කරමතින් යාම හා කරෙන් බිමට බැසීම....
අනාදිමත් කලෙක පටන්ම මිනිසා තවකෙකුගේ කර මතින් යාම ස්වාභාවය කරගෙන ඇත.
මෙය විවිධාකාර අවශ්‍යතා අනුව කරමතට නැඟීම සිදුවේ.
විජය රජු ලංකාවේ රාජ්‍යයක් ගොඩ නගන්නේ කුවේණියගේ කරමතින් යාමෙනි, එතැන් පටන් රාජපරම්පරාවේ සියලුම රජුන් පාහේ තම කාමයෝගී ජීවිතය උදෙසා යටත් වැසියාගේ කරමතින් ගියබව පැහැදිලිය.
අනතුරුව විදේශ ආක්‍රමණිකයන් පවා සමහර ස්වදේශිකයන්ගේ කරමතින් අප අතර භේදභින්න ඇතිකරමින් තම අරමුණ කරා ගියේය.
වර්තමානයේ නිදහසින් පසුව මෙය වඩාත් සංකීර්ණව කලාත්මකව සිදුවේ,
පසුගිය වසර 30 පුරාවට රජයන් ප්‍රභාකරන්ගේ කරමතින් ගොස් රැකියා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, සංවර්ධන ප්‍රශ්න විසදීය.
මෑතකදී හොඳම කරමත යාම වන්නේ පක්ෂ පාට අතහැර වීරයන්ගේ කරමත යාමට පොරකෑමයි. විවිධ දේශපාලන උපක්‍රම වලට හසුවූ වීරයන් බිම වැටුන විට අනාථ කරේද දේශපාලනයවේ.
පසුව ජාතික වස්තු ලෙස සම්මත දක්ෂ ක්‍රීඩකයන්, නළු නිළියන්, ගායකයන් කරමතින් දේශපාලනය ගියේය. අද එම තරු වෛරයට පාත්‍රවී ඇත.
මිල මුදල් නැත්නම් ව්‍යාපාරිකයන්ගේ කරමතින් යයි. මෙය භයානකය, ජයග්‍රහණයෙන් පසුව ව්‍යාපාරිකයාගේ සාක්කුවට දේශපාලනය වැටේ.
ගොවිබිම් වලදී ගොවියාගේ කරමතින් යාමට පොහොර ගෝනියක් වැඩිත් තරම වේ.කාන්තා අයිතීන්, සේවක අයිතීන්ද කරමතින් යාමට හොඳම පඩිපෙල්ය.
රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් දේශපාලනය බලෙන්ම කරමතට ගනී, ඒ උසස්වීමක් බලාපොරොත්තුවෙනි.
කෙසේ වුවත් තව ටික දවසකින් දේශපාලකතුමා කරෙන් බිමට බසිනු ඇත. තීරුබදු රහිතව හිමිවන වාහනය ඇතිබැවින් කරවල් මොකටැයි.? කියනු ඇත.
එදිනට මඟ දෙපස ඇති මඩවතුරෙන් අපව නහවමින් එතුමන්ලා අප පසුකර යනු නිසැකය.