කරච්චි ගුවන් ගමන් යළි යථා තත්ත්වයට

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කරච්චි ගුවන් ගමන් යළි යථා තත්ත්වයට

පකිස්ථානයේ කරච්චි බලා ගුවන් ගමන් යළි යථා තත්ත්වයට පත් කර ඇති බව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පවසයි.

කෙසේ වෙතත් අද (11) පෙරවරු 06.00 ට කරච්චි බලා ගමන් කිරීමට නියමිතව තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 183 දරණ ගුවන් යානය පෙරවරු 09.00 දක්වා ප්‍රමාද කර ඇති බව ගුවන් තොටුපොළ පැවසුවේය.

අද දහවල් 04.00 ට තවත් ගුවන් යානයක් කරච්චි බලා ගමන් කිරීමට නියමිතව තිබේ.

පකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපලට පසුගිය 09 වැනිදා එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ගුවන් ගමන් තාවකාලිකව නතර කෙරුණි.

ඊයේ දහවල් යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද කරච්චි ගුවන් තොටුපොළේ ආරක්ෂක අංශ කඳවුරට එල්ලවු ප්‍රහාරයක් හේතුවෙන් ගුවන් ගමන් යළි අවලංගු කරන ලදී.


අද‍දෙරන ‍වෙබ් අඩවිය