කම්පියුටර් ඩිග්‍රි එකක්ද කරන්න ඉන්නෙ...?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කම්පියුටර් ඩිග්‍රි එකක්ද කරන්න ඉන්නෙ...?

    ලංකාවෙ ගොඩක් අය, විශ්වවිද්‍යාල මහාචාර්යවරු පවා හිතාගෙන ඉන්නෙ තොරතුරු තාක්ෂණයයි (IT), පරිගණක විද්‍යාවයි (Computer Science) දෙකම එකයි කියල. මේක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. සරලවම කිව්වොත් පරිගණක විද්‍යාව කියන්නෙ තොරතුරු තාක්ෂණයට වඩා බොහොම පුළුල් විෂය පථයක්. මේ වගේ පාඨමාලාවක් හදාරන්න බොහොම හොඳ විශ්ලේශන හැකියාවන් අවශ්‍ය වෙනව. මේ නිසා උසස් පෙළට ගණිත අංශයෙන්, අඩුම වශයෙන් භෞතික විද්‍යාව විෂයක් වශයෙන් හදාරපු අය තමයි මේ පාඨමාලාවලට තෝර ගන්නෙ. තොරතුරු තාක්ෂණය හැදෑරීම ඕනෑම කෙනෙකුට විවෘතයි.

    මෙහෙම මේ දෙක වෙන් කරන්නේ මම නොවෙයි, එහෙම කරන්නෙ තාක්ෂණික විෂයන් (ඉලෙක්ට්‍රොනික් විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව හා පරිගණක විද්‍යාව) පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති නිර්මාණය කරන IEEE ආයතනයෙ ACM කොමිටුව. ඒ වර්ගීකරණය සහ ඒ ඒ උපාධි පාඨමාලා වල අන්තර්ගතය ගැන විස්තර මෙතනින් බාගත කරන්න පුළුවන්.

    මේ අර්ථ දැක්වීමට අනුව, පරිගණක ආශ්‍රිත උපාධි පාඨමාලා ප්‍රධාන වශයෙන් 5ක් තියෙනෙව.
    1. පරිගණක විද්‍යාව (CS - Computer Science)

    2. පරිගණක ඉංජිනේරු විද්‍යාව (CE - Computer Engineering)

    3. මෘදුකාංග ඉංජිනේරුකරණය (SE- Software Engineering)

    4. තොරතුරු තාක්ෂණය (IT - Information Technology)

    5. තොරතුරු පද්ධති (IS - Information Systems)



    Untitled.png


    (ඔය EE කියන්නෙ Electrical Engineering නේ.)
    මේකට අළුතින්ම එකතු වුනු එක තමයි කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence), හැබැයි ඒ වගේ උපාධි පාඨමාලා දැනට ලංකාවෙ නෑ. අමරිකාවෙ ස්ටැන්ෆර්ඩ් වගේ විශ්වවිද්‍යාලවලනම් තියෙනෙව, ඒත් මේ ළගඳි ඉඳන් තමයි. ඒ පිළිබඳව පශ්චාත් උපාධියක්නම් තියෙනවා, මොරටුවෙ. ආසනම් මෙයින් එකක් කරල එන්නකෝ.

    මේවා එකිනෙකට වෙනස් අරමුණු ඔස්සේ දිවෙන, වෙනස් අන්තර්ගතයන් අඩංගු පාඨමාලා බව මේ වාර්තා අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට පැහැදිලිව වටහා ගන්න පුළුවන්. ලංකාවෙදි මේ ඔක්කොම අනාගෙන නිසා මම කතාකරන්න යන්නෙ පොදුවේ පරිගණක (Computing) උපාධි පාඨමාලා ගැන.

