කර්මය කරුමය ම නො වේ

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    කර්මය කරුමය ම නො වේ


    පෙර ලිපියක මා බුදුරජාණන් වහන්සේ ගේ අකුසල් කර්මවල විපාක ඵල දීම පිළිබඳ ව විස්තර කරන ලදී.

    මෙ හි දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ අකුසල කර්මයන් පිළිබඳ ය.
    මා මෙය ට තරමක් වෙනස් මාතෘකාවක් තෝරාගත් බැවින් පළමුවෙන් ම මාතෘකාව පිළිබඳ ව හැඳින්වීම උචිත ය යි හැඟී යයි. "කර්මය" හා "කරුමය" යන වචන ඔබ ට බෙහෙවින් හුරුපුරුදු බව ට සැකයක් නැත. නමුත් කර්මය හා කරුමය අතර ඉතා සියුම් වෙනසක් ඇත. "කරුමය" කියා සාමාන්‍යයෙන් අදහස් කරන්නේ පොදුවේ මිනිසා ට සිදුවන විපත් පිළිබඳ ව ය. එ නම් බුදු දහමේ දුක්ඛාර්ය සත්‍යයේ විස්තර වන සාමාන්‍ය දුක පිළිබඳ ව ය. ගේදොර, යානවාහන, ආදිය විනාශ වීම මෙය ට උදාහරණ ලෙස දැක්විය හැකි ය. නමුත් බුදු දහමේ විස්තර වන පරිදි මෙ ම විපත් සිදුවීම කර්මය මත ම පමණක් සිදුවන්නේ නැත. මෙ ම මාතෘකාව යටතේ කර්මය පිළිබඳ ව දීර්ඝ ව සාකච්ඡා කෙරේ.

    කර්මය ට අනුව සිදු නො වන්නේ මොනවා ද?

    බෞද්ධ කර්ම සංකල්පය ට අනුව නියාම ධර්මවල ට අනුරූප ව ඇතැම් සිදුවීම් සිදුවන බව ත්, කර්මානුරූපී ව ඇතැම් සිදුවීම් සිදුවන බව ත්, දේශනා කර ඇත. උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම යන ධර්මතාවයන් පිළිබඳ ඉතා කෙටියෙන් පැහැදිලි කරමි.


    1. උතු නියාම : ඍතුභේදය නිසා ඇතිවන විපර්යාසයන් වේ. එ නම් ශීත කාලය, ගිම්හාන කාලය, ආදී වශයෙන් ඇතිවන ඍතුභේද නිසා හටගන්නා තත්වයන් ය. මෙය ට කර්මයේ බලපෑමක් නැත.
    2. බීජ නියාම : සරළ උදාහරණයක් දැක්වුවහොත් බීජයක ට අනුරූප ව පැළයක් හට ගැනීම වේ.
    3. ධම්ම නියාම : වයස ට යාම ආදී වෙනස් කළ නො හැකි ධර්මතාවයන් වේ.
    4. චිත්ත නියාම : නිරන්තර සිතේ ඇතිවන වෙනස්වීම් වේ.
    5. කම්ම නියාම : මේ පිළිබඳ මෙ ම ලිපිය පුරාවට කරුණු ඉදිරිපත් කෙරේ.

    කර්මය පිළිබඳ බෞද්ධ විග්‍රහය.

    [FONT=&quot] බුදුරදුන් කර්මය මෙ සේ හඳුන්වා දී ඇත. [/FONT]
    [FONT=&quot] "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා."[/FONT]

    [FONT=&quot] මහණෙනි, මම චේතනාව කර්මය ලෙස වදාළමි. සිතින් සිතා කයින්, වචනයෙන් හා මනසින් කර්මයන් සිදුකරයි. [/FONT]

    මේ අනුව පැහැදිළි වන කරුණු කිහිපයක් සංක්ෂිප්ත වශයෙන් මෙ සේ ය.

    • සම්පූර්ණ කර්මයක් සිදුවීම ට චේතනාව පමණක් ප්‍රමාණවත් නො වේ.

