කම්පියුටර් ඩිග්‍රි එකක්ද කරන්න ඉන්නෙ...?

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    mama hamadama kiwwa IT and Computer Science venas kiyala.. ati yantama IT and Computer Science venasa terum ganna puluvan venna dala tiyanava... :):):)
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,670
    17,825
    113
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්......බොහොම ස්තුති...:)
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් මචන්.....
    බොහෝම ස්තූතියි මේ විස්තර අපිත් එක්ක බෙදාගත්තට.....:)
     
    May 28, 2015
    377
    67
    0
    ගොඩක් අය මේකේ කියල තියෙන දේවල් වැඩිය හිතන් නැතිව ඉස්මුදුනින්ම පිළිගත් බවක් තමයි ලබා දීල තියෙන පිළිතුරු දැක්කම වැටහුනේ. ඒත් පළමු චේදයේ කියවද්දී මට දැනුන දේ තමයි මේ
    ලංකාවෙ ගොඩක් අය, විශ්වවිද්‍යාල මහාචාර්යවරු පවා හිතාගෙන ඉන්නෙ තොරතුරු තාක්ෂණයයි (IT), පරිගණක විද්‍යාවයි (Computer Science) දෙකම එකයි කියල.
    නැහැ, මං හිතන්නේ පොඩි ළමයි පවා දන්නවා මේ දෙක දෙකක් කියලා. මෙතන ඉන්න අය මේ දෙක එකක් කියලා ඇත්තටම හිතන් හිටියා කියල මං නං හිතන් නෑ. වචන වල අර්ථයෙන්ම මං හිතන්නේ මේ දෙකේ වෙනස පොඩි ළමයෙක්ට පවා වැටහෙනවා. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ මහාචාර්යවරු ගැන කතා කරන්න දෙයක් නෑ. ඒ අයට මේ දෙක පිලිබඳ සුවිශේෂ දැනුමක් තියෙනවා. එයාල තමයි තොරතුරු තාක්ෂණ උපාධියකට ඇතුලත් විය යුතු විෂයන් පරිඝනක විද්‍යා උපාධියක විෂයන්ගෙන් වෙනස් වන අයුරු සුක්ෂමව අධ්‍යනය කරලා මේ උපාධි වලට විෂය නිර්දේශයන් සකස් කරන්නේ.
    සරලවම කිව්වොත් පරිගණක විද්‍යාව කියන්නෙ තොරතුරු තාක්ෂණයට වඩා බොහොම පුළුල් විෂය පථයක්. මේ වගේ පාඨමාලාවක් හදාරන්න බොහොම හොඳ විශ්ලේශන හැකියාවන් අවශ්‍ය වෙනව. මේ නිසා උසස් පෙළට ගණිත අංශයෙන්, අඩුම වශයෙන් භෞතික විද්‍යාව විෂයක් වශයෙන් හදාරපු අය තමයි මේ පාඨමාලාවලට තෝර ගන්නෙ. තොරතුරු තාක්ෂණය හැදෑරීම ඕනෑම කෙනෙකුට විවෘතයි.
    විෂයක් පුළුල් කියලා කියන්නේ එම විෂය විහිදිලා තියෙන අවකාශය වැඩි නම්. නමුත් තොරතුරු තාක්ෂණයේ භාවිතා වන ප්‍රධානම උපකරණයක් පමණයි පරිඝනක. පරිඝණ පිලිබඳ අධ්‍යනය තමයි පරිඝනක විද්‍යාව කියන්නේ. ඒ නිසා පරිඝනක විද්‍යාව කියලා කියන්නේ තොරතුරු තාක්ෂණයේ උප කොටසක්. එහෙම නැත්තන් උප කුලකයක්. එතකොට අපිට තේරෙනවා තොරතුරු තාක්ෂණ උපාධියකදී පරිඝනක විද්‍යාවට අවශ්‍ය වන ගණිත දැනුම මෙන්ම ඊට අමතරව තොරතුරැ තාක්ෂණය සඳහා වන ගණිත දැනුමත් අවශ්‍ය වනවා. නමුත් ප්‍රායෝගිකව මේ ක්ෂේත්‍රයන්ගේ උපාධි වලින් එකකට වැඩිපුර ගණිත දැනුම අවශ්‍යයි කියා නම් කරන්න බෑ. මොකද මේ උපාධි වලදී එක එක ශිෂ්‍යයන් තෝරා ගන්න උප ක්ෂේස්ත්‍ර තියෙනවා. ඒවාටත් අදාලව තව තමන්ට තෝරලා ගන්න විෂයන් තිබෙනවා. මේ අනුව කාටවත් කියන්න බෑ මෙන්න මේ උපාධියට වැඩිපුර ගණිත දැනුම වුවමනා වෙනවා කියල. උදාහරණයක් විදියට එකම තොරතුරැ තාක්ෂණ උපාධියකට හිමි කම් කියන ශිෂ්‍යයන් පාඨමාලාව තුලදි තෝරා හාදරපු විෂයන් එකිනෙකට ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඇතැමෙක් කලමණා කරන ක්ෂේත්‍රයේ විෂයන් බහුලව තෝරාගෙන තිබෙද්දී තවකෙනෙක් මෘදුකාංග ඉංජිනේරු හෝ පරිඝනක ජාල ඉංජිනේරු විෂයන් බහුලව තෝරාගෙන තිබෙන්නට පුළුවන්.