    මෙවැනි උපාධි මට්ටමේ පාඨමාලාවක් ප්‍රධාන වශයෙන් 3 ආකාරයකට වර්ගීකරණය කළ හැකියි.
    1. සෘජුවම පරිගණක වෘත්තියවේදීන් බිහිකරන උපාධි පාඨමාලා

    2. පරිගණක විද්‍යාව ප්‍රධාන විෂයයක් ලෙස අවශ්‍යනම් තෝරා ගත හැකි උපාධි පාඨමාලා (Join - Major Degrees)

    3. සංයුක්ත, එනම් වෙනත් ප්‍රධාන විෂයයක් සමග සමගාමීව පරිගණකකරණය හැදෑරීමට සලස්වන උපාධි පාඨමාලා (Combined Degrees)


    පළමු වර්ගයේ උපාධි පාඨමාලා වල ශීර්ෂය ලෙස ලැබෙන්නේ මෙවැන්නක්.
    1. පරිගණක විද්‍යාවේදී Bachelor of Computer Science - B.C.Sc. හෝ B.C.S. - උදා. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසල (UCSC-University of Colombo School of Computing), රුහුණ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුව (DCS) විසින් පිරිනමන උපාධිය.

    2. විද්‍යාවේදී (පරිගණක විද්‍යා) B.Sc.(Computer Science) හෝ විද්‍යාවේදී (පරිගණක විද්‍යා හා තාක්ෂණ) B.Sc.(Computer Sc. & Technology) උදා. ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

    3. විද්‍යාවේදී (තොරතුරු තාක්ෂණය) B.Sc. in IT උදා. තොරතුරු තාක්ෂණ පීඨය,මොරටුව වි.වි.

    4. තොරතුරු තාක්ෂණවේදී B.I.T.- කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසල (UCSC) හා මොරටුව වි.වි. මගින් පිරිනමණු ලබන බාහිර උපාධිය

    5. විද්‍යාවේදී (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ) - ව්‍යවහාරික විද්‍යා පීඨය, රජරට විශ්වවිද්‍යාලය

    6. කාර්මික තොරතුරු තාක්ෂණවේදී B.I.I.T - ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය


    දෙවන වර්ගයේ උපාධි පාඨමාලා (Join - Major Degree)
    ගණිතය, භෞතික විද්‍යාව, සංඛ්‍යානය හෝ ජීව විද්‍යාව වැනි විෂයක් සමග විද්‍යාවෙදී (B.Sc.) සාමාන්‍ය හෝ විශේෂ උපාධියේ එක් ප්‍රධාන විෂය පථයක් ලෙස හැදෑරිය හැක. පරිගණක දැනුමට අමතරව වෙනත් විෂය දැනුමකින්ද උපාධිධාරියා සමන්විත නිසා මොවුන්ටද හොඳ ඉල්ලුමක් පවතිනව. විශේෂයෙන් කොළඹ (හෝ පේරාදෙණිය) විශ්වවිද්‍යාලයේ සංඛ්‍යානය හා පරිගණක විද්‍යාව (Statistics & Computer Sc.) හෝ ගණිත (Mathematics) පසුබිමක් සහිතනම් එයාලට වෙනත් පරිගණක උපාධිධාරියෙක්ට ලැබෙන සැලකිල්ලම බොහෝවිට ලැබෙනව.

    ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ, සබරගමුව, රජරට හා වයඹ විශ්වවිද්‍යාලවලත් විද්‍යා හා ව්‍යවහාරික විද්‍යා (Applied Sciences) පීඨවල මේ පාඨමාලා පැවැත්වෙනව.
    තුන්වන වර්ගයේ උපාධි (Combined Degrees)
    (තුන්වන වර්ගයේ කියන්නෙ සම්මත හැඳින්වීමක් හෝ එහි තත්ත්වය නිරූපණය කරන යෙදුමක් නොවෙයි, හුදෙක් වෙන්කර හඳුනාගැනීමට පමණයි.)