    • නමුත් කර්මයක් සිදුවීම ට අනිවාර්යයෙන් ම චේතනාව තිබිය යුතු බැවින් එය කර්මය ලෙස හඳුන්වයි.
    අප මහමග ඇවිද යන විට පය ට පෑගී කොතරම් කුඩා සතුන් මිය යන්නේ ද? එය අප ගේ චේතනාව ට අදාළත්වයක් නො වන නිසා එයින් කර්ම සිදු නො වේ.
    කර්මය පිළිබඳ බෞද්ධ විග්‍රහය තුළ තව ත්, සුවිශේෂී කරුණු කීපයක් ම ඇත.

    • පුද්ගලයකු ට සිය ජීවිතයේ අත්විඳීම ට සිදුවන සියලු සිදුවීම් කර්මය ට අනුව ම සිදුවන බව (පුබ්බේකත හේතුවාදය) බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව ඇතැම් ඒවා කර්මානුරූප ව සිදුවිය හැකි ය.
    කර්මය පිළිබඳ ව අපි තවදුර ට ත් විමසා බලමු.

    කර්මය විපාක දෙන
    ආකාරය අනුව මෙ සේ දක්වයි. මෙය කුසල කර්ම හා අකුසල කර්ම විපාක දෙන විට ක්‍රියාත්මක වන ආකාරය යි.


    • ජනක කර්මය - යම් භවයක උපත සඳහා ඉදිරිපත් වන කර්ම ශක්තිය
    • උපත්ථම්භක කර්මය - ජනක කර්මයෙන් උපන් කර්ම ශක්තිය ට උපකාර කිරීම.
    • උපපීළක කර්මය - ජනක කර්මයෙන් උපන් කර්ම ශක්තිය ට බාධා පමුණුවයි.
    • උපඝාතක කර්මය - ජනක කර්මයෙන් උපන් කර්ම ශක්තිය සම්පූර්ණයෙන් ම නැති කර දමයි.
    කර්මය විපාක දෙන කාලය අනුව ද, සතර වැදෑරුම් වේ. මෙය ද, කුසල් අකුසල් ලෙස ද්විවිධ බව දත යුතු ය.

    • දිට්ඨ ධම්මවේදනීය කර්ම - මෙ ලොව දී ම විපාක දෙන කර්ම.
    • උපපජ්ජවේදනීය කර්ම - දෙවන භවයේ දී විපාක දෙන කර්ම.
    • අපරාපරියවේදනීය කර්ම - තුන්වන අත්භවයේ සිට නිවන් අවබෝධකර පරිණිර්වානය සිදුවීම දක්වා.
    • අහෝසි කර්ම - විපාක දීම ට අවකාශ නො ලැබෙණ කර්ම.
    කර්මය විපාක දීම ට ඉදිරිපත් වන අනුපිළිවෙල අනුව ද, සතර වැදෑරුම් වේ. මෙය ද, කුසල් අකුසල් ලෙස ය.

    • ගරුක කර්ම - ප්‍රබල ම කර්මය යි. ජනක කර්මය සඳහා මෙය බලපානු ලැබේ.
    • ආසන්න කර්ම - මරණාසන්න මොහොතේ සිහිපත් වන කර්ම යි.
    • ආචිණ්ණ කර්ම - ජීවිතයේ නිතර පුරුදු පුහුණු කරන ලද කර්ම වේ.
    • කටත්තා කර්ම - බලවත් නො වන චේතනා ශක්තියකින් යුතු ව සිදුකළ කර්ම වේ.
    කර්මානුරූපී ව විපාක දෙන කර්ම පිළිබඳ ව බුදුදහමේ මෙ සේ දක්වා ඇත.
    "යාදීසං වපතේ බීජං තාදීසං හරතේ ඵලං
    කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපකං
    "

    එ නම් වපුරන බීජ අනුව අස්වැන්න ලැබෙන්නා සේ ම සිදුකරන ක්‍රියා අනුව විපාක ලැබෙණ බව යි.

    මෙතෙක් වේලා කර්මය පිළිබඳ ව දීර්ඝ ලෙස විස්තර කරන ලදී. නමුත් පෙර ආත්මභාවයන් ගේ කර්මවල විපාකයන් සියලු දෙනා ගේ පසුපස පැමිණෙන බව අමතක නො කළ යුතු ය.

