ඇය ගාල්ලේ පදිංචිකාරියකි. යමක් කමක් ඇති පවුලක තැනැත්තියක් වන ඇයට අපි සුජාතා යැයි කියමු. සුජාතා සිය සැමියා සහ දරුවන් සමඟ වැඩි කාලයක් ජීවත්වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය. ඇය සැමියා සමඟ එක්ව එරට අවන්හලක් ද පවත්වා ගෙන ගියාය.
ඇය සිය දරුවන් සමඟ මෙරටට එන්නේ දරුවන්ව මෙරට පාසලකට ඇතුළත් කර මෙරට සංස්කෘතියට හුරු කරවීම සඳහාය. එම අරමුණ වෙනුවෙන් සුජාතා මෙරට නතර වූවත් සැමියා නැවතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා යන්නේ ව්‍යාපාර කටයුතු වෙනුවෙනි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවන්හලක් පවා සිය සැමියා සමඟ එක්ව අරඹන්නේ ද ඇගේ හයියටය. සැමියාට ව්‍යාපාර කටයුතු බාර කරමින් ඇය මෙරට සිට දරුවන් දෙදෙනා බලා කියා ගන්නට නැවතුණ ද කුඩාවට ගාල්ල පැත්තේ නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට ද ඇය වගබලා ගත්තාය.
සුජාතා මෙරට පැමිණි පසු ඇය පරිහණය කරනු ලැබුවේ විදුලි මෝටර් රථයකි. රුපියල් ලක්ෂ අසූවක් පමණ වෙළදපොළ වටිනාකමක් ඇති මෙම මෝටර් රථයේ වටිනාකම ගැන ඇයට එතරම් ලොකු දැනීමක් නොවූවාය. ඒ රුපියල් ලක්ෂ 60කට එම මෝටර් රථය මිලදී ගැනීමට එකඟ වූ පුද්ගලයකු රුපියල් ලක්ෂ 40ක චෙක්පතක් ඇය අත තබා ලියකියවිලි අත්සන් කරගෙන මෝටර් රථය ඒ ගාණට අත්පත් කරගනිමිනි. මේ අවනඩුව ඇයට කියන්නට සිටියේ උඩ ඉන්නා දෙවියන් පමණි. අකුරැස්සේ පිහිටි ඇය නිතර යන එන තැනක් වූ දේවාලයකට ඇය යන්නේ එබැවිනි. රජ්ජු බණ්ඩාර දෙවියන් ගැටබරු දේවාලයට වඩින්නට පෙර වැඩ සිටියේ යැයි විශ්වාසයක් පවතින්නේ එම දේවාලයේය.
තමාට වූ අසාධාරණයට එරෙහිව ඇය දෙවියන් ඉදිරියේ වරක් දෙවරක්ම කන්නලව් කළ අතර එම දේව කන්නලව්වෙන් වැඩි දවසක් යන්නට මත්තෙන් වංචා කළ පුද්ගලයාම පැමිණ ඇය අත තබන්නේ රුපියල් ලක්ෂ 08ක මුදලකි.
මුළු මුදලම නොලැබුණත් රුපියල් ලක්ෂ 08ක් හෝ ලැබුණේ දෙවියන්ට ඇය විසින් කළ කන්නලව්වේ බලපෑමෙන් බව විශ්වාස කළාය. ඒ නිසාම අකුරැස්සේ දේවාලයට ඇය යන්නේ ඒ වෙනුවෙන් පලතුරු පූජාවක් තබා බාරයක් ඔප්පු කරන්නටය. එදා ඇය දේවාලයේ රැඳී සිටියදී දකින්නේ සුදු ඇඳගත් කාන්තාවක් ලොකු පලඟනාවක පලතුරු පුරවා ගත් පූජාවක් රැගෙන දේවාලයට ඇතුළු වන අයුරුය. ඒ හැම පූජා වට්ටියකම පඩුරු ලෙස තිබෙන්නේ රුපියල් පන්දහසේ නෝට්ටු මිටියකි. මෙම දේවාලයට නිතර දෙවේලේ එන යන තැනැත්තියක් වූ සුජාතා ඊට පෙර කිසි දිනක ඒ කාන්තාව දැක තිබුණේ නැත.
“නංගි ඔයා මෙයාව දන්නේ නැද්ද? ගාල්ලේ ඉන්න ප්‍රසිද්ධ බිස්නස්කාරියක්. මමත් එයාගේ කම්පැනියේ සල්ලි දාලා තියෙනවා. ලොකු ලාභාංශයකුත් දෙනවා. මාසෙට දෙපාරක් ලාබ බෙදනවා“ යැයි ඇය ලොකු කථාවක් කියන්නට ගත්තාය. ඊට අනුව එම කාන්තාවද රුපියල් කෝටි 03ක මුදලක් එම ව්‍යාපාරික කාන්තාව සතුව ආයෝජනය කර ඇත්තේය.