    ඉංජිනේරු උපාධියක් ලෙස පිරිනැමෙන පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිවු අවුරුදු උපාධි පාඨමාලා සහ කලමණාකරන විෂයන් සමග ඒකාබද්ධව පිරිනැමෙන මේවාත් සෘජුවම වෘත්තිය පාඨමාලා (Industry Oriented). මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් පිරිනැමෙන්නේ විද්‍යාවේදී ඉංජිනේරු විද්‍යා උපාධියක් වුවත් එම දෙපාර්තමේන්තුව 'පරිගණක හා ඉංජිනේරු විද්‍යාව' (CSE - Computer Science & Engineering) යනුවෙන් නම් කොට තිබෙන්නේ පාඨමාලාවේ ඉංජිනේරු උපාධියක වගේම පරිගණක විද්‍යා උපාධියක යන ද්විත්වයෙම ගති ලක්ෂණ තිබෙන නිසා. මේක තමයි ඇත්තටම ලෝකයේ පිළිගත් ප්‍රවණතාව (Trend). පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිරිනමන ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහාත් පරිගණක විද්‍යා විෂයයන් තෝර ගන්න පුළුවන්. උපාධියේ ශීර්ෂය B.Sc.(Engineering).

    කැළණිය විශ්වවිද්‍යාලයේ Industrial Management දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය (MIT - B.Sc. in Management and Information Technology) පාඨමාලාවත් මේ තුන්වන කැටගරියේ තියෙන්නෙ. මේකත් ඉතා ඉහළ ඉල්ලුමක් තියෙන පාඨමාලාවක්. හේතුව තමයි Industry එකේදි ගොඩක් වෙලාවට පද්ධති හදන්න ඕනෑ ව්‍යාපාරික ප්‍රජාවට. බොහොමයක්ම මෙහෙම පද්ධති ERP Solutions (Enterprise Resource Planning) කියන වර්ගයේ ඒවා. ඒවායෙ මූලික අභිලාෂය ආයතන මට්ටමෙන් මානව, භෞතික හා මූල්‍ය සම්පත් කලමනාකරණය. එතනදි වානිජ්‍ය, ගිණුම්කරණය හා කළමනාකරණ දැනුම විශාල වශයෙන් වුවමනා වෙනවා. මේ වෙනුවෙන් වෙනම දැනුමැති අය බඳවා ගන්නවට වඩා පරිගණක දැනුමත් එක්කම ගන්න තමයි Industry කැමති. ඇයි ලාබයිනේ. වැඩ දෙකයි - පඩි එකයි. අනිත් එක දෙක්කෙනෙක් කියන දේ අනිත් කෙනාට තේරෙන්නෙ නෑ. ඕක මටත් වෙලා තියෙනවා ඔය ජාතියෙ ව්‍යපෘතිවල වැඩ කරද්දි. හොඳම විසඳුම තමයි IT අය වානිජ්‍යය ඉගෙන ගන්න එක. ඒක අනිත් පාඨමාලා හදාරන අයත් දැනගන්න එක හොඳා.

    මේවගෙ උගන්නන ඒව ගැන වෙන වෙනම කතාකරන්න වෙලාවක් නෑ.

    පරිගණක විද්‍යාව හා පරිගණක ඉංජිනේරු විද්‍යාව හදාරන්න බලාපොරොත්තු වෙන අයටනම් කියන්න තියෙන්නෙ පරිගණක විෂයයන් වලට අමතරව
    ගණිතය, සංඛ්‍යානය හා ඉලෙක්ට්‍රොනික් විද්‍යාව යම් යම් මට්ටම්වලින් ඉගෙන ගැනීමට සිදුවන බවයි.

    ගොඩක් අය හිතාගෙන ඉන්නෙ පරිගණක විද්‍යාව කිව්වම තනිකරම පරිගණකය ගැන ඉගෙන ගන්නෙ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. බලන්න ඕනිනම් පරිගණක විද්‍යා විශේෂ උපාධියට හදාරන්න පුළුවන් ක්ෂේත්‍ර.
    1. මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering)

    2. පරිගණක ජාලගතකරණය (Computer Networking)

    මේ දෙක ගොඩක් පරිගණක වලට සම්බන්ධ ඒවා වුනත්

    3. Data Mining and WareHousing

    4. ක්ෂුදු ඉලෙක්ට්‍රොනික් විද්‍යාව (Microelectronics)

    5. Embedded Systems - සංයුක්ත පද්ධති (පරිවර්තනය ෂුවර් නෑ) මේක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව හා විදුලි ඉංජිනේරු විද්‍යාවට සම්බන්ධ එකක්. ක්ෂුද්‍රපාලක(Micro-controllers) හා ඒව භාවිත වෙන පද්ධති සැලසුම්කරනය ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නෙ.

