කමා කරනු මැන ස්වාමිනේ........

Kavisha1993

Member
Sep 22, 2012
382
89
0
SL
කමා කරනු මැන ස්වාමිනේ........

සදාතනික වූ පෙමක් මුසුව රැදි..
ඉතිරී යන සොම්නසින් පිරී.....
ගගුල් සිදී ඉරි තලා ගොසින් අද....
මගේ පවින් නුඹෙ ලොවත් බිදී....

නිමා නොවී යලි යලිත් එක්ව බැදි....
සිව් වසරක පෙම් පුරාවතේ......
අවසන දෑගිලි එක් කර බැදුනෙමු...
සසරම දෙදෙනා යන ලෙසිනේ....

අරුණ උදාවී මෙහෙයට පියමැන...
ඔබ මා සමුගෙන යන අතරේ.....
මිතුරේ නාමෙන් මසිතට ලංවූ ..
ආගන්තුක පෙම දළු නැගුනේ.....

චපල කමින් හා බිදුනු සිතින්...
ඔබෙ මුහුණට පිටුපා ගිය එදිනේ....
ද්වේශ වදන් මැද කුරිරු ලෙසින්....
මුළු ලොවක් මහට එහෙිව නැගුනේ....

අද මා තැනකය ඔබ තව තැනකය..
කෙලෙසද උඩුගං පිහිනන්නේ.....
වරදේ ඇවිලී එහිම මියෙන්නම්....
මගේ පවට මා බිලිවෙන්නේ......

අහිමි කරන් නුඹෙ ආදර සෙනෙහස..
වෙනෙකෙකු හා සිත් බැදුනු දිනේ.....
ලොවම අහිමි වූ අවතැන් මසිතට...
කමා කරනු මැන ස්වාමිනේ........


 
  • Like
Reactions: Dinushasankalpa

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,412
    20,856
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ElaZ!