බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවෙසෙන අවස්ථාවේ සැවැත්නුවර මහා කාල නම් ශ්‍රද්ධාවන්ත සෝවාන් වූ උපාසක මහත්මයකු වාසය කලා. පොහොයක් ඇතුළත අටවතාවක් අටසිල් සමාදන් වී බුදුන් වහන්සේගෙන් එළිවන තුරු බණ ඇසීමට පුරුදුව සිටි මේ උපාසක තැන එසේ බණ අසා උදෑසනින්ම මුහුණ කට සේදීමට පොකුණට ගොස් මුහුණකට සෝදද්දී අසල ගෙයකින් සොරකම් කරන ලද භාණ්ඩ රැසක් රැගත් සොර මුලක් හිමිකරුවන් පසුපස පන්නද්දී පොකුණ දිශාවෙන් දිවූ සොරෙක් හොර බඩු උපාසක තැන ලගින් තබා දුවන්නට විය. හිමිකරුවන් පැමිණෙන විට භාණ්ඩ උපාසක ලග තිබෙනවා දැක සිල් ගන්නා ලෙස පැමිණ සොරකම් යනවාද කියා අසමින් ගල් මුල් වලින් ගසා මරණයට පත් කළේය. පසුව බුදුන්වහන්සේට මෙය සැලවිය. භික්ෂූන් වහන්සේලාට එය ප්‍රශ්නයක් විය. සෝවාන් වී ඇති එවැනි අයකු ඒ වාගේම බණ දහම් පූර්ණ කරන සිල්වත් අයකු එලෙස පහර කා මරණයට පත්වන්නට හේතුව විමසන්නට විය. බුදුන් වහන්සේ එයට පිළිතුරු දෙන්නට විය.
අතීතයේ බරණැස් රජතුමාගේ රාජධානියේ එක්තරා කැලෑවක සොර මුලකින් ගම් වැසියන් ආරක්ෂා කර ගැනීමට රාජභටයින් යොදවා සිටියා.එක් ප්‍රධාන රාජ භටයෙක් එතනින් ගිය හැඩකාර කාන්තාවක් හා එම කාන්තාවගේ පුරුෂයා අශ්ව කරත්තය සමග බලෙන්ම නවත්වා ගත්තා.ඒ ආරක්ෂා දෙන මුවාවෙන්.හේතුව රෑ බෝ වී ඇති අවස්ථාවේ සොරමුලට අසු වේය කියා හගවමිනි.ඒත් රාජභටයාගේ සිත තුළ තිබුණේ වෙනත් අදහසකි.ඒ ලස්සන කාන්තාව අයිති කරගැනීමටය.එදා රාත්‍රියේ රාජ භටයාගේ නිවස දෙදෙනාගේ නවාතැන් පල විය.ගෙයි තිබූ මැණිකක් කරත්තයේ සගවා ගෙයි තිබූ මැණිකක් සොරකම් කළා යැයි හගවා පුරුෂයා අත්ඩංගුවට ගත්තේය.රාජ භටයා ඒ පුරුෂයා මුලාදෑනියාට භාරදී වදහිංසා කළේ ගැහැණියකට ඇතිකරගත් ආලය නිසයි.එහි විපාකය බුදුන් වහන්සේ මෙසේ විස්තර කළේය.ඒ රජ භටයා මරණින් මතු බොහෝ කාලයක් අවීචියේ දුක් විද ආත්ම භවයේදීද සෝවාන් වූවත් එසේම සිදු වූ බව ත් වදාළහ.
දැන් ඔබ සිතන්නේ කුමක්ද? ඔබට ඇතිවන දුක වේදනා සෑම ක්‍රියාදාමයකම ඔබම සිටී. ඔබගේ සියළු ක්‍රියාදාමයටම ඔබ හේතු වෙයි. දුක දුකින්ම කෙළවර වීමටත් සැපය සැපයකින්ම කෙළවර වීමටත් හේතු වන්නේ ඔබමය.එසේ නම් සිතන්න… ඔබගේ සිතීමේ කලාව වෙනස් වන තෙක් සසර කෙලෙස් යදමින් ඔබ බැදි බැදි වැලකිය නොහැකි බව.
මලක් පහනක් පූජා කළ පමණින් නිවන් දකින්නට උත්සාහ කරමින් සිත තුළ ඇතිකරගන්නා හැගීම් ජාලාව තුළ ඔබ පතන්නේ කුමක්ද? තවත් මිනිස් භවයක්ද? එය එසේම ලැබිය හැකි ය. ඒත්… කර්මයද ඒ පසුපසමය. පුංචි පුංචි පිං රැස් කර ගනිමින් ඉදහිට බණ පදයක් අසා එය කන වැකුණ පමණින් නිවන් දකින්නට තරම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ඔබට තිබුණා නම් ඔබට මේ බණ එකක්වත් හෝ වුවමනා ද නැත.කළ යුතු එකම දෙයකි.ඒ පසුපස ම එලවන කර්මයට ඉඩ නොතබා නියම සැපය ලබා ගැනීමට වෙහෙසීමයි. දෙවියෙක් වුවත් බ්‍රහ්මයෙකු වුවත් කර්මය නිසි ලෙස නිසි වේලාවට ඉදිරියට එයි. කර්මයට හසුවන්නේ එක්කෝ “කය” යි. නැතිනම් “සිත” යි. කයට දැනෙන්නේ සිතට දැනෙන නිසාවෙනි.බුද්ධත්වයට පත් වූවත් රහත් භාවයට පත් වූවත් “කය” කර්මයට හසුවෙයි.නමුත් ඒ උතුමන්ගේ සිත එයට වේදනා නොවිදියි. ඒ අල්ලා ගැනීමට සිත තුළ නිමිත්තක් නැති බැවිනි.
නමුත්… ඔබ තුළ… ගෙවනා විදිනා කර්මය තුළ ඇති වේදනාව…. තවත් කර්මයක් ම ලෙස ප්‍රතිසන්ධි සිතෙහි තැන්පත් වෙයි. ඒ උතුම් ආර්යය උත්තමයන් තුළ එවැනි ප්‍රතිසන්ධියට හේතු පාදක නැත්නම්….. නැවත විදීමක් ද නැත.එසේ නම් දුක් විදිමින් දුක් එකතු කරගන්නවාද? ….දුක් නොවිදිනා දුක් එකතු නොකරනා සදාකාලික සැපයක් ලබන්නට වෙර වෑයම් කරනවා ද?…
------ Post added on Jan 13, 2022 at 1:23 PM