    6. කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence - AI)

    7. රොබෝ තාක්ෂණය (Robotics) (අවශ්‍යනම් කාර්මික ස්වයංක්‍රීයකරණය Industrial Automation)

    8. ජෛව තොරතුරු තාක්ෂණය (Bioinformatics) (අවශ්‍යනම් ජෛව තාක්ෂණය - Biotechnology හා ජාන ඉංජිනේරු විද්‍යාව - Genetics)


    කියන ඒව වෙනම පැත්තකට නැඹුරු වුනු ඒවා.

    මේ නිසා තමන්ට අවශ්‍යනම් අනාගතයේදි පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයම තෝරා නොගෙන, විකල්ප ක්ෂේත්‍රයකට පියමං කළ හැකියි. (පශ්චාත් උපාධිය සඳහා පරිගණක උපාධියක්ම තෝරාගැනීම අනිවාර්ය නැහැ.)

    මේ අනුව ඔබට පහත දැක්වෙන වෘත්තීන් තෝරා ගන්න පුළුවන්.(ප්‍රථම උපාධියෙන් ලබා ගන්න පදනම හා වැඩි දුර (පශ්චාත් උපාධි) අධ්‍යාපනය තුළින්)
    කළමනාකරු (Management Positions including IT Manager, GM- General Manager of IT Company) හා වෙනත් පරිපාලන තනතුරු
    පර්යේෂණ විද්‍යාඥ (Research Scientist)
    විද්‍යුත් ඉංජිනේරු (Electrical / Electronics Engineer)
    රොබෝ තාක්ෂණික හෝ යාන්ත්‍රික ඉංජිනේරු (Robotics/Automation/Mechanical Engineer)
    ගණිතඥ (Mathematician)
    සංඛ්‍යාන විශේෂඥ (Statistics Specialist)
    ජෛව තාක්ෂණවේදී (Bio technologist)
    ජාන ඉංජිනේරු (Genetic Engineer)
    හෝ මෙ ඕනෑම විෂයක් පිළිබඳ කථිකාචාර්ය (University Lecturer / Teacher) හෝ
    විශේෂඥ උපදේශක (Consultant).....තවත් ඕනෑ තරම් අවස්ථා

    හරි...කම්පියුටර් උපාධිය සම්පූර්ණ කලා කියමුකෝ...ඊට පස්සෙ....?


    ඊට පස්සෙ නේද...? මෙන්න මේවගෙන් එකක් තමයි කරන්න වෙන්නෙ.

    1. මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක් (Software Industry)

    2. අධ්‍යයන ක්ෂේත්‍රයේ රැකියාවක් / වැඩිදුර අධ්‍යයන කටයුතු (Academia / Post Graduate Studies / Research)

    3. පර්යේෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් / වැඩිදුර අධ්‍යයන කටයුතු (පූර්ණ කාලීන) (Full Time Research)

    4. කළමනාකරණ ශ්‍රේණියේ හෝ පරිපාලන සේවයේ රැකියාවක් (Management Positions)

    5. විශේෂඥ උපදේශන සේවා (Consultancy)

    6. තමන්ගෙම කියලා ව්‍යාපාරයක් අටවගෙන ව්‍යවසායකයෙක් (Entrepreneur) වෙන එක




    මෙයින් 4, 5 සහ 6 යන ත්‍රිත්වයටම එකපාරට එන්න බැහැ. සෑහෙන කලක් තිස්සේ ඊට උඩින් තියෙන (1, 2 හෝ 3) ක්ෂේත්‍රයක අත්දැකීම් අරගෙන, අර අපි කියන්නෙ 'කට්ට කාලා' නැත්නම් 'තෙම්පරාදු වෙලා' වෙලා තමයි එතනට ක්‍රමාණුකූලව එන්න ඕනෑ. බොරුනම් කරල බලන්න, අනිවාර්යයෙන්ම අසාර්ථක වෙනවා (නා ගන්නවා). ප්‍රථම පන්තියේ සිවු අවුරුදු විශේෂ ගෞරව උපාධියක් තිබුනත් ඒකෙ වැඩි වෙනසක් වෙන්නෙ නැහැ. මම අත්දැකීමෙන් කියන්නෙ.