    ඒ සඳහා වර්තමාන කාලයේ අප ට හමුවන උදාහරණ කීපයක් පහතින් දක්වා ඇත. මේ දෙස බලා කම්පා නො වන්න.





    මිනිසත් භාවය ලැබීම අතිශය දුශ්කර බව අමුතුවෙන් කිව යුතු නැත. මොහු චීන ජාතිකයෙකි. සමහර විට ඔහු මේ මිනිස් ලොව ට පැමිණෙන්න ට ඇත්තේ බොහෝ කලක ට පසු ව විය හැකි ය. ශේෂ වූ කර්මය මෙ සේ විපාක දෙනවා විය හැක.


    මෙය ද, ඒ සමාන ම සිදුවීමකි.


    අප ඒ අතින් කොතරම් වාසනාවන්ත දැ යි ඔබ ට සිතෙනවා ඇති. අකුසලයන් නිසා සමහර විට අප ද, පෙර ආත්මභාවවල මෙ වැනි තත්වවල ට බඳුන් වන්නට ඇත. සසර ගමන කෙළවර කරනතාක් මෙ වැනි තත්වවල ට කිසිවෙක් හෝ ගොදුරු නො වනු ඇතැ යි කිවහැක්කේ කාට ද?

    මේ අපේ රටේ අවාසනාවන්ත සිදුවීමකි. කර්ම විපාකයන්ගේ අනුකම්පා විරහිත බව මෙයින් මනා ව පෙනෙනු ඇත.
    නමින් කරුණාවතී නැමති මේ අම්මා ගේ වයස අවුරුදු 59කි. මැය ට වැළඳී ඇත්තේ ඉතා දුර්ලබ රෝගයකි. රෝගය වන්නේ මුහුණේ මාංශපේශි දිය වී යාම යි.

    මේ අම්මා දැකීමෙන් පිළිකුලක් ඇති කරගන්න ට එපා. නමුත් තමන් ගේ පුතා ගෙන් ම මැය සත්කාර ලබන්නට තරම් වාසනාවන්ත තැනැත්තියකි. සතුරෙක් ට වත් කිසි ම කලක මෙවන් විපතක් නො වේ වා! කියා අපි ප්‍රාර්ථනා කරමු.

    මෙවැනි උදාහරණ බොහෝ ප්‍රමාණයක් දැක්විය හැකි ව තිබුණ ද, මේ ඊට අවස්ථාව නො වේ.

    මෙ හි දී අප උත්සාහ කළේ කර්ම විපාකයන් පල දෙන විට ඇතිවන දුක වේදනාව කොතෙක් දැ යි පෙන්වා දීම ය. අකුසල කර්ම හා විපාකයන් අතර සම්බන්ධය ධම්මපදයේ මෙ සේ දැක් වේ.


    "මධුවා මඤ්ඤතී බාලෝ යාව පාපං න පච්චති
    යදා ච පච්චතී පපාපං අථ බාලෝ දුක්ඛං නිගච්ඡති"

    අණුවනයා තමන් සිදුකරන අකුසල කර්මයන් හි විපාකයන් ලැබෙනතාක් එය මී පැණි මෙන් සිතා සිදුකරයි. නමුත් අනුරූප විපාකය ලැබෙන විට හෙතෙම ඉතා දුක්ඛිත තත්වය ට පත් වේ.

    මෙ හි දී මා හට පූජාවලියේ ජීවක කතාවස්තුව සිහිපත් වේ. එ හි දී ජීවක ට ඕනෑ ම රෝගයක් සුව කිරීමේ හැකියාවක් තිබුණ ද, කර්මානුරූපී ව ඇතිවන්නාවූ රෝග සුව කළ නො හැකි වූ බව එයින් ද, පෙන්වා දිය හැකි ය.
    නමුත් බුදු දහමේ කර්ම සංකල්පය විස්තර වන්නේ තවත් එක් විශේෂත්වයක් සමගින් ය.


    • එ නම් සමහර කර්මවල විපාක දාන ශක්තිය, උත්සාහය ආදී කරුණු මත ඇතැම් විට පාලනය කළ හැකි ය යන්න ය. ගති, උපධි, කාල සම්පත් හා කාල විපත් ආදී බාහිර බලපෑම් මත කුසලාකුසල කර්ම විපාක දීම වෙනස් විය හැකි ය.