මෙම කතාබහ යන අතරේ ව්‍යාපාරික කාන්තාව යැයි කී තැනැත්තිය ද එතැනට ආවාය. තමාව ඇය හඳුන්වා දුන්නේ නිරෝෂා නිෂාන්ති ලෙසිනි. ගාල්ල හාලිවල හිල්සයිඩ් වත්තේ ඇය පදිංචිව සිටින බව ද එහිදී කීවාය.
“ මේ හැමෝම මගේ කස්ටර්මස්ලා.“ යැයි කියමින් ඇය තමා සමඟ සිටි අය පෙන්වමින් “මෙයා කෝටි 04ක් දාල තියෙනවා. මෙයා කෝටි 02ක් දාල තියෙනවා“ යැයි කියන්නට වූවාය.
ගාල්ලේ සිටින ලොකු ව්‍යාපාරික කාන්තාවක් යැයි කී නිරෝෂා නිශාන්ති ගැන සොයා බලන්නට මෙහිදී සුජාතා අමතක නොකළාය. එයින් සෑහීමට පත් නොවූ ඔහු තමා දන්නා කියන අයව ද නිරෝෂාට සම්බන්ධ කර දී තිබුණේය. ඒ රුපියල් කෝටි දෙක තුන බැගින් ඇගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරවමිනි.
මේ කියන කපුවා විවාහකයෙක් වූවත් දරුවන් ඔහුට නැත. ඒ නිසාම ඔහුට තාත්තා යැයි යමෙක් ඇමතුවොත් ඊට එහා දෙයත් කපුවාට නැති තරම්ය. ඒ බව දැන සිටි නිරෝෂා කපුවාට අමතන්නේ තාත්තා යැයි කියාය. ඒ නිසාම කපුවා කියන්නේ ඒ මගේ දුව යැයි කියාය. සුජාතාට පවා කපුවා කියන්නට වූයේ නිරෝෂා තමාගේ දුව බවය.
සුජාතා මේ දේවල් සොයා බලන්නට වූයේ නිරෝෂා ගැන ඇතිවුණු කුතුහලය නිසාය. ඒ කුතුහලයම ඇයව කොටුකර ගන්නට නිරෝෂා සමත් වූවාය. ඇය උපක්‍රමශීලීව සුජාතාව දපනේ දමා ගත්තාය.
“ ඔයයි දුවයි කරදරයක් නැතිව ගෙදර ආවාද?“ එදා සවස නිරෝෂා දුරකතන ඇමතුමක් දෙමින් සුජාතාගෙන් විමසුවාය. සුජාතාට ඇය කිට්ටුවන්ත වන්නට ගත්තේ එසේය. එදා සුජාතා දේවාලයට ගොස් සිටියේ දියණිය සමඟිනි. දුව සමඟ කරදරයක් නැතිව ආවේදැයි විමසුවේ එබැවිනි.
මේ කතාබහ එතැනින් හමාර වන්නේ නැත. නිතරම දුරකතන ඇමතුම් දෙමින් සුජාතාට ඇණයක් වන්නට ගත්තාය. දිනක් ඇය සුජාතාව මුණගැසීමට එන්නේ එළවළු හා මාළු මල්ලක් ද රැගෙනය. ඒ එන්නේ ඇගේ සැමියා යැයි කියන පුද්ගලයකු ද සමඟිනි. සුජාතා ඒ මාළු මල්ල ප්‍රතික්ෂේප කළ ද ඇය බලෙන්ම මෙන් එය තබා ගියාය. ඒ අතර ඇය සුජාතාට යෝජනා කරන්නේ හෝටල් හා ලැගුම් හල් ඉදිකිරීම අතහැර ඒ මුදල් තමා සතු ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජනය කරන ලෙසය. මාසයකට සියයට 10ක 15ක ලාභාංශයක් ගෙවන බවද ඇය එහිදී සුජාතාට කීවාය.
“ ඔයා හරිම මෝඩ ළමයෙක්. ඔය බිල්ඩිම හදන්න යටකරන සල්ලි මට දෙන්න. ඔයාට ඔය හෝටලේ මම දෙන පොලියෙන් හදන්න පුළුවන්“ ඇය සුජාතාව නම්මා ගැනීමට වෙහෙසුණේ එසේය.
තැන්පතුවක් ලෙස තිබුණේ මෝටර් රථය අලෙවි කර ලබාගත් රුපියල් ලක්ෂ 48ක මුදල පමණි. ඇය ඒ මුදල් තබාගෙන සිටියේ තමාට ගැළපෙන මෝටර් රථයක් මිලදී ගන්නටය.