    විශේෂයෙන්ම කියන්න ඕනෙ ඔය කියන ක්ෂේත්‍ර 6 ම සාර්ථකව නියෝජනය කරපු / කරන කෙනෙක් ලෙසයි ප්‍රොෆා ඒ කාරුණික අවවාදය දෙන්නෙ. නැතුව ඔබේ අධ්‍යාපන සුදුසුකම් හෑල්ලු කරන්න නෙමෙයි. 1 වෙනි ක්ෂේත්‍රයේ කලක් ඉඳල, යන්න පුළුවන් ඉහලම තාක්ෂණික වගකීමට ගිහින් තියෙනවා. 2 සහ 3 තමයි දැනට ප්‍රධාන වශයෙන්ම නියුතු වෙලා ඉන්නෙ. 4,5,6 ට සම්බන්ධ වෙන්න වුනේ අහම්බෙන්, මට කළින් එතැනට ගියපු සමීප මිතුරන්ගෙ මාර්ගයෙන්. කයිවාරුව ඇති. වැඩේට බහිමු. ඒ කියන්නෙ එක එකක් වෙන් වෙන් වශයෙන් විස්තර කිරීම.

    හොඳයි. මෘදුකාංග සමාගමක කෙරුවාම මෙහෙමයි. ප්‍රධාන වශයෙන් පරිගණක උපාධිධාරියෙකුට තම දැනුම සහ උනන්දුව (interest) මත තෝර ගන්න පුළුවන් ස්වභාවය අනුව වෙනස් අනු-ක්ෂේත්‍ර මේවායි.

    1. මෘදුකාංග විශ්ලේෂණය, සැලසුම්කරණය, සැකසීම හා සංවර්ධනය (Software Analysis + Design + Implementation + Development = Software Engineering)

    2. මෘදුකාංග තත්ව පරීක්ෂාව සහ සහතික කිරීම (Quality Assurance)

    3. ගණුදෙනුකරුවන් (හෝ තාක්ෂණික කණ්ඩායම්) සම්බන්ධීකරනය සහ සහය දැක්වීම (Customer / Technical Support Engineers)

    4. පරිගණක ජාල සම්බන්ධ රැකියා (නව ජාල සැලසුම් කිරීම, අධීක්ෂණ කටයුතු හා නඩත්තුව.) (Networking - Implementation, Monitoring & Maintenance) (බලාගෙන, Networking අන්තිමට Not-working වෙයිද දන්නෙ නෑ..!)
    BUMP
     
    • Like
    Reactions: BinDT

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    කම්පියුටර් ඩිග්‍රි එකක්ද කරන්න ඉන්නෙ...?
    epa epa epa
    management degree ekak karapalla
    SE , SSE , okkolama managerta sir kiyanne , anika salary hoadyi
    Koheda bn manager ta sir kiyanne SE la ? Bankoloth company ekk wennaty 🤣
     
    • Haha
    Reactions: siri_ayya

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,226
    2
    10,812
    113
    Home Sweet Home
    manager ට sir කිව්වත් නැතත් , SE ,SEE ට වඩා ඉහල පිළිගැනීමක් , බලධාරිත්වක් තියෙනවා ,
    උබගේ මහා ලොකු company වල SE ,SEE ලොක්කු වෙන්න ඇති ,
    එහෙම ලොකු කම තියා ගෙන ගිය company කඩාගෙන වැටිච අවස්තා ඕන තරම් දැකලා තියෙනවා මම නම්.

    Koheda bn manager ta sir kiyanne SE la ? Bankoloth company ekk wennaty 🤣
     

    Similar threads