එලවලු මාලු මලු දෑලෙම එල්ලගෙන....
සැඳෑ අඳුර මගදිගටම හලාගෙන....
පුත අර බලන් නුඹගේ පිය රජාණ....

සෝදා වියැකි කමිසය ගත දවටගෙන...
නූල් පිපුනු කලිසම ඉන පටලගෙන....
ගතසවි දිරිය අප වෙනුවෙන් දියකරන....
පුත අර බලන් නුඹගේ පිය රජාණ...

නෑ බෑ වදන් කිසිදින මුව රැඳුනෙ නැත.....
දෑසේ සෙනෙහසයි ගොඩ ගැලුවේ නිතර....
දරුවන් වෙතම දිවියේ සැප කැපකරන....
පුත අර බලන් නුඹගේ පිය රජාණ...

කලුගල් තාර රස්නෙට පය හුරු කරන...
දාවල හෝ රැයේ වෙනසක් නොමදකින....
අව් වැසි බියක් කිසිදිනකත් නොමදැනෙන....
පුත අර බලන් නුඹගේ පිය රජාණ....

 
Last edited:

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    අක්කේ නරසීහ ගාථා යන නම නැතුව වෙන නමක් දැම්මනං තමා හොද
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    පට්ටයි ;);););)
    N12_zps52a31375.gif
    NHappy_zpsd0dc0266.gif
    NEmbarassed_zps9aa5379e.gif

     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මම හිතුවෙ හම්බයෙක් දාලා කියලා:angry:.මේකට නරසීහ ගාථා කියලා දන්නෙ නැතුව.ඒක වෙනස් කරන්න සහෝදරී:yes:

     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම හිතුවෙ හම්බයෙක් දාලා කියලා:angry:.මේකට නරසීහ ගාථා කියලා දන්නෙ නැතුව.ඒක වෙනස් කරන්න සහෝදරී:yes:


    මෙහෙමයි,ගොඩක් බිරින්ඳෑවරුන්ට තමන්ගෙ සැමියා රජෙක් හා සමානයි.මම මේ පෙන්නන්න උත්සාහකලේ ඒක කම්කරු බිරියටත් පොදුයි කියන එක.එහෙම නැතුව නරසීහ ගාථාවලට නිග්‍රහ කලේ නැහැ.:)