වැලිගම ලොකු හෝටලයක පැවැත්වෙන සිය පුතාගේ 15 වෙනි උපන්දිනයට සුජාතාට නිරෝෂාගෙන් ආරාධනාවක් ලැබෙන්නේ මේ අතරතුරදීය. එදා මේ සාදයට රටේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන් 12 දෙනෙක්ද පැමිණ ගීතවත් කළහ. ඒ අය වෙනුවෙන් ඇය ලක්ෂ ගාණක් වැයකර තිබුණාය. ඒ හැරුණු විට නැටුම් කණ්ඩායම් ද ගෙන්වා තිබුණේ ය. ලක්ෂ තිහ හතළිහක් වැයකර එදා ඇය සිය පුතාගේ පහළොස්වැනි උපන්දිනය සමරා තිබුණේ ඇගේ හයිය ද පෙන්වමිනි.
දේවාලයේදී මුණගැසුණු නිරෝෂාගේ ආයෝජිකාවක් යැයි කියූ කාන්තාවක ද මෙම සාදයේදී සුජාතාට මුණගැසුණාය.
“අක්කේ මට ඇත්ත කියන්න. නිරෝෂා මට කරදර කරනවා එයා ගාව සල්ලි දාන්න කියල. ලොකු පොලියකුත් දෙන්නම් කියනවා. ඒ නිසා මට කියන්න නිරෝෂා විශ්වාසවන්ත ද කියල“ යැයි ඇය එම කාන්තාවගෙන් විමසුවාය.
මේ අතර “ එයා ගමේ කෙනෙක්. බය වෙන්න දෙයක් නැහැ. මම දාපු කෝටි තුනට වෙලාවට සල්ලි බේරල තියෙනවා. “ යැයි එම කාන්තාව නිරෝෂා ගැන සහතිකයක් දුන්නේ එසේය.
එදා සුජාතා ඇගේ හයිය පෙන්නුවේ බ්ලැක් ලේබල් විස්කි බෝතලය බැගින් සාදයට ආ හැමෝටම බෙදමිනි. ඇය පෙනී සිටියේ ද විදෙස් මත්පැන් මෙරටට ආනයනය කර බෙදාහරින්නියක් ලෙසිනි. නිරෝෂා තම ගමේ විහාරස්ථානයේ කඨින පින්කම පවා භාරගෙන කටයුතු කළේ ද මේ කාලයේදීමය. එදා එම පින්කමට සහභාගිවීමට රේගු නිලධාරීන් දෙදෙනෙක්ද පැමිණ සිටියෝය. ඇය එම රේගු නිලධාරීන් දෙදෙනාව හඳුන්වා දෙන්නට වූයේ ඇය විසින් ආනයනය කරනු ලබන මත්පැන් සහ සුවඳ විලවුන් කන්ටේනර් නිදහස් කර දෙන්නේ ඔවුන් දෙදෙනා බව පවසමිනි. ඒ එක් රේගු නිලධාරියකුව ඇය හඳුන්වා දුන්නේ ඇගේ සහෝදරයෙක් ලෙසිනි. සැබෑ ලෙසම එම රේගු නිලධාරියා ඇගේ මිතුරෙකි.
මෙම සාදයට සහභාගිවීමෙන් අනතුරුව සුජාතා තමා සතුව තිබුණු මුදල් ද සමඟ ඥාතීන්ගෙන් රැස්කරගත් මුදල් ටිකකුත් සමඟ රුපියල් ලක්ෂ 52ක් අවස්ථා කිහිපයකදීම නිරෝෂාගේ ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජනය කළාය.
මේ අතරතුර තමා වංචාවකට හසු වී ඇතැයි සුජාතාට දැනෙන්නට ගත්තේ නිරෝෂා ඇයව මඟහැරීමට ගැනීමත් සමඟිනි. නිරෝෂා ගැන ඇය වැඩි යමක් සොයන්නට ගන්නේ ඒත් එක්කමය. එහිදී ඇයට පෙනී යන්නේ නිරෝෂා වංචාකාරියක් බවය. ඇය මේ ගැන පැමිණිලි කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයටය. ඒ ඇයට මේ අවනඩුව ගැන කියන්නට වෙන කිසිදු ස්ථානයක් නොවූ තැනය. ඒ දකුණේ ඇතැම් පොලිස් ලොක්කන් පවා ඇගේ අල්ලේ නැටවෙන බිංකුංඩෝ බවට පත්ව ඇති බැවින් සාධාරණයක් ඒ අයගෙන් බලාපොරොත්තු විය නොහැකි බැවිනි.