    බැමිණිතියාසාය පැවති සමයේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක ට බොහෝ දානයන් ලැබීම ට තරම් භාග්‍යයක් තිබුණ ද, කාල විපත්තිය නිසා ඒ සමයේ උන්වහන්සේ ට ද, වළඳන්න ට සිදුවූයේ උක් දඬු, අල වර්ග ආදිය යි. කාල විපත්තිය අවසන් වූ විට පෙර තිබූ පුණ්‍ය ශක්තිය නැවත මතු වී සියලු භික්ෂූන් වහන්සේලා ට දානය ලැබෙන්න ට තරම් බලවත් විය.

    සමහර විට බොහෝ සැපසම්පත් ඇති පවුලක ඉපදී අංගවිකල භාවයක් ලදහොත් එ ම සම්පත් නිසි ආකාරයෙන් ලැබිය නො හැකි වේ. ඒ උපධි විපත්තිය නිසා ය.

    පුංචි කුරුල්ලෙකු ට අත්තටු දෙක අහිමි වුවහොත්? ඌ ගේ ජීවිතය එ තැනින් කෙළවර වනු ඇත. නමුත් මිනිසකු ට තම අතපය අහිමි වුවහොත්....
    අංගවිකල උප්පත්තීන් ලබා ලෝකය ම ජයගන්න ට සමත් වූ පුද්ගලයන් ද, ලෝකයේ සිටින බව අමතක නො කළ යුතු ය.


    [FONT=&quot] අතපය කිසිවක් නැති ව මෙ ලොව එළිය දුටු මේ පුද්ගලයා ගේ නම "නික්". කුමක් හෝ කුසල කර්මයක් නිසා මිනිස් ලොව උපත ලැබුව ද, ඉතා විශාල අකුසල කර්මයක් ඔහු ගේ ජීවිතය පුරාවට වෙළී ඇති බව ඔබ ට අවබෝධ වනු ඇත. නමුත් කර්මය ඔහු කරුමයක් කරගන්නේ නැති ව ජීවිතය ජයගන්නා ආකාරය බලන්න.[/FONT]
    [FONT=&quot]
    අතපය සතර හොඳින් ඇති අප ට කළ නො හැක්කේ කුමක් දැ යි සිතා බලන්න. කර්මය ට ම තව තව ත් වෛර කරමින් ජීවත් වන්නේ ද, කර්මය අප ට අනුව පාලනය කර ලැබූ දුර්ලබ මනුසත්භාවයෙන් උපරිම ප්‍රතිඵල ලබන්නේ දැ යි සිතන්න.
    [/FONT]
    [FONT=&quot]
    දෙවියකු ට හෝ ශාස්තෘවරයකු ට යාඥා කිරීම හෝ කන්නලව් කිරීමෙන් අකුසල කර්ම විපාකවලින් මිදිය නො හැක. අකුසල කර්ම විපාකවලින් යම්තාක් දුර ට හෝ මිදිය හැකි වන්නේ තමා ගේ ම කුසල ශක්තිය තීව්‍ර කරගැනීමෙන් ම පමණි.
    [/FONT]











    කුමන කුසලයක් සිදු කළ ද, අනාගතයේ යම් භවයක අපාගත වීම ට සිදු වුවහොත්...
    [FONT=&quot] එය ට නම් පිළිතුර උතුම් නිවන් මගෙ හි ගමන් කර නිවන් අවබෝධ කර ගැනීම පමණි.[/FONT]
    කර්මය කරුමය ම නො වන බව සිහි තබා ගෙන උත්සහවත් ව කටයුතු කර බුද්ධෝත්පාද කාලයක ලැබූ මේ වටිනා මිනිස් ජීවිතයෙන් උපරිම ඵල ලබා ගැනීම ට සියලු දෙනා ට ම හැකියාව ලැබේ වා!
    තෙරුවන් සරණ යි!

    http://buddharashmi.blogspot.com/2011/11/blog-post_10.html

     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තෙරුවන් සරණයි...!!
    ධර්ම දානයේ අානිශංස ලැබේවා...!!

    +rep