    තොරතුරැ තාක්ෂණ උපාධි මෙන්ම පරිඝනක විද්‍යා උපාධි වලට බඳවා ගැනීම් වලදී විවිධ සීමාවන් එම උපාධියන් වලත් උප අංශ අනුව පැනවෙනවා. එහිදී භෞතික විද්‍යා, ගණිත, හෝ ඉංග්‍රීසි භාෂා දැනුම, IQ ආදී වශයෙන් සීමා පැනවෙනවා. සමහර විශ්වවිද්‍යාල ඔවුන්ගේ රුචිකත්වය අනුව ඔවුන්ට අවශ්‍ය මුලික දැනුම ආරම්භයේදීම ලබා දෙනවා. ඒ නිසා උදාහරණ වශයෙන් ඉංග්‍රීසි විෂය සුදුසුකමක් විදියට සැලකෙන්නේ නෑ මොරටුව විශ්ව විද්‍යාලයේ මා දන්නා තරමින්. නමුත් ඔවුන්ට පළමු සෙමෙස්ටරය තුළ ඉංග්‍රීසි, ගණිත හා මුලික පරිගණක දැනුම යනාදී වශයෙන් දැනුම ලබා දීලා අවසානයේ පවත්වන විභාග තුනෙන් සමත් වීම අනිවාර්ය විය යුතු බව පැවසෙනවා.
    නමුත් ඉංග්‍රීසි විෂයත් ඇතුල්වීමේදීම සීමාවක් විදියට කොළඹ විශ්වවිද්‍යාලයේදී සැලකෙනවා මා දන්නා තරමින්.

    මා නම් පෞද්ගලිකව සිතන්නේ තාමගේ රුචි විෂයන් අන්තර්ජාලයේ සහයෙන් හැදැරීම තමා වඩාම සුදුසු කියලා. විශ්වවිද්‍යාලයන්ගෙන් වෙන් වෙන් කරලා ලබා දෙන දැනුමට වඩා පුළුල් දැනුමක් ඒ තුළින් ලබා ගන්න පුළුවන් බවයි මට නම් හිතෙන්නේ. අන්තර්ජාලය ලොව සියලුම විශ්වවිද්‍යාලයන්ට වඩා පුළුල් විශ්වවිද්‍යාලයක් බවට අද පත් වෙලා ඉවරයි
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    BEng in computer science and engineering kiyalai,BSc in computer science kiyana dekei wenas wena course content mmonada??(ex:Colombo cs degree vs moratuwa CSE degree)
     

    Similar threads