My 2 cents
1. යුද්දය කුමන හො අවස්තාවල බුදුදහම අනුමත කරන්නේද? උදා: ත්‍රස්තවදින් ගාතනය කිරිම
යුද්ධය යන්න ඔබ අදහස් කරන්නේ ජීවිත් ඝාතනය නම් එය දස අකුසල් වලින් එකකි එම නිසා බුදුදහම එය අනුමත නොකරයි.
2. වේතනාව යහපත් උවත් ක්‍රියාව අයහපත් නම් විපක කේබදු ද? (උදා: අසල්වාසි වත්තකින් පොල් ගෙඩියක් හොරකම්
කරනවා තම පවුල රැක ගැනිමට එම පුද්ගලය තම ක්‍රියාවද යහාපත් බව සිතයි)
මෙතන කාර්ම දෙකක් තියනව 1> හොරකම් කිරීම - පාප කර්මයක් 2> තම පවුල රැක ගැනිම පුණ්‍ය කර්මයක්
3. කර්මය ශුන්‍ය කර හැකිද? රහත් වුනා කියන්නෙ එසේ නොවෙද?
රහත් වුනා කියන්නෙ කර්ම රැස් කිරීම නැවතුන විටයි, කර්මය ශුන්‍ය වන්නේ පිරිනිවීමෙන් කියල හිතන්න පුළුවන් නමුත් 100% දන්නෙ නෑ
4. පෙර අත්මයක නොදත් වරදකට දඩුවම් ලැබිම කොතරම් දුරට සාදාරනද?
සාධාරණ/අසාසාධාරණ කියන්නේ සම්මුතීන්, මේවා සාපේක්ෂයි කාර්ම විපාක වලට සම්මුතිමය බලපෑමක් නැහැ.
5. මම හොදයි හිතගෙන කරන දෙයක් තව කෙනෙකුට නොදැනුවත්ම හො වරදක් වෙනවා න්ම් කර්මය බලපන්නෙ කෙසෙද? ( අනෙකාට අයහපත්ක් වන බව නොදනි)
අන් අය අදාල නැත, කර්මය යනු චේතනාවයි, ඔබගේ චේතනාව යහපත් නම් පුණ්‍ය කර්මයක්ද, අයහපත් නම් පාප කර්මයක්ද සිදුවෙයි.
6. මම උන පුද්ගලයකු නොමැති නම් කර්මය විපක විදින්නෙ කවුරුන්ද? කර්මය තන්පත් වනෙනේ කොහෙද?
මම කියන්නේ බාහිර සහ අභ්‍යන්තර ස්පර්ශයේදී ඇතිවන සිතේ අවිද්‍යා තෘෂ්ණා නිසා ඇතිවෙන හැගීමක් විතරයි විපක විදින්නෙ සිතයි. විපාක, වලට මම අදාල නොවේ. කර්මය කියන්නේ ශක්තියක් ලෝකය කර්මය මත පවතී. ඔබගේ කර්මය කියන්නේ ඔබගේ ලෝකය පවත්වාගෙන යන ශක්තියයි, එහි ගබඩාව හරි හැටි නොදනී
7. කුඩා කල එතරම දනුමක් නොමැතිව කරන ලද කර්මයන්ට ලැබෙන විපාක අඩුද?
ඉහත 5ට දුන්න පිලිතුර මෙතෙන්ටත් අදාලයි.
8. ලෝක තල 31ක් බුදු දහමෙ කියවෙනවා, මෙවා සැබැ ස්තානයන්ද? නති නම් මනසික තත්වයන්ද? ආනත්ම නම් ආපායෙ දුක් විදින්නේ කෙසෙද?
මේවා කර්මජ මානසික තත්වයන්, අපායේ දුක් විදින්නෙත් සිතයි