ඒ වගේ සිද්දියක් තමා තියෙන්නේ මචන්.මට හරියටම පැහැදිලි කරන්න දන්නේ නෑ.
ඔය බලාගාර රටේ කොහේ තිබුණත් ඒ හැම එකක්ම නිපදවන්න ඕන විදුලි ප්රමාණය තීරණය කරන්නේ මාලිගාවත්තේ තියෙන කන්ට්රෝල් සෙන්ටර් එකෙන්.එකෙන් තමයි එක එක බලාගාරයට කියන්නේ ඒ ඒ බලාගාර වලින් මෙච්චර මෙගාවොට්(මේක හරිද දන්නේ නෑ) ප්රමාණයක් නිපදවන්න ඕනේ කියලා.ඉතින් ඔය කොකේන් ගත්තත් ඔය ඔක්කොම දෙන්නේ ජාතික විදුලිබල පද්දතියට.විදුලිය නිපදවන්නේ පද්දතියෙන් රටටම ඉල්ලන ඉල්ලුමට විතරයි.ඉතින් කොහේ හරි විදුලි උප පොලක් වගේ මොකක් හරි එකක බිඳ වැටීමක් උනොත් එතනින් විදුලිය දෙන ප්රදේශයේ ඉල්ලුම ක්ෂණිකව 0 ක් වෙනවනේ.එහෙම උනාම ඉල්ලුමට වඩා සැපයුම වැඩිවෙනවා.සැපයුම වැඩි උනාට ඉල්ලුම නැති නිසා පද්දතියට වෙන හානිය වලක්වගන්න මුළු පද්දතියම බිඳ වැටෙනවා.
උදා: රටේම ඉල්ලුම 2000 MW නම් අවුලක් නිසා බිඳ වැටෙන විදුලි උපපොලේ ඉල්ලුම 500MW නම් බිඳ වැටුනයින් පසුව රටේ ඉල්ලුම 1500 MW නිසා 2000 MW ම පද්දතියට දුන්නොත් හානි වෙන නිසා තමා මුළු පද්දතිය බිඳ වැටෙන්නේ.
හැබැයි මෙහෙම සිද්දියකදී මුළු පද්දතියම බිඳ වැටෙන එක නොවිය යුතු දෙයක්.එහෙම වෙන්නෙත් අපේ රටේ මේ තියෙන විදුලි පද්දතියේ තියෙන දෝෂ නිසා.ඒක හරි ගස්සන්න ඕනේ දෙයක් කියලා විදුලිබල මණ්ඩලයේ සභාපති අද උදේ කියනවා ඇහුණා
Thanx machan pahadili kireemata!!







